මේ ආණ්ඩුව නැවත ජනමාධ්‍ය මර්දනයකට යාමේ ඉඩක් තිබෙනවා! – අජිත් පැරකුම් ජයසිංහ

දැන් බලයේ ඉන්නේ කළු ජනවාරිය නිර්මාණය කළ පිරිස මයි. ඔවුන් විසින් ICCPR  පනතෙහි නීති අපහරණය කෙරෙමින් ජනමාධ්‍යවේදීන්ට එරෙහිව කටයුතු කරන බව අජිත් පැරකුම් මහතා ප්‍රකාශ කරයි.

ඔහු මේ බව සදහන් කර සිටියේ කොළඹ ජානකී හෝටලයේ දී අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය මගින් අද දින [02] පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවේදී ය. මෙහි ප්‍රධාන තේමාව වූයේ “තවත් ජනවාරි ඉවරයි,මාධ්‍යවේදීන් වෙනුවෙන් නැගී සිටිය යුතුය” යන්නයි.

අජිත් පැරකුම් ජයසිංහ මහතා එහිදී තවදුරටත් මෙසේ අදහස් පැවසීය.

“මාධ්‍ය මර්දනය තෝරාගත් ආකාරයකින් සිදු කරන අතර ICCPR සම්මුතිය නොතකා හැර රජය මගින්, රජයට  සම්බන්ධ හිතවතුන් මගින්, රජයට සම්බන්ධ හෝ නොවන බලවත් ආගම නායකයින් අතින්ද මෙය සිදුකෙරෙනවා. නමුත් මේ අයට විරුද්ධව කටයුතු කිරීමට පනත භාවිතා වන්නේ නැහැ. නමුත් ඉතා සුළු සිද්ධි පාදක කොටගෙන ජනමාධ්‍යවේදීන්ට, ලේඛකයන්ට, කලාකාරයින්ට එරෙහිව මේ පනත පාවිච්චි කරලා තියෙනවා. ඒක මේ මොහොතේ රජයේ ජනමාධ්‍ය පාලනය ප්‍රධාන උපාය මාර්ගයක් වෙලා තියෙනවා. පසුගිය කාලයේ සිදුවූ එක්නැලිගොඩ, ලසන්ත වික්‍රමතුංග ඝාතන වැනි සිද්ධීන් සම්බන්ධයෙන් ඒවා සිදුකළ පුද්ගලයන් අධිකරණය හමුවට ගෙනවිත් ඔවුන්ට සාධාරණය, යුක්තිය ඉෂ්ට කරලා නැහැ.”

අවසාන වශයෙන් ඒ මහතා මෙසේ ප්‍රකාශ කලේය. ආණ්ඩුව මේ මොහොතේ මුහුණ දී තිබෙන තත්ත්වය මත ආණ්ඩුවේ උපාය මාර්ගයන් මහජන මතය හමුවේ හකුලා ගැනීමට සිදුවන තත්ත්වය සමඟ ඇත්තටම අපට සැකයක් තිබෙනවා ආණ්ඩුව කුමන චර්යාවකට මාරු වෙයි දැයි කියා, ඔවුන් මේ මොහොතේ හෝ නීතිය පාවිච්චි කරලා විපක්ෂය මාධ්‍ය මර්දනය කරමින් කටයුතු කරමින් සිටින නිසා ඔවුන් ගේ ඉතිහාසය තිබෙනවා අවනීතිය මගින් ජනමාධ්‍ය මර්ධනය කරපු ඒ නිසා මෙහෙම ඕනේ ආණ්ඩුව ඒ වගේ තැනකට තල්ලු වීමේ අවධානමක් තියෙන නිසා අප ජනමාධ්‍යවේදීන් වශයෙන් ආරක්ෂා වීම හා මර්ධනය කැඳවා ගැනීම සඳහා දේවල් නොකළ යුතුය.

Social Sharing
නවතම