ශ්රී ලංකාව තුළ උද්ගත දැවැන්ත ආර්ථික අර්බුදය සමනය කරගැනීම සඳහා සංචාරක කර්මාන්තය තවදුරටත් පුලුල් කිරීමේ අරමුනෙන් යාපනේ සහ ඉන්දියාවේ නගර දෙකක් අතර ගුවන් ගමන් සේවාවක් සහ යාත්‍රා සේවාවක් ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව වාර්තා වෙයි. මෙම අමාත්‍ය මණ්ඩල අනුමැතිය සමග යාපනයේ සිට තමිල්නාඩුවේ තිරුචිරපල්ලි (Trichi) දක්වා ගුවන් ගමන් සේවාවක් සහ කන්කසන්තුරේ සිට පුදුචේරියේ කරෙයිකාල් දක්වා යාත්‍රා (Ferry) සේවාවක් ආරම්භ වෙනු ඇති. මෙම යෝජනා සඳහා කැබිනට් අනුමැතිය ලැබුණ බවත් යාත්‍රා සේවාව ලබන මස වෙනවිට ආරම්භ කරන්නට හැකි වෙනු ඇති බවත් ඩග්ලස් දේවානන්ද අමාත්‍යවරයා ඉන්දියානු මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.…
Read MoreTag: india sri lanka relations
ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම් තුනක්, කරුණු 08ක් හෙළිවේ.
ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර ආරක්ෂක ගිවිසුම් තුනක් අත්සන් කිරීමට තීරණය වී ඇතැයි ඉන්දීය හින්දුස්ථාන් පුවත්පත අනාවරණය කර තිබේ. මෙම ගිවිසුම්වලට අනුව ඉන්දියානු සහ ශ‍්‍රී ලංකා මුහුදු කලාපයේ ගුවන් නිරීක්‍ෂණ මෙහෙයුම් සඳහා ඉන්දියාවෙන් ඩෝනියර් ගුවන් යානා දෙකක්ද ටොන් 4000 ක් බරැති නාවුක පාවෙන තටාකයක්ද ස්ථාපිත කර ඇති අතර නාවික සබඳතා ගැන කටයුතු කරන නිලධාරියකුද පත්කර ඇත. ශ්රී ලංකාව හා ඉන්දියාව අතර ආරක්ෂක ගිවිසුම් තුනකට එළඹෙන මුල් අවස්ථාවද මෙයයි. ඉන්දීය රජය ඔස්ට්‍රේලියාව, ප්‍රංශය, ජපානය, මාලදිවයින, සිංගප්පූරුව, බ්‍රිතාන්‍ය හා ඇමෙරිකාව සමඟද මෙවැනි ආරක්ෂක ගිවිසුම්වලට එළඹ තිබේ. ක්වොඩ් නමින් හඳුන්වන මෙම ආරක්ෂක එකඟතාවය…
Read Moreඉන්දියන් ණයවලින් බැසිල් “කඩ”
ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක ණය ආධාර ලැබීමත් සමග දිවයින පුරා සෑම ගමකටම එක කඩය බැගින් ලබාදීමේ වැඩපිළිවෙළක් ඇරඹීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පියවර ගනිමින් ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග ප්‍රකාශ අරයි. සහන මිලට බඩු ලබාදීමට ආරම්භ කරන මෙම කඩ මුල් වටයේදී 14000ක් ඇරඹෙන බවද එම කඩවලට සතොස හරහා බඩු ලැබෙනු ඇති බවද වාර්තා වෙයි. එක ගමකට එක කඩයක් යන සංකල්පය යටතේ ගමට ලැබෙන මෙම කඩය ගමේ ප්‍රධාන පොහොට්ටු ආධාරකරුට ලැබෙන අතර පොහොට්ටු පාක්ෂිකයන් හට රුපියල් 2000ක සලාක කූපන් පතක්ද ලැබෙන බව වැඩිදුරටත් වාර්තා වෙයි.
