මරණ දඬුවම නියම වී සිටි ප්‍රේමලාල් ජයසේකර අභියාචනාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර තිබෙනවා. 2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ එවක විපක්ෂයේ පොදු අපේක්ෂක වශයෙන් ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කහවත්තේ පැවති දේශපාලන රැලියකට වෙඩි තබා පුද්ගලයකු මරා දමා තවත් පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර, සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී නිලන්ත ජයකොඩි සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් රත්නපුර මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණා. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව එම චෝදනාවට වරදකරු කළ ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනාට 2020 වසරේ…
Read MoreTag: Iccpr පනත
හෙට රංජන්ට සහ ප්‍රේමලාල්ට නිදහස
හෙට එනම් පෙබරවාරි 04 නිදහස් දාට රංජන් රාමනායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර යන දෙදෙනාට ජනාධිපති සමාව පිරිනමනු ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග ප්‍රකාශ කර සිටී. අධිකරණයට අපහාස කළා යැයි අසාධාරණ සිරදඬුවමකට යටත් කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක හට ජනාධිපති සමාව ලබාදිය යුතුයැයි ජාතිකවත් අන්තර්ජාතිකවත් පසුගිය කාලයේ විශාල හඬක් නැඟිනි. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය කළායැයි මරණ දඬුවමට ලක්ව සිරගතව සිටි දුමින්ද සිල්වා හට නිදහස ලබාදී ඔහුට රජයේ ඉහළ තනතුරක් පිරිනැමූ පසුබිම තුළ රංජන් රාමනායක හට ජනාධිපති සමාව ලබාදිය යුතුයැයි උස් හඬක් නැඟුණි. මේ අතර මෙම නිදහස් කිරීමට…
Read Moreමාධ්‍යට එරෙහි හිංසනය “අමතක නොකරමු!”
පසුගිය දශක කිහිපය තුළ ඝාතනයට, අතුරුදන් කරවීමට, පහර කෑමට ලක්වූ මාධ්‍යවේදීන් සිහිකරමින් සහ ඔවුන්ට යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලමින් “අමතක නොකරමු” මැයෙන් වැඩසටහනක් ජනවාරි 31 වනදා සවස 04.30 ට කොළඹ, විහාර මහාදේවී උද්‍යානයේ බුදුරුව අබියසදී පැවැත්වේ. අයිතීන් උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය සහ ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් මෙම වැඩසටහන සංවිධානය කෙරේ. භාෂණයේ සහ ප්රකාශනයේ අහිමි කළ නොහැකි අයිතිය භාවිතා කරමින් පෑන සහ කැමරාව මෙහෙයවූ මාධ්‍යවේදීන් විශාල සංඛ්‍යාවක් මේ වන විට ඝාතනයට හෝ අතුරුදන් කිරීමට ලක්ව ඇති බව නොරහසකි. දශක ගණන් ගත වුව ද එම සිදුවීම් සම්බන්ධයෙන් යුක්තිය සාධාරණත්වය ඉටු නොවී තිබීම…
Read Moreඅමතක නොකරමු..!
ජනවාරිය කියලා කියන්නේ ලංකාවේ මාධ්‍යවේදීන්ට බිය වේදනාව ගෙන එන මාසයක්. අනික් පැත්තෙන් යුක්තිය ඉල්ලලා සටන් කරන මාසයක් තමයි ජනවාරිය. ඒකට හේතුව ලංකාවේ මාධ්‍ය මර්ධන ඉතිහාසය අස්සේ ජනේරුව කියන්නේ සුවිශේෂ මාසයක් නිසා. ජනේරුව සැරසිලා තියෙන්නේ ලේවැකි මාධ්‍ය මර්ධනයක අඳුරු සෙවනැලි එක්ක. බීබීසී සන්දේශය කියන විදිහට 1980 දශකයෙන් පස්සේ මේ වෙනකොට මාධ්‍යවේදීන් 117ක් ඝාතනය කරලා තියෙනවා. නමුත් ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් ප්‍රමානය මීට සෑහෙන්න වැඩිවෙන්න පුලුවන්. නිළ සංඛ්‍යා ලේඛන නොමැතිකමින්ම පේනවා මේ මාධ්‍යවේදීන්ට යුක්තිය කොතරම් දුරයිද කියන දේ. භාෂනයේ නිදහස වගේම ප්රකාශනයේ අයිතිය වෙනුවෙන් තමයි මේ මාධ්‍ය සඟයන් සිය ජීවිතය කැප කරන්නේ. එහෙත්…
Read Moreඅහ්නාෆ් ජාසීම්ට ඇප!
ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය (CTID) විසින් අත් අඩංගුවට ගෙන අවුරුදු දෙකට ආසන්න කාලයක් රඳවාගෙන සිටි තරුණ කවියෙකු වන අහ්නාෆ් ජාසීම් වෙත පුත්තලම මහාධිකරණය විසින් අද ( දෙසැම්බර් 15 දා) ඇප ලබා දී තිබේ. 2017 දී ලියා පලකළ ‘නවරසම්’ (நவரசம்) පද්‍ය සංග්‍රහය හේතුවෙන් සහ සිය ශිෂ්‍යයන් ‘අන්තවාදී මතවාදවල’ අනුගාමිකයන් බවට පත් කිරීම සහ ඔවුන් ‘අන්තවාදී’ කරුණුවලට නිරාවරණය කිරීම ඔහුට විරුද්ධව නඟා තිබුණ චෝදනා ය. 2020 මැයි 16 දා ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය අත්අඩංගුවට ගෙන චෝදනා ගොනු කිරීමකින් හෝ නඩු පැවරීමකින් තොරව ත්‍රස්තවාදය වැළක්වීමේ පනත (PTA) යටතේ රඳවාගෙන සිටි ඔහු…
Read Moreසාලි නිදහස්..!
