මහර බන්ධනාගාරය තුළ සිදු කළ ආකාරයේ සමුහ ඝාතනයක් බුස්ස බන්ධනාගාරය තුළත් සිදු කිරීමේ උත්සාහයක් පවතින්නේදැයි සිරකරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින මෙරට ප්‍රමුඛතම සංවිධානයක් සැක මතු කර තිබේ. එම සැකය මතුවී ඇත්තේ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ පුද්ගලයන් රඳවා තබා ගැනීම සඳහා පාවිච්චි කළ බූස්ස බන්ධනාගාරය “දරුනු ගනයේ අපරාධකරුවන්” ලෙස හැඳිවෙන පිරිසක් සිර කොට තැබීමට යොදා ගැනීම සමගයි. “මේ උත්සාහ කරන්නෙත් මහර බන්ධනාගාරයේ වගේ රැඳවියෝ කුපිත කරලා විශාල රැදවියෝ පිරිසක් ඝාතනය කරන්නද කියලා අපිට සැකයක් මේ වෙන කොට මතුවෙලා තියනවා. ” බන්ධනාගාර තුළ සමුහ සාතන සම්බන්ධයෙන් පුර්වාදර්ශ කිහිපයක්ම පවතින බව සිරකරු අයිතිවාසිකම්…
Read MoreTag: prison violence
වෙසක් පෝයට කලින් සිරකරු සමාලෝචන නීතිය යළි ගේනවා! – බන්ධනාගාර රාජ්‍ය ඇමති
වසර විස්සක කාලයකින් ක්‍රියාත්මක වී නොතිබුණු බන්ධනාගාර සිරකරු සමාලෝචන වැඩසටහන යළි බලාත්මක කිරීමට කටයුතු කරන බව බන්ධනාගාර කළමණාකරණ හා සිරකරුවන් පුනරුත්තාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් ලොහාන් රත්වත්තේ මහතා පවසයි. නීතියක් වශයෙන් පවතින මෙම ක්‍රියාදාමය තුළින් මරණ දඬුවම හිමිව ඇති සිරකරුවන්ට ජීවිතාන්නත දක්වා සිරදඩුවම් ලබාදීමටත් ජීවිතාන්තය දක්වා සිරගත කර ඇති පිරිස් ඔවුන්ගේ කල් ක්‍රියාව අනුව වසර විස්සක සිරඳඩුවමකට සීමා කළ හැකි යැයි ගැටඹේ පැවැති විදේශ සේවා කොන්සියුලර් කාර්යාලය විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කීවේය. මහර බන්ධනාගාරයේ ගැටුම පිළිබඳව කළ විමර්ශන වාර්තාව තමන් අතට ලැබී…
Read Moreහිරගෙදර බුද්ධි නිලධාරීන්ට කැරලි මර්දන පුහුණුවක් දීමේ සැලසුම්!
කැරලි මර්දනය ඇතුළු “විශේෂිත රාජකාරි” වෙනුවෙන් බන්ධනාගාර බුද්ධි ඒකකය ප්‍රතිසංවිධානය කිරීම සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. බන්ධනාගාරයේ දැනට ක්‍රියාත්මක වන බුද්ධි ඒකකය එම කාර්ය සදහා පමණක් සීමා නොවී, විශේෂ ගණයේ සිරකරුවන්/සැකකරුවන් ආරක්ෂා කිරීම, කැරැලි මර්දනය කිරීම, ආරක්ෂක රාජකාරි සිදු කිරීම වැනි කාර්ය සදහා ද යෙදවිය හැකි වන පරිදි ප්‍රතිසංවිධානය කිරීමේ අවශ්‍යතාව හදුනාගෙන ඇති බවයි රජය පවසන්නේ. ඒ අනුව සාමාන්‍ය බන්ධනාගාර නිලධාරීන් විසින් සිදු කරනු ලබන රාජකාරිවලට අමතරව හදුනාගත් විශේෂිත රාජකාරි පැවරීමට හැකි වන පරිදි දැනට ක්‍රියාත්මක වන බන්ධනාගාර බුද්ධි ඒකකය ” ශ්‍රී ලංකා බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්රමික බලකාය ”…
