දුමින්ද සිල්වාට රට සවාරි තහනම් කරන්නැයි මූලික අයිතිවාසිකම් පෙත්සමක්!

fundamental rights petition to ban Duminda Silva from traveling abroad

අගමැති මහින්ද රාජපක්ෂ ජනාධිපතිධුරය හොබවන සමයේ ඔහුගේ වෘත්තීය සමිති උපදේශකයා වූ  භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මරා දැමීමට  වරදකරු වී මරණ දඬුවම් ලබා  සිටියදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සමාව ලබා දුන් නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වාට රටින් පිටවීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයකු වන නීතීඥ ගසාලි හුසේන් විසින් ගොනු කර තිබෙන මෙම පෙත්සමෙහි වගඋත්තරකරු වන්නේ  නීතිපතිවරයායි. මරණ දඩුවම් ලබා සිටි දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබා දී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 සහ 34 (1) වගන්තී …

Read More

දුමින්ද සිල්වා ආපසු හිරේ යවන්න හිරුනිකාගෙන් පෙත්සමක්!

petition from Hirunika to send Duminda Silva back to jail

වත්මන් අගමැති, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ වෘත්තීය සමිති උපදේශක භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට මරණ දඩුවම් ලැබූ නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වාට සමාව දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම පෙත්සම ගොනුකරනු ලැබුවේ ඝාතනයට ලක්වූ  භාරත ලක්ෂමන්ගේ දියණිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර විසිනි. පෙත්සම්කාරිය ඉල්ලා සිටින්නේ ඉකුත් 24 වැනිදා දුමින්ද සිල්වා ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට ජනාධිපතිවරයා ගත් පියවර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා විරෝධී බවට ප්‍රකාශ කරන ලෙසත්, එලෙස සමාව දීමට අදාළ ලේඛන අධිකරණයට කැඳවා පුර්ණ පරීක්ෂණයක්…

Read More