161 | වචනයක් වෙනුවෙන් සිරගතවූ රම්සි රාසික් | Ramsi Rasik

Read More

ගත වූ මාස හයට මාධ්‍ය නිදහස සම්බන්ධ ගැටලු 58 ක් – FMM

press freedom in sri lanka Free Media Movement

මෙම වසරේ ගත වූ මාස හයක කාලය තුල මෙරට  මාධ්‍ය සම්බන්ධ සිදුවීම් 58 ක් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වෙත වාර්තා වී ඇතැයි එම ව්‍යාපාරය පවසයි. 2021 වසරේ ජනවාරි මාසයේ සිට ජුනි දක්වා ආරක්ෂාව හා සුරක්ෂිතභාවය සම්බන්ධව සිදුවීම් 24 ක්, නීතිමය කොන්දේසි 29 ක්, මාධ්‍ය ස්වාධීනත්වය සම්බන්ධ සිදුවීම් 01 ක්, මාධ්‍ය නිදහස සම්බන්ධ ප්‍රවණතා සිදුවීම් 01 ක්, ව්‍යුහාත්මක කොන්දේසි 03 ක් වශයෙන් මේ සිදුවීම් 58 වාර්තා වී ඇත. මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මාසිකව නිරීක්ෂණ වාර්තා ඉදිරිපත් කරනු ලබයි.  මෙහිදී මාධ්‍ය නිදහසට, මාධ්‍යවේදීන්ට, භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතියට එල්ල වූ බලපෑම්, හිරිහැර…

Read More

ශක්තික පැවරූ නඩුව සිව් වැනි වතාවටත් කල් යයි!

Shakthika Sathkumara Fundamental Rights Petition

අන්තර්ජාලයේ පළ කළ කෙටි කතාවක් පාදක කරගෙන තමන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩවූ බවට සම්මානනීය ලේඛකයකු ගොනුකළ පෙත්සමක්  විමසීම  ඔක්තෝබර් මස දක්වා කල් දමා තිබේ. “අර්ධ” නමින් මුහුණුපොතේ  පළ කළ  කෙටිකතාව හේතු කරගෙන තමා  අත්අඩංගුවට ගැනීමෙන් සිය මූලික අයිතිවාසිකම් කඩවූ සදහන් කරමින් පොල්ගහවෙල පොලිස් ස්ථානාධිපති, හිටපු පොලිස්පති සහ නීතිපතිට එරෙහිව ලේඛක ශක්තික සත්කුමාර  ශ්‍රේෂ්ඨාධිකරනයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කර තිබුනි. කොළඹ අලූත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක 404 කාමරයේ නඩුව සිව් වැනි වරට ජුලි 15 වැනිදා  කැඳවීමෙන් පසුව වග උත්තරකාර පාර්ශවය තමන්ගේ කරුණු දැක්වීම සදහා සති දෙකක් කල් ඉල්ලු බව…

Read More

ජනමාධ්‍යවේදීන්ගේ පුද්ගලික තොරතුරු ලබා ගැනීමෙන් වලකින්න – පොලිස්පතිට ලිපියක්!

IGP cd wickramaratne media organizations collective

ජනමාධ්‍යවේදීන්ගේ පුද්ගලික තොරතුරු ලබාදෙන ලෙස ආරක්ෂක අංශ සිදුකරන බල කිරීම් වහා නවත්වන ලෙසත් ඔවුන්ට මාධ්‍ය කටයුතු නිදහස්ව හා ස්වාධීනව කරගෙන යෑමට අවශ්‍ය පසුබිම සකස් කරන ලෙසත් මාධ්‍ය සංවිධාන එකතුව පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියි. මාධ්‍ය සංවිධාන එකතුව පවසන්නේ විධිමත් නොවන පරීක්ෂණයන් සඳහා ජනමාධ්‍යවේදීන් පොලිස් ස්ථානයන් වෙත කැඳවා ඔවුන්ගේ මාධ්‍ය ක්‍රියාකාරිත්වයන් පිළිබඳව හා තොරතුරු වාර්තාකරණයන් පිළිබඳව  විස්තර විමසමින් තිබෙන බව වාර්තා වී ඇති බවය. ඒ සම්බන්ධ ආසන්නතම සිදුවීම වූයේ මඩකළපුව මාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් සෙල්වකුමාර් නිලන්තන් මඩකළපුව, කල්අඩි, ත්‍රස්ත මර්දන ඒකකය වෙත කැඳවා පැය තුනකට ආසන්න කාලයක් ප්‍රශ්න කිරීම  බවත්…