Read Moreමහර සමූලඝාතනයේ “සාක්ෂි විනාශ කිරීමේ උත්සාහයක්”
එකොලොස් දෙනෙකු වෙඩි තබා මරා දැමූ මහර බන්ධනාගාර සමූලඝාතනය ඇසින් දුටු සාක්ෂිකරුවන්ට වධහිංසා පමුණුවමින් ඔවුන් බන්ධනාගාරය තුළ බලහත්කාරයෙන් සිරකොටගෙන සිටින බවට බන්ධනාගාර පාලනාධිකාරියට එරෙහිව චෝදනා එල්ල වී තිබේ. උසාවිය සහ රහස් පොලිසිය විමර්ශන පවත්වද්දී සාක්ෂිකාර රැඳවියන්ට බලපෑම් සහ වධහිංසා පමුණුවමින් බලහත්කාර ප්‍රකාශ ලබා ගැනීමේ උත්සාහයක් පවතින බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය ජනාධිපතිවරයාටද දන්වා යවා තිබේ. අධිකරණය විසින් ඇප ලබා දී තිබියදීත් මාස දෙකකට අධික කාලයක් තිස්සේ සිය පුතු නිදහස් නොකොට රදවාගෙන සිටින බවට එක් පියකු චෝදනා කළේ රැඳවියන්ට හිංසා කිරීම වහා නවතනු තේමාව පෙරටු කරගනිමින් ගම්පහ දිසා අධිකරණය ඉදිරිපිට දියත්…
Read Moreදේශපාලන සිරකරුවෙකු වන දේවදාසන්ගේ ආහාර වර්ජනය තාවකාලිකව නවතියි.
පසුගිය දින 10 ක කාලය තුළ ආහාර වර්ජනය කිරීමේ අරගලයක් සිදු කළ දේශපාලන සිරකරුවෙකු වන කනකසබේ දේවදසන් නොහොත් නාඩන් බන්ධනාගාර අධිකාරීගේ පොරොන්දුව අනුව පළමු සති 3 සඳහා සිය විරෝධය අත්හිටුවා තිබේ. අභියාචනා නඩුවේ කඩිනම් නඩු විභාගයක් කළ නොහැකි නම් තමාට ඇප ලබා දෙන ලෙස ඉල්ලා නිව් මැගසින් බන්ධනාගාරයේ දේශපාලන සිරකරුවෙකු වන ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාවේ හිටපු අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන කනකසබේ දේවදසන් (වයස 64) ජනවාරි 6 සිට උපවාසයක යෙදී සිටී. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය බරපතල වූ අතර ඊයේ (16) දින පෙරවරු 10 ට බන්ධනාගාර අධිකාරී සහ සහකාර අධිකාරී සහ දේවදසන් අතර…
Read Moreමහර සිද්ධියේ සාකෂිකරුවන්ට බලපෑම්!
මහර බන්ධනාගාරය තුල සිටින්නේ රැඳවියන්ගේ ඝාතන සියැසින් දුටු සාක්ෂිකරුවන් බවත් ඔවුන්ගේ සාක්ෂි විනාශ කිරීමේ පසුබිමක් දැන් එහි මතු වෙමින් පවතිනා බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ප්‍රධාන ලේකම් සුදේශ් නන්දිමාල් මහතා පවසයි. මහර බන්ධනාගාර මේ සාක්ෂිකරුවන්ට දැන් සිටීමට සිදුව ඇත්තේ මිනීමරු නිලධාරීන් සමඟ බවත් ඔවුන්ට අවම වශයෙන් මේ වනතුරු ස්ථාන මාරුවක්ද ලබා දී නොමැති බව ඔහු පවසයි. මේ වන විට මහර රැඳවියන්ට පහර දෙමින්, ආහාර පාන නොදී ඔවුන්ට මෙහෙම කියපන්, මෙහෙප කියපන් කිය කියා අඩත්තේට්ටම් කරන බවට තොරතුරු ලැබී ඇතැයිද හෙතෙම කිහ. විමල් වීරංශ කියු පෙති කථාවම බන්ධනාගාර මාධ්‍ය ප්රකාශකවරයාද තහවුරු…
Read Moreමහර බන්ධනාගාරයේ සිද්ධියේ පුර්ණ වාර්තාව ඇමති අතට!
