අපිට හරියන රාජ්‍ය ක්‍රමය අභියස – පිලිප් දිසානායක

covid vaccine political issues militarization in sri lanka

අපි ලෝක වාර්තාවක් තැබීමට ආසන්නම ස්ථානයකට පැමිණෙමින් සිටිමු. ඒ මේ දිනවල ජපානයේ පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියෙන් නම් නොවේ. මේ වාර්තාව පිහිටුවන්නට යන්නේ කොවිඩ් වැක්සින් කරණයෙනි. මේ දිනවල පැය 24 පුරාම ක්‍රියාත්මක මධ්‍යස්ථාන මගින් දිනකට ලක්ෂය ඉක්මවා යන පිරිසකට කොවිඩ් මර්දන එන්නත ලබා දෙන බව වාර්තා වේ. දුම් මුට්ටි, පැන් කළගෙඩි හා විවිධ පැණි බීමට පුරුදු වී සිටිම නිසා කෝවිඩ් මර්දන එන්නතක් ගැන අපි එ තරම් විශ්වාස නොකළෙමු.  ඒ නිසාම අපි එය නිසිකලට ගෙන්වා ගැනීමට ද කටයුතු නොකළෙමු. නමුත්, බෙල්ලට තොන්ඩුව වැටීමට ආසන්නව සිටි අවස්ථාවේ අප එන්නත්කරණය වෙත තල්ලු වූ අතර, එසේ…

Read More

හොරා පොලිස් පැහැර ගැනීම් එක්ක අපි මේ කොයි යන්නේ මිලිටරිකරණය පැත්තටයි ගාටන්නේ..

militarization in sri lanka

මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවෙනි ජනපති ධුර කාලය ගැන මතකය අලුත් වෙමින් තිබෙයි. රට එක් පැත්තකින් විශාල ව්‍යසනයකට ගොදුරුව ඇත. මිනිසුන් පොකුරු පිටින් මිය යමින් සිටී. පාස්කු ප්‍රහාරය ගැන කිඹුල් කඳුළු හෙලූ පිරිස් වාශ්පවී ඇත. කොවිඩ් මරණ ප්‍රමානය 5000 සේ සීමාවට ආසන්නව ඇත. පැණි සමය අවසන් වී කඳුළු සමය ඇරඹී ඇත. දැන් බොන්නට තියෙන්නේ කඳුළුය. මේ ව්‍යසනය අස්සේම ගුරු විදුහල්පති අරගලයද, මිලිටරිකරණයට පාර හදන කොතලාවල පනතට විරුද්ධ බහුජන අරගලය ද හුස්ම ගනිමින් ඇත. ආණ්ඩුව කොවිඩ් රෝගීන්ට ඔක්සිජන් සරි කිරීම පසෙක ලා අරගලකරුවන්ගේ හුස්ම ගැනීමේ අයිතියට බාධා කරමින් සිටියි. රට එකම අවුල්…

Read More

හමුදාවේ ක්‍රියා ගැන ප්‍රශ්න කරන්න අද කවුරුත් නැහැ – නීතිඥ තිෂ්‍ය වේරගොඩ

ව්‍යවස්ථාවෙන් පිලිගෙන ඇති කෲර වදහිංසාවට එරෙහි ප්‍රතිපාදන කිසිදු හේතුවකට ත්‍රස්තවාදියෙකුටවත්, අපරාධකරුවෙකුටවත් වෙනස් නොවන බව නීතිඥ තිෂ්‍ය වේරගොඩ මහතා පවසයි. ත්‍රස්තවාදියාට මෙන්ම අපරාධකරුවාටද ඒ ව්‍යවස්ථාවෙන් පිලිගෙන ඇති ප්‍රතිපාදන හිමි බවත් නමුත් අද එය සිදු නොවන බවද පෙන්වා දෙන ඒ් මහතා පවසන්නේ අද හමුදාවෙන් කරන අපරාධ පසුව නිවැරදි කරන්නට රජය කටයුතු කරමින් සිටින බවය. ජනාධිපතිවරයා හදිසි නීති රෙගුලාසි යටතේ හමුදාව කැඳවන්නේ යුද්ධයකට හෝ නැතිනම් පොලිසියට සහාය වීමට බවත් කිසිදු විටෙක ඔවුන්ට නිවැරදි කැඳවීමක් නොමැතිනම් එළියේ සිටිමට නොහැකි බවත් ඔවුන් සිටය යුත්තේ හමුදා කඳවුරු තුල පමණක් බවද හෙතෙම කියා සිටියි. නමුත් අවාසනාවකට එවන්…

