“අයිතිය” හෙළිදරව්වෙන් ඇහැරුණ මිරිහාන පොලීසිය.

Sarath Weerasekera Mirihana Police Station

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම් ඉන්දික කෝරළගේ මහතාගේ පුත්‍රයා වන ඉසිර කෝරළගේ සංගීත සාදයක් අවසන පුද්ගලයින් දෙදෙනෙකුට පහර දී, ඔවුන් එම සංගීත සාදයට පැමිණි කාර් රථයට අලාභ හානී කිරීම සම්බන්ධයෙන් මිරිහාන පොලීසිය වෙත කර තිබුණ පැමිණිල්ලක් දවස් 10කට පමණ පසුව ‘අයිතිය‘ වෙබ් අඩවිය එම සිද්ධිය හෙළිදරව් කිරීමත් සමග විභාගයට ගෙන සමථයකට පත් කර ඇත. “නීතිය අතටගෙන රඟන වීරසේකර ගෝලයෝ” (https://www.aithiya.lk/12700/minister-sarath-weerasekara-abuses-the-law/)මැයෙන් දෙසැම්බර් 29 දා රාත්‍රියේ කිඹුලාවල ප්‍රදේශයේදී සිදුවූ මෙම සිදුවීම අප වාර්තා කළ පසු, ඒ වෙනතුරු ගැඹුරු නින්දක පසුවූ මිරිහාන පොලීසිය අවධිව පසුගිය ජනවාරි 12 දා දහවල් දෙපාර්ශවය පොලීසිය වෙත ගෙන්වා…

Read More

නීතිය අතටගෙන රඟන වීරසේකර ගෝලයෝ.

Minister Sarath Weerasekara abuses the law

අප දැන් කතා කරන්නට යන්නේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය ගැනය. නමේ හැටියට නම් මෙම අමාත්‍යාංශයෙන් කළ යුතු රාජකාරිය වන්නේ මහජනයාගේ ආරක්ෂාව තහවුරු කිරීමය. නීතියේ පාලනය පවත්වාගෙන යෑමය. මහජන ආරක්ෂාව භාර පොලීසිය එම රාජකාරිය නිසි පමණ ඉටුකරනවා දැයි ඇස ගසා සිට එම රාජකාරිය නිසි අයුරින් කිරීමට අවැසි මඟපෙන්වීම් එම දෙපාර්තමේන්තුවට ලබාදීම මෙම අමාත්‍යාංශය භාර රාජකාරියයි. එහෙත් මහජනයා ලෙස අප බලාපොරොත්තු වෙන එම වැඩ කොටස මේ අමාත්‍යාංශයෙන් වර්තමානයේ සිදුවෙනවාද? එය විශාල ප්‍රශ්නයක් ය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ මෙම අමාත්‍යාංශය භාර අමාත්‍යවරයා ලෙස සේවය කරන්නේ හිටපු හමුදා ප්‍රධානියෙක් ය. ඔහු අපි කවුරුත් දන්න රියර්…

Read More

ලංකාවේ හදිසි අනතුරු නිසා දොළොස් දහසක් මරුට.

Twelve thousand die in accidents in Sri Lanka

හදිසි අනතුරු නිසා ශ්‍රී ලංකාවේ  වාර්ෂිකව පුද්ගලයන් දොලොස් දහසක් පමණ මිය යන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝනොවන රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග පවසන්නේ හදිසි අනතුරු නිසා වාර්ෂිකව රජයේ රෝහල්වලට නේවාසිකව ප්‍රතිකාර සදහා ඇතුළත් වන පුද්ගලයන් ගණන ලක්ෂ 13 ක් පමණ වන බවයි. ඔහු ඒ බව සදහන් කර ඇත්තේ උත්සව සමයේ සිදුවන අනතුරු අඩු කිරීම සදහා ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් දෙසැම්බර් 29 වැනිදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වු මාධ්‍ය හමුවකට එක්වෙමිනි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇති පරිදි පසුගිය වසර කිහිපය තුළ වාර්තා වී ඇති හදිසි අනතුරුවලින් වැඩි ප්‍රමාණයක්…

Read More

ප්‍රජාව එක්ක ගනුදෙනු කරන හැටි මහජන ආරක්ෂක ඇමති පොලීසියට කියා දිය යුතුයි!