මහර බන්ධනාගාරයේ පහුගිය නොවැම්බර් 29 දා ඇති වු සිද්ධිය පිළිබදව සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා විසින් පත් කළ කමිටුවේ පුර්ණ වාර්තාව එම කමිටුවේ සාමාජිකයින් විසින් අද පස්වරුවේ (30) අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා වෙත භාරදීම දුන්හ. කමිටුවේ සභාපතිනි හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය විසින් අදාළ වාර්තාව අමාත්‍යතුමා වෙත භාරදීම සිදු කළාය. අදාළ කමිටුව අධිකරණ අමාත්‍යවරයා විසින් 2020.11.29 වන දින පත් කරන ලදි. කමිටුව වෙත උපදෙස් ලබාදී තිබුණේ මසක් තුළ සිද්ධිය පිළිබදව වු පුර්ණ වාර්තාවක් ලබා දෙන ලෙසයි.…
Read Moreමහර වෙඩි තියන්න ගිනි අවි 53 ක් භාවිතා කරලා?
මහර බන්ධනාගාරයේ ඇති වු සිද්ධියේ උණුසුම තවමත් අප අතර ඇත්තේය. මෙහිදී රැඳවියන් 107 කු තුවාල ලබා 11 කු මිය යාම සම්බන්ධයෙන් මේ වන විටවත් කිසිවෙකුට සාධාරණයක් ඉටු වී නොමැත. තවමත් සියල්ල පවතින්නේ විමර්ශන මට්ටමේය. නමුත් මේ ගැටුම පිලිබඳ සෙවීමට අධිකරණ අමාත්‍ය අලී සබ්‍රීමහතා විසින් පත් කරන ලද පංච පුද්ගල කමිටුවේ අතුරු වාර්තාව නම් පහුගිය දිනෙක අමාත්‍යවරයා වෙත භාර දී තිබුණි. එහිදී පැහැදිලිව සඳහන් කර තිබුණේ රැඳවියන්ගේ ආරක්ෂාව පතා සිදු කළ මෙම උද්ඝෝෂණය සාධාරණ බවය. ඊට හේතු ලෙස සඳහන් කර තිබුණේ රැඳවියන් අතර කොවිඩ් ව්‍යාප්තිය, බන්ධනාගාර තදබදය, ආහාර ගැටළුව, පානීය ජල…
Read Moreමහර වෙඩි තැබීමෙන් මිය ගිය ජා-ඇල රැඳවියාගේ ඛේදවාචකය!
මහර බන්ධනාගාරයේ පහුගිය 29 දා ඇති වු ගැටුමෙන් මිය ගිය රැඳවියන් 11 නා අතර ජා ඇල, කලුපාලම, දුම්රිය රක්ෂිතයේ ජීවත් වූ පුද්ගලයෙකුද විය. ඔහු නමින් සම්පත් පුෂ්පකුමාරය. විසි නව හැවිරිදි සම්පත් තිදරු පියෙකි. බස් රථ වල ගීත ගායනා කිරීම වෘත්තිය කර ගත් සම්පත් මිට මාස පහකට පමණ ප්‍රථම මත්කුඩු සම්බන්ධ චෝදනාවක් සම්බන්ධයෙන් ජා-ඇල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන 54 වගන්තිය යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අයෙකි. සම්පත් මහර බන්ධනාගාරයේ දිවි ගෙව්වද ඔහුගේ දරුවන් දැන් සිටියේ තම පියා රට ගොස් ඇති බවකි. බන්ධනාගාර වෙඩි තැබීමෙන් එම දරුවන් තිදෙනාට දැන් සිය පියා…
Read More“මහර දී නිළධාරීන් ක්‍රියාත්මක වූයේ බන්ධනාගාර ආඥාපනත අනුවයි” ලෝහාන් රත්වත්තේ
“මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙන්නේ අතුරු වාර්තාවක්. ඒ අනුව එම අතුරු වාර්තාව පදනම් කරගෙන මහර බන්ධනාගාරය තුළ පැවති ගැටළු නිරාකරණය කිරීම සදහා අප මේ වන විට පියවර අරගෙන තිබෙනවා. මේ වන විට මහර බන්ධනාගාරය තුළ පැවිති සියලුම ගැටළු නිරාකරණය කොට තිබෙනවා” යැයි බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය ආමත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අඟුණකොළපෑලැස්ස බන්ධනාගාරයේ දී පැවසීය. බන්ධනාගාර ගතව සිටින රැඳවියන් සමඟ ඔවුන් ගේ පවුල් වල අයට සම්බන්ධ වීම සදහා නව බහුවිධ මාධ්‍ය ඒකකයක් 15 දින විවෘත කිරීමේ උත්සවයට සහභාගි වීමෙන් අනතුරුව ඇමති වරයා එසේ පැවසීය.…
Read More