Read More

කුමන වේශයකින් ආවත් කොතලාවල පනත පරාජය කළ යුතුය! – අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය

kotelawala defence university act Must be defeated

උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය, සයිටම් ආයතනය සහ කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය යනු එකම වර්ගයේ ආයතන තුනක් නොව, වර්ග තුනක ආයතන තුනකි. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය, පෞද්ගලික කියා කීවාට රජයට අයත් එකකි. එය අනෙක් වෛද්‍ය පීඨයන් ගෙන් වෙනස් වූයේ ඊට ඇතුළත් වීමට ගාස්තුවක් ගෙවීමට සිදුවීමත් එමෙන්ම කුසලතා අනුපිළිවෙලින් පිට පැන එයට සිසුන් බඳවා ගැනීමත් ය. එහිදී වඩාත් ම බැරෑරුම් ගැටලුව වූයේ එම වෛද්‍ය පීඨයෙන් ලබා දුන් අධ්‍යාපනයෙහි ගුණාත්මකභාවයට වඩා එමගින් සමාජ සාධාරණත්වය පිළිබඳ ගැටලු ඇති කරලීමය. සයිටම් ආයතනය යනු පෞද්ගලික ආයතනයකි. එනම් එය ව්‍යාපාරිකයකුට අයත් ලාභ ලැබීමේ අපේක්ෂාවෙන් ම පවත්වාගෙන ගිය…

Read More

හිට්ලර්ව ඉල්ලපු දිලුම් අමුණුගමට ජර්මන් තානාපතිගෙන් කනේ පාරක්!

dilum amunugama Gotabaya Hitler german ambassador

ශ්‍රී ලංකාවේ වත්මන් ජනාධිපතිවරයා ජනඝාතක පැසිස්ට්වාදී ජර්මන් ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් මෙන් ඒකාධිපතියකු වී රට පාලනය කළ යුතු බවට රජයේ අමාත්‍යවරයකු කළ ප්‍රකාශය ශ්‍රී ලංකාවේ ජර්මන් තානාපතිවරයාගේ දැඩි දෝෂ දර්ශනයට ලක් වී තිබේ. ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම අප්‍රේල් 12 සඳුදා මහනුවර පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබුනේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා හිට්ලර් කෙනකු වනු ඇත යන්න තමන් ඇතුළු ඡන්දදායකයන්ගේ බලාපොරොත්තුව වූ බවයි. “ආණ්ඩුවට ජනතාව චෝදනා කරනවානම්, කරන්නේ ජනතාව බලාපොරොත්තු උනා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරයා උනහම යම් මට්ටමක ඒකාධිපති පාලනයක් කරගෙන යයි කියලා. ඒක අපි දැක්කා පහුගිය ගරුතර මහා සංඝරත්නයත් කිව්වා ඒකාලේ…

Read More

ශ්‍රී ලංකාව මියන්මාරයක් කරනු එපා!

Achala senaviratha militarization in sri lanka prevention of terrorism act

රට ක්‍රමක්‍රමයෙන් මිලිටරි පාලනයක් කරා  ඇදගෙන යමින්  මියන්මාර් දේශයක් බවට පත් කරමින් සිටින බවට සිවිල් සංවිධාන වෙතින් රජයට චෝදනා එල්ල වී තිබේ. මෙම ක්‍රමවේදය රටේ ජනතාවට ඉතාමත් අහිතකර තත්වයක් නිර්මාණය කර ඇති බවට අනතුරු ඇඟවූ නීතිඥ අචලා සෙනවිරත්න ආණ්ඩුව විසින් ක්‍රියාවේ යෙදවීමට සැරසෙන නඩු නැතිව රඳවාගැනීමේ පිළිවෙත සම්බන්ධයෙන් ප්‍රමාණවත් විරෝධයක් මතු නොවීම ගැන කනස්සල්ල පල කළාය. “අපිට නොපෙනුනාට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට ගෙනාපු ගැසට් පත්‍රය  අපි කිසි කෙනෙක්ගේ ඒ ගැන අවධානයක් යොමු වෙලා නෑ. නමුත් බලන්න ඒ ගැසට් පත්‍රය අරගෙන ඒ ගැසට් පත්‍රය හරහා වසරක කාලයක් අධිකරණයකට ඉදිරිපත් නොකර පවා තබා…

Read More

මියන්මාරය යලිත් හමුදාව අතට!