Read More

වොයිස් ටියුබ් කතුවරියත් CID යට

Called to the CID Thushara Sewwandi Witharana

සිනොවැක්ස් කොවිඩ් එන්නත සම්බන්ධයෙන් පුවතක් පළ කිරීම නිසා වොයිස් ටියුබ් (voicetube) යූ ටියුබ් නාලිකාවේ කතුවරිය ලෙස කටයුතු කරන තුෂාරා සෙව්වන්දි විතාරණ මහත්මියට අද (09) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත. රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සිනෝවැක් එන්නත මෙරට තුළ අවසන් නිෂ්පාදනයක් ලෙස සිදුකිරීම පිළිබඳ සමස්ත ලංකා ආපන ශාලා හිමිකරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් සිදුකළ ප්‍රකාශයක් voicetube නාලිකාව ඔස්සේ විකාශනය කිරීම මෙම කැඳවීමට හේතු වී ඇත. මීට පෙරද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙබ් අඩවි වල පළ වූ පුවත් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණි. -ශානි-

Read More

සිරස සම්බන්ධයෙන් ජනමාධ්‍ය ඇමති වහා ප්‍රකාශයක් කළ යුතුයි – රුවන් විජයවර්ධන

ruwan wijewardene Statement sirasa media attack

මාධ්‍ය මර්දනය කිරීමෙන් ජනතා ප්‍රශ්න යට ගැසිය හැකි යයි යම් පාලන තන්ත්‍රයක් සිතනවා නම් එය විහිළුවක් බවත්  එය රබර් බෝලයක් ජලය තුළ ඔබ්බවාගෙන සිටීමට සමාන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි. ඒ මහතා මේ බව කියා සිටියේ වත්මන් ආණ්ඩුව විසින් සිරස මාධ්‍ය ආයතනය නොරිස්සුමට ලක් කිරීම සම්බන්ධයෙන් මේ වන විට මාධ්‍ය මුහුණ පා ඇති වත්මන් තත්ත්වය ගැන විශේෂ නිවේදනයක් නිකුත් කරමිනි. වර්තමාන රජයේ නොරිස්සුමට සිරස මාධ්‍ය ආයතනය නැවතත් ලක්ව ඇතැයි මේ වන විට තොරතුරු වාර්තා වන බවත්  සිරස මාධ්‍ය ආයතනය යනු ජනතා ප්‍රශ්න නොබියව, සෘජුව කතා…

Read More

රණවිරු දඩයම ලේබල් එක ආවේ රාජපක්ෂ ආණ්ඩු වලට විතරයි – මනූෂ නානායක්කාර

Manusha Nanayakkara Rajapaksa governments

මාධ්‍යවේදී  තරිදු ජයවර්ධනට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් කළ තර්ජනය සම්බන්ධ පරීක්ෂණවල ප‍්‍රගතිය කුමක්දැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා ඊයේ (06) දින පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියේය. රණවිරු දඩයම ලේබලය අලවාගෙන ශානි අබේසේකර ඇතුළු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරීන්ගෙන් ආණ්ඩුව පලි ගන්නා බවත් ජනමාධ්‍ය නිදහසේ හතුරෙක් බවට ජනාධිපතිවරයා පත්වී ඇති බවත්, ඒ මහතා පවසයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් මේ ආකාරයට පලි ගනිමින් අපරාධකරුවන් සැඟවීමට උත්සාහ ගන්නේ කුමන් හේතුවක් නිසාදැයි ප‍්‍රශ්ණ කළ මන්ත‍්‍රීවරයා, මේවාට සම්බන්ධ ආණ්ඩුවේ අය සැගවීමේ උත්සාහයක් තිබේදැයි විමසා සිටියේය.. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානානයක්කාර මන්ත‍්‍රීවරයා…

Read More

අලුත්ම “මාධ්‍ය නිදහසේ නාශකයෝ” ලැයිස්තුවේ ජනාධිපතිට තැනක්!