Read Moreබත් සහ බෙහෙත් ඉල්ලන්න බැසිල් ඉන්දියා ගිහිං
වර්තමාන ආර්ථික අර්බුදය තුළ රටට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ බෙහෙත් ණයට ගැනීම සඳහා බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි ඊයේ (16) හමුවී ඇත. වර්තමාන ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය ආධාරයක් ලබාගැනීමට ඉන්දියාව වෙත ගොස් සිටින බැසිල් රාජපක්ෂ නවදිල්ලියේදී ඉන්දීය අගමැතිවරයා සහ ඉන්දීය විදෙස් අමාත්‍යවරයා මුණ ගැසීමට නියමිතව තිබුණ අතර ඒ අනුව අද උදෑසන බැසිල් රාජපක්ෂ සහ නරේන්ද්‍ර මෝදි අතර හමුව පැවතී ඇත. මෙහිදී ඉන්දියාවෙන් ගන්නා ලද ඉහත ණය මුදලට අදාළව ඖෂධ, තිරිඟු පිටි, සීනි සහ සහල් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා අවශ්‍ය ගෙවීම් කරන්නට නියමිත අතර…
Read Moreඉන්දීය ඩො.මි 500න් තෙල් ගන්න ඇහැක්ද? ප්‍රශ්නයක්..!
වර්තමාන ඉන්ධන අර්බුදයට විසඳුම වශයෙන් ඉන්දියාවෙන් ලැබෙනවා යැයි ආණ්ඩුව ප්‍රකාශ කරන ඩොලර් මිලියන 500ක ණය මුදල භාවිතාකර ඉන්දියානු ඔයිල් සමාගම අයිඕසී හරහා තෙල් ලබාගැනීමට කටයුතු කරනවා යැයි ආණ්ඩුව ප්‍රකාශ කළත් ඉන්දීය තෙල් සමාගම ප්‍රකාශ කරන්නේ තමන්ට ඒ සම්බන්ධයෙන් අදහස් දැක්විය නොහැකි බවය. ලංකා විදුලිබල මණ්ඩලයට විදුලිය නිෂ්පාදනය සඳහා ඉන්ධන ලබාදීමට හැකි බවත් එහෙත් ඒ සඳහා ශ්රී ලංකාව ඩොලර්වලින් තම සමාගමට ගෙවීම් කළ යුතු බවත් ලංකා ඉන්දීය තෙල් සමාගම සඳහන් කරන බව මාධ්‍ය වාර්තා පළවෙයි. එහිදී ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ඉන්ධන ආනයනය සඳහා ණයවර ලිපි විවෘත කිරීමේ දී විදේශ විනිමය…
Read Moreඋතුරේ සංවර්ධනයට අත දමන්න ඉන්දියාවට ඉඩ.
උතුරේ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් ඉන්දියාව හා චීනය අතර තරඟයක් පැවතියත්, පේදුරු තුඩුව ධීවර වරාය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රමුඛතාවය ඉන්දියාවට ලබා දීමට ආණ්ඩුව තීරණය කර තිබේ. “ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර මත කෙරෙන පේදුරුතුඩුව ධීවර වරාය සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතු ඉන්දියාවට හෝ චීනයට ලබා දෙන්නේ නම් ප්‍රමුඛතාවය හිමිවන්නේ ඉන්දියාවට,” යැයි ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද දෙසැම්බර් 28 වැනිදා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය. ආසියානු සංවර්ධන බැංකුවේ හා ශ්රී ලංකා රජයේ මුදල් යොදවා පේදුරුතුඩුව ධීවර වරාය සංවර්ධන ව්‍යාපෘතිය අරඹනු ලැබුවේ යහපාලන ආණ්ඩුව විසිනි. උතුරේ ග්‍රාම සේවා වසම් 109 ක ගෘහ මුලික ස්ත්‍රීන්ගෙන් යුත් පවුල් 15000 ක්,රැකියා විරහිත…
Read More