Myanmar returns to military rule aung san suu kyi

මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගයේ එනම් NLD පක්ෂයේ නායිකා අවුන්සාන් සුකී සහ එරට ජනාධිපතිවරයාව වන Win Myint මියන්මාර හමුදාව විසින් අත්අඩංගුවට ගෙන මියන්මාරයේ වසරක පාලනය තම අතට භාර ගත් බවට එරට හමුදාව මයාවඩි රූපවාහිනිය ඔස්සේ සිය රටවැසියන්ට අද (01) අලුයම දැනුම් දී ඇත. එමෙන්ම හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරමින් එහි අණ දෙන නිලධාරී ජ්‍යෙෂ්  ජෙනරාල් මින් අවුන්ග් හේලින්ග්ට බලය පවරා ඇතැයිද වැඩි දුරටත් ඔවුන් දන්වා ඇත. අද අළුයම් කාලයේදී මියන්මාර හමුදා සාමාජිකයින් විසින් එරට ජනාධිපතිවරයාව සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය (NLD) පක්ෂයේ නායිකා අවුන්සාන් සුකීව ඔවුන්ගේ නිවෙස් වල…

Read More

හමුදාව ඇතුලේ විනය තියෙනවානම් ඒක ඇතුලට විනය පොලිසියක් මොකටද? – සමාජවාදී තරුණ සංගමය

the socialist youth union eranga gunasekara syu

ජනාධිපතිවරයා හමුදා විනය ලබපු කෙනෙක් ලෙස නන්දසේන ගෝඨාභය කීව සැණින් ඉවසගන්න බැරිව කේන්ති අරගෙන දඟලපු බවත්, මේ හමුදාවේ  ඉවසීම  විනයගරුක, නීතිගරුක බවද යන්න සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා ප්‍රශ්න කර සිටියි. ඔහු මේ බව සඳහන් කළේ බත්තරමුල්ල පැලවත්ත හී පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ  (20) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි. මෙම මාධ්‍ය හමුවට ප්‍රධාන හේතුවක් වී තිබුණේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් වයස අවුරුදු 18 ට වැඩි තරුණ තරුණියන් සියලු දෙනාට හමුදා පුහුණුවක් ලබා දිය යුතු බවට කළ ප්‍රකාශ සම්බන්ධයෙන් අදහස් දැක්වීමටය. මෙම මාධ්‍ය හමුව සඳහා සමාජවාදී…

Read More

මිලිටරිකරණය හමුවේ වත්මන් සමාජය කොයිබටද?

Where is the current society in the face of militarization?

දෙසැම්බර් 31 වැනි දා, හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සහ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න ජනාධිපති ලේකම් කාර්යාලයේ දී තරුපහේ ජෙනරාල් ධූරයන්ට උසස් කෙරුනි. ඉන් අනතුරු ව හමුදාපති සිල්වා ජනාධිපති ලේකම් කාර්යාලය හරහා මුලින් කී පත් වීම් නිවේදනය කල බව හමුදා නිල වෙබ් අඩවිය සඳහන් කරයි. හමුදා නිල වෙබ් අඩවියේ දැක්වෙන ආකාරයට මෙම පත් කිරීම්වල අරමුණ “සම්බන්ධීකරන හමුදා නිලධාරීන්, අවශ්‍ය වෙතොත්, දිස්ත්‍රික් මට්ටමේ නිරෝධායන මධ්‍යස්ථාන, නිරෝධායනය සහ ප්‍රතිකාර සඳහා පුද්ගලයන් ප්‍රවාහනය, බේත්, උපකරණ, වියලි ආහාර සහ සෙසු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ සියලු තාක්ෂනික අවශ්‍යතාවන් සඳහා පහසුකම් සම්පාදනය කරනු ඇත,” යයි දක්වා ඇත. නව වසරේ…

Read More