මියන්මාරය යලිත් හමුදාව අතට!

මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගයේ එනම් NLD පක්ෂයේ නායිකා අවුන්සාන් සුකී සහ එරට ජනාධිපතිවරයාව වන Win Myint මියන්මාර හමුදාව විසින් අත්අඩංගුවට ගෙන මියන්මාරයේ වසරක පාලනය තම අතට භාර ගත් බවට එරට හමුදාව මයාවඩි රූපවාහිනිය ඔස්සේ සිය රටවැසියන්ට අද (01) අලුයම දැනුම් දී ඇත.

එමෙන්ම හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරමින් එහි අණ දෙන නිලධාරී ජ්‍යෙෂ්  ජෙනරාල් මින් අවුන්ග් හේලින්ග්ට බලය පවරා ඇතැයිද වැඩි දුරටත් ඔවුන් දන්වා ඇත.

අද අළුයම් කාලයේදී මියන්මාර හමුදා සාමාජිකයින් විසින් එරට ජනාධිපතිවරයාව සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය (NLD) පක්ෂයේ නායිකා අවුන්සාන් සුකීව ඔවුන්ගේ නිවෙස් වල සිටියදී සිය අත්අඩංගුවට ගෙන් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

නොවැම්බර් මාසයේදී පැවති මැතිවරණය වංචනික බව පවසමින් එරට හමුදාව දිගින් දිගටම රජයට බලපෑම් එල්ල කළ අතර වත්මන් සිවිල් පරිපාලනය හා හමුදාව අතර යළි උණුසුම් තත්ත්වයක් මතුවිය.  මෙම තත්ත්වය හමුවේ දශක 05 කට ආසන්න කාලයක් මියන්මාරය පාලනය කරනු ලැබූ මියන්මාර හමුදාව යලි රටේ පාලනය තම අතට ගෙන තිබීම යම් අයුරකින් හමුදා කුමන්ත්‍රණයක් ලෙස ද දැක්වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

අවුන්සාන් සුකී මානව හිමිකම් සම්බන්ධයෙන් දැඩි ලෙස හඬ නඟමින් මියන්මාර හමුදා පාලනයට එරෙහිව දිගින් දිගටම අදහස් දැක්වූ ප්‍රධාන චරිතයකි.  මේ හේතුවෙන් ඇයට 1989 වසරේ සිට 2010 දක්වා වසර 15ක කාලයක් නිවාස අඩස්සියේ සිටීමට සිදු විය.

කෙසේවෙතත් 1991 වර්ෂයේදී ඇයට නොබෙල් සාම ත්‍යාගයද හිමිවුණේ නිවාස අඩස්සියේ සිටියේදී වන අතර ඒ, මානව හිමිකම් සම්බන්ධයෙන් දිගින් දිගටම සිදුකළ හඬනැගීම හේතුවෙනි.

මොවුන්ගේ අත්අඩංගුවට ගැනීම් සමඟ වාණිජ අගනුවර වන යැන්ගොන් සහ අනෙකුත් නගරවල පදිංචිකරුවන් පවසා ඇත්තේ  රටේ ටෙලිකොම් සමාගම් හතරේම සේවය කපා හැර ඇති බවත්, සමහර අන්තර්ජාල සේවා සපයන්නන් අක්‍රිය වී ඇති බවත් භූමිෂ් TV රූපවාහිනී සේවාවන් හමුදාවේ මයාවඩි රූපවාහිනී නාලිකාවට පමණක් සීමා වී ඇති බවත්ය.

Social Sharing
නවතම විදෙස්