Harini Amarasuriya rear admiral sarath weerasekara

පොලීසිය තියෙන්නේ මිනිස්සුන්ට හිංසා කිරීමට නොව  මිනිස්සුන්ගේ ආරක්‍ෂාවට බවත්  පොලීසිය ගැන ඒ තියෙන විශ්වාසය කඩා වැටීම අතිශයින්ම භයානක තත්වයක් බව ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුවේ මෙහෙයුම් කමිටු සාමාජිකා, පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි. පොලීසිය  අපිව ආරක්‍ෂා කරන්න සිටින අතර අපේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න තියෙන තැන පොලීසිය බවද එහි ළමා හා කාන්තා ඒකකයක්  වෙනම ඇත්තේද  එතැනට යන ස්ත්‍රීන් හෝ ළමයින් ගේ ආරක්‍ෂාව තහවුරු කිරිම පිණිස බවද ඇය අවධාරණය කරයි. නමුත් ඒ තුළ ඉන්න නිලධාරීන්  මේ ආකාරයට හැසිරෙනකොට පොලීසිය සහ ඒ ආයතන පද්ධතිය පිළිබඳව ජනතාව තුළ කිසිදු විශ්වාසයක් ඇති නොවන අතර  පොලීසිය…

Read More

හරි දේ කරන පොලිසිය වෙනුවෙන් පෙනී සිටිනවා – මහජන ආරක්ෂක ඇමති

Represents the police minister of public security

නීතිය කඩ කරලා අත්අඩංගුවට ගන්න යන අයෙක් බිම දිගා වෙනවා නම් ඒ අවස්ථාවේදී බැටන් ප්‍රහාර නැතුව, වතුර ප්‍රහාර නැතුව, කඳුළු ගෑස් ගහන්නේ නැතුව කිසිම තුවාලයක් කරන්නෙ නැතුව උස්සගෙන ගිය පොලිස් නිලධාරීන්ට ඒ ක්‍රමය එපා නම් අත්අඩංගුවට ගන්න සුදුසු ක්‍රමය කුමක්දැයි විමසන බව  මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල  ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උද්ඝෝෂණ හා රැස්වීම් නැවැත්විය යුතුයි කියා පැහැදිලි නියෝගයක් පොලිසියට ලබා දුන් නිසා  පොලිසිය එදා උද්ඝෝෂණ නවත්තන්න කටයුතු කළ බවත් ඔවුන්ව නිරෝධනයට ගෙනිච්චෙ පොලිසියට අවශ්‍ය නිසා නොවන බවත් එසේ නිරෝධායනයට ගෙනිච්චෙ මහජන සෞඛ්‍යය සෞඛ්‍යය පරීක්ෂක…

Read More

පොලීසිය භාර ඇමතිට ස්ටාලින්ගෙන් අභියෝගයක්!

Joseph Stalin challenges Minister Sarath Weerasekara

අධ්‍යාපනය හමුදාකරණයට එරෙහිව අගනගරයේ  විරෝධතා දියත් කළ තමන් ඇතුළු පිරිස  රඳවා තබා ගැනීම වලංගු කෙරෙන නිල ලියවිල්ලක් ඇතිනම් එය ප්‍රසිද්ධ කරන ලෙස ගුවන් හමුදා කදවුරක් තුළ බලහත්කාරයෙන් රදවා සිටින ජ්‍යෙෂ්ඨ වෘත්තිය සමිති නායකයකු පොලීසිය භාර අමාත්‍යවරයාට අභියෝග කර තිබේ. ලංකා ගුරු සංගම් නායකයා ඇතුළු පිරිස නිරෝධායනය සදහා යොමු කරන ලද්දේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ලේඛනයක් ලබා ගැනීමෙන් පසු බවට පොලිසිය භාර අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර  ජුලි 12 සඳුදා ප්‍රකාශ කර තිබුණි. “අපි අහනවා කෝ ඒ ලේඛනය. වහාම ඒ ලේඛනය ප්‍රසිද්ධියට පත් කරන්න,” යි ලංකා ගුරු සංගමයේ ජෝසප් ස්ටාලින් අභියෝගයට ලක්…

Read More

අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම් ගැන රජය අමතක කළ කරුණු මොනවාද?

Arrest and Detention national peace council

ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම වන්නේ විසම්මුතියට මිනිසුන්ට ඇති අයිතිය අනුව ඔවුන් සාමකාමීව උද්ඝෝෂණය කරන විට ඔවුන්ව ආරක්ෂා කළ යුතු බවත් සාමකාමී අයිතිය ක්‍රියාත්මක කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම ප්‍රජාතන්ත්‍රවාදයට මූලික වන විසම්මුතියට ඇති නිදහසට ප්‍රබල බලපෑමක් ඇති කරවන්නක් බවත් ශ්‍රී ලංකා ජාතික සාම කවුන්සිලය පවසයි. සමාජයේ විවිධ අංශ මුහුණ දෙන දුක්ගැනවිලි සම්බන්ධයෙන් විවිධ දේශපාලන පක්ෂ සහ සිවිල් සමාජ කණ්ඩායම් විසින් කරන ලද විරෝධතා කිහිපයක් පොලීසිය විසින් බිඳ දමා තිබෙන බවත් එහි විශේෂම දෙය නම් ලංකා ගුරු සංගමයේ ප්‍රධානී ජෝසප් ස්ටාලින් ඇතුළු සිවිල් සමාජ කණ්ඩායමක් විසින් සාමකාමී මහජන විරෝධතාවයක් පැවැත්වීම…

