2012 වර්ෂයේ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් ඝාතනයට අදාළ නඩුවේ තීන්දුව දෙමින් ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි හා මංජුල තිලකරත්න යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණය විනිසුරු මඩුල්ල හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවාට මරණ දඬුවම නියම කළේය.
මෙම නඩුව පසුගිය 12 දා කැඳවූ අතර එහිදී චෝදනා ලැබ සිටි අනෙක් විත්තිකරු වූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව නිදොස් කොට නිදහස් කරන ලදී.