ක්ෂුද්‍ර මූල්‍ය ප්‍රචලිත වෙන්නෙ දුප්පතුන් දිරිගැන්වීමේ ක්‍රමයක් විදිහට. නමුත් මේ ක්‍රමය හරහා අද වන විට බොහෝ දෙනෙක් ණය උගුලක හිර වෙලා තියෙනවා. මේ පිළිබඳ ඔබේ පර්‍යේෂණ අත්දැකීම් කොහොමද? කලකට පෙර අපි නව ලිබරල්වාදය පිළිබඳ අධ්‍යන කණ්ඩායමක් විදියට වැඩ කළා. එහිදී තමයි මේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව අදහස මුලින්ම මතුවුණේ. මෙම සාකච්ඡාවලදි ක්ෂුද්‍ර මූල්‍යකරණය බිම් මට්ටමේ කරගෙන යන ආකාරය පිළිබඳව අපි සාකච්ඡා කළා. මේක 2012 දී පමණ සිදු වුණ දෙයක්. අපි මුලින්ම මේ ගැන ලොකු අවධානයක් යොමු කළේ නැහැ. පසුව 2016 දී පමණ ක්ෂුද්‍ර මූල්‍ය ගැන මම හිතන්නේ…
Read MoreTag: microfinance issues in sri lanka
ක්ෂුද්‍ර මුල්‍ය ණය විරෝධී උද්ඝෝෂණ උතුරු නැගෙනහිරට පැතිරේ…
ගිනි පොලී ණය ගෙවා ගැනීමට නොහැකිව පීඩාවට පත්ව සිටින ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකික කාන්තාවන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා ජගත් කාන්තා දිනයේ දී උතුරු මැද පළාතේ ආරම්භ කළ සත්‍යග්‍රහයට සහාය පළ කරමින් උතුරු නැගෙනහිර විරෝධතා දියත් කර තිබේ. මාර්තු 30 අඟහරුවාදා මුලතිව් නගර මධ්‍යයේ සහ පුදුකුඩිඉරිප්පු නගර මධ්‍යයේ විරෝධතා දියත් කරද්දී ණය බරින් මිරීකී සිටින නැගෙනහිර පළාතේ කාන්තාවන් විරෝධතාවය දියත් කර ඇත්තේ මඩකලපුව කිතුල ග්රාමයේදීය. මීට අමතරව මන්නාරම ඇතුළු ස්ථාන පහළොවකට වැඩි සංඛ්‍යාවක මහජන සැලසුම් සංසදය විසින් සංවිධානය කරන ලද විරෝධතා පැවැත්වුණු බව වාර්තාකරුවෝ පවසති. පොරොන්දු වූ පරිදි සියලු ක්ෂුද්‍ර මුල්‍ය ණය…
Read Moreක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදයට විසඳුම් ඉල්ලා රජරට කාන්තාවෝ අඛණ්ඩ උපවාසයක
ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල ණය උගුලෙන් මෙරට කාන්තාවන්ගෙන් 24 ලක්ෂයකට අධික පිරිසක් පීඩාවට පත්ව ජීවන අරගලයෙන් පළා යමින් සිටින බවත් ගැති බවින් තොර සමාජයක් උදෙසා කාන්තාවන් සතු මුල්‍ය ක්‍රමයක් ස්තාපිත කිරීම ඇතුලු ඉල්ලීම් පහක් ඉටුවනතුරු අඛණ්ඩ සත්‍යග්‍රහයක් අරඹන බව ක්ෂුද්‍ර මූල්‍ය ණය නිසා විපතට පත් ගැමි ගොවි කාන්තාවන්ගේ සංවිධානය පවසයි. එහි පොලොන්නරුව දිස්ත්‍රික් සභාපතිනි ප්‍රියන්තිකා කුමාරී මහත්මිය ඇතුළු ගැමි ගොවි කාන්තාවන් 06 දෙනෙකු ඊයේ (08) සවස හිගුරක්ගොඩ පැරණි රජවරුන්ගේ ස්මාරක අභියස දී අඛණ්ඩ සත්‍යග්‍රහයක් අරඹමින් මේ බව කීවා ය. හිගුරක්ගොඩ නගරයේ දුම්රිය හරස් මාර්ගයේ සිට මහසෙන් පුරාණ රජවරුන්ගේ ස්මාරක පිහිටි භූමිය…
Read More“ක්ෂුද්‍ර මූල්‍ය ණය” නිසා කාන්තාවන් ලිංගික හිංසනයට ලක්වෙලා!
විමුක්ති ද සිල්වා ලා වියා කැම්පසිනා සුළු ගොවි ව්‍යාපාරයේ ජාත්ත්‍යන්තර කමිටු සාමාජිකා ක්ෂුද්‍ර මූල්‍ය ණය නිසා මේ වෙනකොට 204ක් පුද්ගලයෝ සියදිවි හානිකරගෙන තිබෙනවා කියලා අපිට වාර්තා වෙනවා. විශාල වාර්තාවීම් ප්‍රමානයක් තිබෙන්නේ උතුරු සහ උතුරු මැද පළාත් වලින්. මුලතිව් වගේ කලාපවල යුද්ධයෙන් අනාථභාවයට පත් වැන්දඹු කාන්තාවන් මේවා ගෙවාගන්නට බැරි වුණාම එන ලිංගික අඩත්තේටම්වලට, ලිංගික හිංසනයට ලක්වෙලා තිබෙනවා. මේ තත්ත්වයන් නිසා එන පීඩනය දරාගන්නට බැරුව සමහර කාන්තාවන් සියදිවි හානිකරගෙන තිබෙනවා. පොළොන්නරුව දිස්ත්‍රිකය අස්සේ මේ ණය ක්‍රමය දැන් හඳුන්වන්නේ ඇඳ ණය කියලා. ඒකෙන් හැඟවෙනවා මේ ව්‍යසනය දැන් සමාජය මත තිබෙන්නේ කුමනාකාර මට්ටමකද කියලා.…
Read Moreවැලිඔය කඳුළු ඔයක් කළ ක්ෂුද්‍ර මූල්‍ය ණය කන්ද
අතරින් පතර කෙටි වැසිය. අතරින් පතර දිගු සුළං ය. මම අනුරාධපුරය පසුකර මැදවච්චියට ආවේ කාලයකට පසුව වැලිඔයට යන්නට ය. කැබිතිගොල්ලෑව පදවිය පසුකරමි. වැලිඔය චෙක් පොයින්ටෙක තවමත් යුද්ධය සිහි කරයි. චෙක් පොයින්ටෙකට පසුව පාර වයි අකුරක් සේ දෙකට බෙදෙයි. එක පසක් නැදුන්කර්නි ය. අනෙක් පස මුලතිව් ය. අප මුලතිව් මඟ ගත යුතුය. මේ බිම කලින් දෙමළ ය. 1984 සිට සිංහල ය. අපි ඒ ඉතිහාසයට ගොස් නැවත වර්තමානයට එමු. “අපි වැලිඔයට ආවේ 1984. මම එනකොට මට වයස 11යි. අපි එනකොට මේක කැලයක්. ඇහැටුගස් වැව හරියේ දෙමළ ගම්මානයක් තිබුනා. අපි කලින් හිටියේ දිඹුලාගල…
Read More