2018 වර්ශයේ අප්‍රෙල් මාසය හා සැප්තැම්බර් යන කාල වකවානුව තුල එවකට පැවති මානව හිමිකම් කොමිසම තුළින් ලංකාවේ බන්ධනාගාර හා රැඳවියන් පිළිබඳව අධ්‍යනයක් සිදු කරන ලදි. මෙහිදී ඔවුන්ගේ බන්ධනාගාර ඇතුලත ජීවන තත්වය, සනීපරක්ශාව, මානුෂීය ගණුදෙනු, අහාර පාන යනාදිය හා සිරකරුවකු සපුරාලිය යුතු අවශ්‍යතා හා අයිතිවාසිකම් පිළිබඳව දත්ත එකතු කිරීමක් හා එවාට අදාලව නිර්දේශයන් ඉදිරිපත් කිරීමක් මෙම අධ්‍යන වාර්ථාව මගින් ලබා දී ඇත. මානව හිමිකම් කොමිසම විසින් මෙය ඉංග්‍රිසි භාෂාවෙන් සකස් කර ඇති අතර වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුව විසින් එහි දෙමළ හා සිංහල පරිවර්ථනයන් සිදු කර එළිදැක්වීම ජනවාරි 25 දින කොළබ…
Read MoreTag: prisoners human rights
මගේ තාත්තට, ජේලර්ලා ගහලා මරලා දාලා
‘මගේ තාත්තා ඇඹිලිපිටිය, කඳුරුගස් ආර එළිමහන් සිර කඳවුරේ තමයි රඳවලා හිටියේ. ඒ කඳවුරේ ඉඳලා තාත්තා මට ජේලර් මහත්වරුන්ගේ දූරකථනවලින් නිතරම කථා කලා. ඊට පස්සේ ඒ මහත්තුරු මට රෑට කතාකරලා එක එක අයුතු යෝජනා කළා. මට තාත්තා 2022. 01. 10 වනදා අංක 070-5882314 දූරකතනයෙන් කථා කළ වෙලාවේ මං තාත්තට ඒගැන කීවා. මීටපස්සේ මට ජේලර් මහත්වරුන්ගේ පෝන්වලින් මට කථා කරන්න එපා, ඒ අය දිගින් දිගටම මෙහෙම කථා කලොත් මගේ පවුල් ජීවිතය අවුල් වේව් කියලා මම තාත්තට කිව්වා. ඊට පස්සෙ තාත්ත ඇහුව කවුද මොකක්ද වුනේ කියා. උන්ගෙ අම්මට කියලා මගෙත් එක්ක බැන වැදුනා.…
Read Moreඑමිල් රංජන්ට මරණ දඬුවම!
2012 වර්ෂයේ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් ඝාතනයට අදාළ නඩුවේ තීන්දුව දෙමින් ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි හා මංජුල තිලකරත්න යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණය විනිසුරු මඩුල්ල හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවාට මරණ දඬුවම නියම කළේය. මෙම නඩුව පසුගිය 12 දා කැඳවූ අතර එහිදී චෝදනා ලැබ සිටි අනෙක් විත්තිකරු වූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව නිදොස් කොට නිදහස් කරන ලදී.
Read Moreබදුල්ල බන්ධනාගාරයේ රැඳවියන්ට කල පහර දීම බලධාරීන් වසන් කලාද?
පසුගිය මානව හිමිකම් දිනය දා බදුල්ල බන්ධනාගාරයේ මුස්ලිම් රැඳවියන්ට කල පහර දීම වසං කිරීමට බදුල්ල මානව හිමිකම් කොමිසමේ කාර්යාලය සහ බදුල්ල බන්ධනාගාරය ක්‍රියා කළ බව හෙළි දරව් වී තිබේ. ඒම හෙළිදරව්ව ඇතුළත් වන්නේ එලෙස පහර කෑ රැඳවියන්ගේ ඥාතීන් විසින් මඩකලපුව මානව හිමිකම් කොමිසමට කරන ලද පැමිණිල්ලකිනි. මෙම පහර දීම ගැන ආංරචි වූ ඥාතීන් විසින් බදුල්ල මානව හිමිකම් කොමිසමෙන් කරන ලද විමසීමට පිලිතුරු වහයෙන් කියා ඇත්තේ එම රැඳවියන්ට පහර දීමක් සිදුව නැති බවයි. බදුල්ල බන්ධනාගාර බලධාරීන්ද දී ඇත්තේ එම පිළිතුරමය. එසේ නමුත් එම රැඳවියන්ගේ ඥතීන් ඔවුන් බැලීමට ගිය විට දැක ඇත්තේ…
Read Moreවැලිකඩ රැඳවියන් ඝාතන නඩුවේ තීන්දුව ජනවාරි 6
වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් සමුහ ඝාතනය කළ බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ හිටපු පොලිස් පරීක්‍ෂකවරයකුට සහ මැගසින් බන්ධනාගාරයේ හිටපු අධිකාරීවරයාට එරෙහි නඩුවේ තීන්දුව ලබන වසරේ ජනවාරී මස 06 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට එම නඩුව විභාග කරන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේය. මෙම නඩුව සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව එලෙස තීරණය කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නඩු විභාගයක් අවසන්වී දින 10ක් තුළ තීන්දුව ප්‍රකාශයට පත් කළ යුතු වුවත් මෙම නඩුවේ පැමිණිල්ල හා විත්තිය වෙනුවෙන් සාක්කිකරුවන් බොහෝ දෙනෙකු සාක්කි දී ඇති හෙයින් එම සාක්කි විශ්ලේෂණය කිරීම ඇතුළු කරුණු…
Read Moreකොරෝනා සමග අතුරුදහන් වුණ සිරගෙදර මනුස්සකම!
