මහර සිද්ධියේ සාකෂිකරුවන්ට බලපෑම්!

මහර බන්ධනාගාරය තුල සිටින්නේ රැඳවියන්ගේ ඝාතන සියැසින් දුටු සාක්ෂිකරුවන් බවත් ඔවුන්ගේ සාක්ෂි විනාශ කිරීමේ පසුබිමක් දැන් එහි මතු වෙමින් පවතිනා බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ප්‍රධාන ලේකම් සුදේශ් නන්දිමාල් මහතා පවසයි.

මහර බන්ධනාගාර මේ සාක්ෂිකරුවන්ට දැන් සිටීමට සිදුව ඇත්තේ මිනීමරු නිලධාරීන්  සමඟ බවත් ඔවුන්ට අවම වශයෙන් මේ වනතුරු ස්ථාන මාරුවක්ද ලබා දී නොමැති බව ඔහු පවසයි.

මේ වන විට මහර රැඳවියන්ට පහර දෙමින්, ආහාර පාන නොදී ඔවුන්ට මෙහෙම කියපන්, මෙහෙප කියපන් කිය කියා අඩත්තේට්ටම් කරන බවට තොරතුරු ලැබී ඇතැයිද හෙතෙම කිහ.

විමල් වීරංශ කියු පෙති කථාවම බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයාද තහවුරු කරමින් මොවුන් පෙති බී එකිනෙකා ගහගෙන ඇති බව පැවසු බවත් මේ ආකාරයට ට දිගින් දිගටම මේ ඝාතන වසන් කරන්නට උත්සහ කළ බවද ඔහු පෙන්වා දෙයි.

අද අත පය කැඩි බිඳී සිටින රැඳවියන්ට පවා විවිධ බලපෑම් කරමින් සාක්ෂි විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බවත් මෙවැනි තත්ත්වයක් ඇති නොවීමට විෂය භාර අමාත්‍යවරයා පියවර ගත යුතුව ඇතැයිද සුදේශ් නන්දිමාල් මහතා පවසයි.

මෙම සිදුවීම ආණ්ඩුවට විශාල පහරක් බවත්, මේ සියලු දේ යන්නේ ජනාධිපතිවරයාගේ කරපිටින් බවත්  දිගින් දිගටම මෙය සිදුවුහොත් මේ රටේ ඇති ප්‍රජාත්‍රන්තවාදය කුමක්දැයි ඔහු ප්‍රශ්න කර සිටියි.

පොලිසිය අද තැතින් තැන සැකකරුවන් මරා දමන බවත්, කුඩු නැති සැකකරුවන්ට කුඩු දමා බන්ධනාගාර ගත කරන බවත් මේ විනාශ කරන්නේ තරුණ ජිවිත බවද ඔහු කියා සිටියි.

Social Sharing
නවතම