Gotabaya Rajapaksa reporters without borders

ජනමාධ්‍ය නිදහසට මහත් හතුරුකම් කරන රාජ්‍ය නායකයන් “මාධ්‍ය නිදහසේ නාශකයෝ” ලෙස නම් කරමින් ජාත්‍යන්තර ආයතනයකින් නිකුත් කර ඇති අලුත්ම ලැයිස්තුවට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාටද තැනක් ලැබී තිබේ. පැරිසිය මුලස්ථාන කොටගත් දේශසීමා නොමැති මාධ්‍යවේදියෝ (RSF) විසින් මේ අවුරුද්ද සඳහා සම්පාදනය කරන ලද නාම ලේඛනයේ සිටින රාජ්‍ය නායකයන් 37 දෙනා අතරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂද ඇතුලත් වී සිටී. ඔහු මහින්ද රාජපක්ෂ ජනාධිපති යටතේ ආරක්ෂක ලේකම් ලෙස සිටි සමයේ කරන ලද ක්‍රියා හෝ දැන් ජනාධිපති ලෙසින් කරගෙන යන කටයුතු නිසා හෝ බියවැදී සිටින ජනමාධ්‍ය වේදීන් “රැකියාව කරනවාද, නැතිනම් පන රැකගන්නවාද” යන භයංකර උභතෝකෝටිකයට මුහුණ දී…

Read More

මහජනතාවගේ කථා කිරීමේ අයිතිය ව්‍යාවස්ථාවෙන් ලබා දුන් එකක් නොවේ! – නීතිඥ ටිරන්ත වරලියද්ද

right of the people to Freedom of speech tirantha walaliyadda

ආණ්ඩුවක් පවතින්නේ මහජන මතය මත බවත් එය මර්ධනය කළහොත් ආණ්ඩුවක් පවත්වාගෙන යා නොහැකි බව ජනාධිපති නීතිඥ ටිරන්ත වරලියද්ද මහතා පවසයි. මහජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අවහිර කළහොත් මහජනතාවගේ අසා සිටීමේ ජනතාවගේ අයිතිය අහිමි වන බවත් මෙය  ඉදිරියේදී මහා ගැටලුවක් ඇති විය නිමිත්තක් විය හැකි බවද ඔහු පවසයි. මහජනතාවගේ කථා කිරීමේ අයිතිය ව්‍යාවස්ථාවෙන් ලබා දුන් එකක් නොවන බවත් එය මනුෂ්‍යයාගේ අවේණික දෙයක් බවත් ව්‍යාවස්ථාවෙන් එය තවදුරටත් හඳුනා ගැනීමක් පමණක් සිදු කර ඇතැයිද ඒ මහතා පවසයි. කථා කිරීමේ නිදහස මර්දනය කළ විට මහජනතාව නිශ්ශබ්ද වන බවත් මහජනතාවගේ නිශ්ශබ්දතාවය යනු බොහෝ බරපතල දෙයක්…

Read More

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනගේ සිදුවීමට ආණ්ඩුව වහා මැදිහත් විය යුතුයි – රුවන් විජයවර්ධන

Ruwan Wijewardene attack on journalist Tharindu Jayawardhana

සියළු ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට මැදිහත්වීම ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ගේ වගකීමක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි. ඒ මහතා මේ බව පවසා සිටියේ මාධ්‍යවේදී තරිඳු ඉරංග ජයවර්ධනට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා ඊයේ  දින (04) නිවේදනයක් නිකුත් කරමිනි. ඔහු ඒ නිවේදනයෙන් පෙන්වා දෙන්නේ නිදහස් අදහස් ප්‍රකාශ කරන මාධ්‍යවේදීන් මෙන්ම සමාජ මාධ්‍ය පරිශීලකයන් පසුගිය කාලය පුරාම රාජ්‍ය තන්ත්‍රය වෙතින් හා උසස් පොලිස් නිලධාරීන් ගේ දෝෂදර්ශනයට ලක්වූ ආකාරයත්, ඔවුන්ට වක්‍රාකාරයෙන් තර්ජනය කරන ආකාරයත් නිරීක්ෂණය වූ බවය. එම නිසා මාධ්‍යවේදීන්ට හා සමාජ මාධ්‍ය පරිශීලකයන්ට නිදහසේ අදහස් ප්‍රකාශ…

Read More