Read More

පොලීසිය එදා ක්‍රියාත්මක වුනේ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්ගේ නියෝග අනුව – මහජන ආරක්ෂක ඇමති

minister sarath weerasekara police attack Protesters

පහුගියදා පැවති උද්ඝෝෂණයේදී පොලිසීය ක්‍රියා කළේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ගේ හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ගේ ලිඛිත නියෝග සහ ඉල්ලීම මත බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි. පසුගියදා ඇතිවූ සිද්ධියේදී පොලිසිය බලය අයුතු ලෙස භාවිතා කරමින් පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නිරෝධායනයට යැවු බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මහජන ආරක්ෂක  අමාත්‍යවරයා තවදුරටත් ඒ සම්බන්ධව මෙසේද කියා සිටියේය. සියලු උද්ඝෝෂණ ඇතුළු ජන රාශිවීම රෝග ව්‍යාප්තියට බලපාන බව සඳහන් කරමින් පොලිස්පතිවරයාට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලිපියක් යවලා තිබ්බා. අපි දන්නවා ඉන්දියාවේ ජනරාශි වීම් වලින්…

Read More

සමාජ මාධ්‍ය වලින් මඩ ගහන්න ලංකාව අති දක්ෂයි – මහජන ආරක්ෂක ඇමති කියයි.

social media in sri lanka sarath weerasekara

ශ්‍රී ලංකාව  වගේ සමාජ මාධ්‍ය වලින් මිනිස්සුන්ට අපහාස කරන රටක් කොහෙවත් නැති බව මහජන ආරක්ෂක ඇමති රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන සමයේ තර්ජිත ගම්මාන ආරක්ෂා කරන්න කුඩා හතරේ අටේ කණ්ඩායම් සාදා කමාන්ඩෝ පුහුණුව ට සමාන පුහුණුවක් දුන් බවත් දවසක් මේ අය පිට්ටනියෙ දුවන කොට මේ අයව පුහුණු කරන්නේ ත්‍රස්තවාදීන් ගමට ගහනකොට පැනලා දුවන්නද කියා  එතැන සිටි අයෙක් විමසු බවත් ඒ ඒම පුද්ගලයා බලන ආකල්පය බවද ඒ මහතා පවසයි. ඒ අකාරයටම මේ ත්‍රී රෝද රථ ගේන්නේ පාතාලය මඩින්න ද කියලා අසන්නෙත් එවැනි…

Read More

ජමීල් අභිරහස, නිලන්ත කට්ටි පැනීම සමඟ පාස්කු ප්‍රහාර කොමිසමේ වාර්තාව කියවන්න – සුනන්ද දේශප්‍රිය

Report of the Easter Attack Commission

තුන් සියයකට ආසන්න අහිංසක ජනයා ඝාතනය කළ පාස්කු ඉරිදා ප්‍රහාරයන්ට දැන් දෙවසරකටත් වැඩිය. ඒ සම්බන්ධයෙන් මේ දක්වා නඩු පවරා ඇත්තේ හිටපු පොලිස්පති ජූජිත ජයසුන්දරට  සහ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට  පමණි. ආණ්ඩුව පාස්කු ප්‍රහාර පිළිබදව සොයා බැලූ ජනාධිපති කොමිසමෙහි සම්පුර්ණ වාර්තාව ප්‍රසිද්ධ කර නැත. දැන ගන්නට ඇති අන්දමට කාර්දිනල් මැල්කම් රංජිත් ඇතුළු කතෝලික සභාවට ලබා දී ඇත්තේ පිටු 500ක පළමු පරිච්ඡේදය පමණි.  පාර්ලිමේන්තු පුස්තකාලයට ඊට වඩා දීර්ඝ වාර්තාවක් ලබා දී ඇතත් එය ද සම්පූර්ණ වාර්තාව නොවේ. වාර්තාව ලියන ලද්දේ ඉංග්‍රීසි බසිනි. එනමුත් කතෝලික සභාවට ලබා දී ඇත්තේ කොමිෂන් සභාවේ කොමසාරිස්වරයන් විසින්…

Read More