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සහ අයිසීසීපීආර් (ICCPR) පනත යටතේ අත් අඩංගුවට ගෙන මාස 08 රිමාන්ඩ් බන්ධනාගාරයේ තබාගෙන සිටි හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා කොළඹ මහාධිකරණය විසින් නිදොස්කොට නිදහස් කර ඇත. පසුගිය මාර්තු මස 09 වනදා කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් අසාද් සාලි ප්‍රකාශ කර තිබුණේ ‘අපේ නීතිය අපිට, ඔයගොල්ලන්ගේ නීතිය ඔයගොල්ලන්ට, ඒවා හරි වැරදි බලන්නේ අපි, කුරානයයි, හදිසියයි, ශර්යාවයි අපේ නීතිය නම් අපි ඒකට ගරු කරනවා මිසක්, රජයේ නීතිය බලන්නේ නැහැ. කුරානයයි, නබිතුමාගේ ‘හදිසියයි’ හැරෙන්නට වෙන නීතියක් අපට නැහැ’. මෙම ප්‍රකාශය නිසා ආගමික කණ්ඩායම් අතර එදිරිවාදිකම් ඇතිවෙන බව ප්‍රකාශ කරමින්…
Read More161 | වචනයක් වෙනුවෙන් සිරගතවූ රම්සි රාසික් | Ramsi Rasik
ගත වූ මාස හයට මාධ්‍ය නිදහස සම්බන්ධ ගැටලු 58 ක් – FMM
මෙම වසරේ ගත වූ මාස හයක කාලය තුල මෙරට මාධ්‍ය සම්බන්ධ සිදුවීම් 58 ක් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වෙත වාර්තා වී ඇතැයි එම ව්‍යාපාරය පවසයි. 2021 වසරේ ජනවාරි මාසයේ සිට ජුනි දක්වා ආරක්ෂාව හා සුරක්ෂිතභාවය සම්බන්ධව සිදුවීම් 24 ක්, නීතිමය කොන්දේසි 29 ක්, මාධ්‍ය ස්වාධීනත්වය සම්බන්ධ සිදුවීම් 01 ක්, මාධ්‍ය නිදහස සම්බන්ධ ප්රවණතා සිදුවීම් 01 ක්, ව්‍යුහාත්මක කොන්දේසි 03 ක් වශයෙන් මේ සිදුවීම් 58 වාර්තා වී ඇත. මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මාසිකව නිරීක්ෂණ වාර්තා ඉදිරිපත් කරනු ලබයි. මෙහිදී මාධ්‍ය නිදහසට, මාධ්‍යවේදීන්ට, භාෂණයේ හා ප්රකාශනයේ අයිතියට එල්ල වූ බලපෑම්, හිරිහැර…
Read Moreශක්තික පැවරූ නඩුව සිව් වැනි වතාවටත් කල් යයි!
අන්තර්ජාලයේ පළ කළ කෙටි කතාවක් පාදක කරගෙන තමන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩවූ බවට සම්මානනීය ලේඛකයකු ගොනුකළ පෙත්සමක් විමසීම ඔක්තෝබර් මස දක්වා කල් දමා තිබේ. “අර්ධ” නමින් මුහුණුපොතේ පළ කළ කෙටිකතාව හේතු කරගෙන තමා අත්අඩංගුවට ගැනීමෙන් සිය මූලික අයිතිවාසිකම් කඩවූ සදහන් කරමින් පොල්ගහවෙල පොලිස් ස්ථානාධිපති, හිටපු පොලිස්පති සහ නීතිපතිට එරෙහිව ලේඛක ශක්තික සත්කුමාර ශ්‍රේෂ්ඨාධිකරනයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කර තිබුනි. කොළඹ අලූත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක 404 කාමරයේ නඩුව සිව් වැනි වරට ජුලි 15 වැනිදා කැඳවීමෙන් පසුව වග උත්තරකාර පාර්ශවය තමන්ගේ කරුණු දැක්වීම සදහා සති දෙකක් කල් ඉල්ලු බව…
Read Moreමුලාශ්‍ර ඉල්ලා මාධ්‍යවේදීන්ට බලපෑම් කිරීම තොරතුරු අයිතියට කරණ බලපෑමක්! – FMM
යමක් පළ වූ පසුව එයට පිළිතුරු දීමේ අයිතිය භාවිතා කිරීම වෙනුවට, මාධ්‍යවේදීයා පොලීසියට කැඳවමින් බලපෑම් සිදු කර, අදාල මූලාශ්‍ර දැන ගැනීමට උත්සාහ කිරීම සහ වාර්තාකරණයට බලපෑම් කිරීම මාධ්‍ය නිදහසට සහ පුරවැසියා සතු තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකමට කළ බරපතල තර්ජනයක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි. පහුගියදා ගාල්ලේ කොවිෂීල්ඩ් එන්නත ගාල්ලේ ජනතාව බලා සිටියදී කොළඹින් ගිය පිරිසට එන්නත් කිරීම ගැන මාධ්‍ය මඟින් අනාවරණය කර තිබුණි. ඒ නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරන මාධ්‍යවේදී සජීව විජේවීර මහතා විසිනි. මේ සම්බන්ධයෙන් මේ වන විට එම මාධ්‍යවේදියාට බලපෑම් එල්ල වෙමින් ඇත. මේ සම්බන්ධව අවධානය යොමු කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය…
Read More