(සිරකරුවන්වීම නිසා රෝගීන්ට වෙනස්කොට සැලකීම ගැන කතාවක්!) – පුෂ්පා වීරසේකර 1897 අංක 03 දරණ නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනතේ ප්‍රතිපාදන අනුව, කොවිඩ් රෝගයට ගොදුරුවන සිඟන්නාගේ පටන් කෝටිපතියන් දක්වාවූ සියලු රෝගීන් සම වරප්‍රසාද ලැබීමට හිමිකරුවෝය. සිපිරිගෙදර තාප්පයේ ‘සිරකරුවෝද මනුෂ්‍යයෝ’ යැයි ප්‍රසිද්ධ කර ඇතත් සිරගතව සිට කොරෝනා රෝගයට ගොදුරුවූ රැදවියන් පවසන්නේ තමන් රෝගීන් වුවද, රැඳවියන් වීම නිසා තමන්ට බන්ධනාගාරය තුළදී මනුෂ්‍ය සැලකුම් නොලැබුණ බවය. එසේම රෝගියෙකුට මුහුණදීමට අපහසු අමනුෂ්‍ය සැලකුම්වලට මුහුණදීමට සිදුවුණ බවය. අනුරාධපුර හා වාරියපොළ බන්ධනාගාරවල සිට එම අත්දැකීම්වලට මුහුණදුන් ඔවුන්ගේ දුක්ගැනවිල්ල තියුණුය. එයිනුත් කොරෝනා ආරම්භයේ සිටම ආන්දෝලනයට ලක්වූ අනුරාධපුර…
Read Moreලංකාවේ බන්ධනාගාර තුල මැන්ඩෙලා ප්‍රමිතීන් තියා මූලික ප්‍රමිතීන්වත් නෑ – අම්බිකා සත්ගුණනාදන්
2018 වසරේදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පිලිබඳව ජාතික අධ්‍යයනයක් සිදු කළේය. මෙයට පාදක වූයේ බන්ධනාගාර, සිරකරුවන් හා බන්ධනාගාර නිලධාරීන්වය. ඊට අමතරව රාජ්‍ය ආයතන හා ස්වාධීන ආයතන මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන වලද මෙහිදී සහාය කර ගන්නා ලදි. මෙම ජාතික අධ්‍යයන වාර්තාව මෙහෙය වුයේ එවකට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සිටි අම්බිකා සත්ගුණනාදන් මෙනෙවිය විසිනි. ඇය සිය අත්දැකීම් ශ්‍රී ලංකා බන්ධනාගාර මැන්ඩෙලා ප්‍රමීතීන් අනුගමනය කරන්නේද? යන මැයෙන් අයිතිය වෙබ් අඩවිය හා කළ සාකච්ඡාවක් ඇසුරෙන් මෙම ලිපිය සැකසුණි. බන්ධනාගාර වල තත්ත්වය කෙබඳුද? ශ්‍රී ලංකාවේ බන්ධනාගාර වල මැන්ඩෙලා…
Read Moreමනුෂ්‍යයින් අමනුෂ්‍යයින් කරන ලංකාවේ බන්ධනාගාර!
පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති අසේල සම්පත් මහතා නිවසේ රැඳී සිටියදී 2021- 06-26 දා රාත්‍රියේ වෑන් රථයකින් පැමිණි පිරිසක් නිවසට කඩා වැදී නිවසේ බඩු භාණ්ඩ කඩා බිඳ දමා අසේල සම්පත් මහතාව පැහැර ගෙන ගොස් තිබුණි. මේ පැහැර ගැනීමත් සමඟ ඔහුගේ දියණිය ඒ සම්බන්ධව සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කර තිබුණි. පසුව හෙළි වුයේ අසේල සම්පත් මහතාව ගෙන ගොස් තිබුණේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් බවය. ඒ මොහුට විරුද්ධව ලැබී තිබු පැමිණිල්ලක් සම්බන්ධයෙනි. අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කෙරුණු අසේල සම්පත් මහතාව පසු දින ඇප මත මුදා හැර තිබුණි. මේ ආකාරයෙන් පොලිස් අත්අඩංගුවට…
Read Moreශ්‍රී ලංකාවේ බන්ධනාගාර මැන්ඩෙලා ප්‍රමිතීන් අනුගමනය කරනවාද? | Ambika Satkunanathan
සැකකරුවන් මිය යාම සම්බන්ධ පරීක්ෂණ කිරීමට වෙනම ඒකකයක් අවශ්‍යයි – ජනාධිපති නීතිඥ සාලිය පීරිස්
තමුන්ගේ භාරයේ සිටින පුද්ගලයන්ගේ ආරක්ෂාව හා වගවීම සම්බන්ධයෙන් පොලීසියට වගකීමක් තිබෙන අතර පොලිස් අත් අඩංගුවේ පසුවෙන පුද්ගලයෙකු පොලීසිය අතින් මරණයට පත් වුණොත් එය පිළිබඳව වෙනම පොලිස් ඒකකයක් විසින් විමර්ශනය කළ යුතු නමුත් කණගාටුවට කරුණ ඔවුන් වෙනුවෙන් පරීක්ෂණ පවත්වන්නේ එම ඝාතනය සිදු කළ පොලිස් ස්ථානය විසින්ම බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරීස් මහතා පවසයි. එසේම ඒ මහතා පෙන්වා දෙන්නේ පොලිස් භාරයේ සිටින අයෙකු මරණයට පත් වුනොත් ඒ පිළිබඳව අපක්ෂපාතී, ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු නමුත් අවාසනාවට ශ්‍රී ලංකාවේ එවැනි තත්ත්වයක් ක්‍රියාත්මක නොවන බවත් ඒ වෙනුවෙන් පොලිස් ඒකකයක් ලංකාවේ…
Read More