“ගම සමග පිලිසඳරක්” යනුවෙන් හඳුන්වමින් ජනාධිපතිවරයා අගනුවරින් ඈත පිහිටි දකුණු දිග ගම්වල වාසය කරන ජනතාවගේ ගැටළු විමසන වැඩ සටහන් මාලාවක් දැන් ක්‍රියාත්මක වෙමින් පවතී. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ පෙබරවාරි 25 බ්‍රහස්පතින්දා හින්දු පුවත්පතට පවසා ඇත්තේ “මෙම ගැටලුව නිමාකරමින් එම පවුල්වලට විසඳුමක් ලබා දීමට ජනාධිපතිතුමා සැබවින්ම අධිෂ්ඨාන කරගෙන සිටින” බවයි. වසර ගණනාවක් තිස්සේ බලහත්කාරයෙන් අතුරුදහන් කර සිටින සිය සමීපතමයන්ට අත්වු ඉරණම හෙළි කරන ලෙස ඉල්ලමින් කාන්තාවන් මුලික කරගත් උතුරු නැගෙනහිර දෙමළ පවුල් වල ජනයා වසර හතරකට අධික කාලයක් තිස්සේ අඛණ්ඩ විරෝධතාවල යෙදී සිටිති. දෙමළ, මුස්ලිම් ජනයාගේ…
Read MoreTag: gotabaya rajapaksa
දූපත් වල විදුලිබලයටත් විදේශීය අත පෙවීම්!
උතුරේ දූපත් තුනක් චීනයට ලබා දීමට ආණ්ඩුව ගත් තීරණය සම්බන්ධයෙන් මේ වන විට විවිධ අංශ වල අවධානය යොමු වී ඇත. ලංකා විදුලිබල මණ්ඩලය විසින් ආසියානු සංවර්ධන බැංකු අරමුදල් යටතේ ලබා ගන්නා ඩොලර් මිලියන 12 ක මෙම විදුලි බලය සැපයීමේ විශ්වාසනීයත්වය වැඩිදියුණු කිරීමට සහාය වීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර ඒ යටතේ වර්තමාන විදුලිබල ජාලයේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා සුලබව පවතින බලශක්ති සම්පත් උපයෝගී කර ගනිමින් නාගදීපය, ඩෙල්ෆ්ට් හා අනලතිව් යන දූපත් දෙමුහුන් පුනර්ජනනීය බල ශක්ති පද්ධති ස්ථාපිත කිරීම සඳහා ජාත්‍යන්තරව ලංසු කැඳවා තිබුණි. ඒ අනුව අමාත්‍ය කැබිනට් මණ්ඩලය විසින් පත් කරන…
Read Moreදෙමළ මන්ත්‍රීවරු එන්නත ප්‍රතික්ෂේප කිරීම වැරදියි! – ඇමති කෙහෙළිය
මහජනයා සමඟ සමීපව කටයුතු කරන පිරිස් සඳහා කොරෝනා එන්නත ලබා දී ඇති අවස්ථාවක දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු එය ප්‍රතික්ෂේප නොකළ යුතු බවත් එම අවස්ථාව ඔවුන් විසින් ලබා ගත යුතුව ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. දෙමළ ජාතික සන්ධානයේ ඇතැම් මන්ත්‍රීවරු කොරෝනා එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන්නේ යුධ සමයේ දී යුධ හමුදා සෙබළුන්ට ඔවුන් දුන් පීඩාව සිහිපත් වීමෙන් නිසා විය යුතු යැයි මහනුවර අනිවත්තේ දී පැවැති උත්සවයකින් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි ශ්‍රී ලංකා යුධ හමුදා සෙබළුන් විනය ගරුක පිරිසක් වන නමුත් ත්‍රස්තවාදී යුද සමයේ ලැබූ අත්දැකීම් හේතුවෙන් කොරෝනා එන්නත…
Read Moreකැබිනට් ඇමති කියන්නේ දැන් බෝඩ් ලෑල්ලක් විතරයි! – මහාචාර්ය එච්.ඩබ්ලිව් සිරිල්
මුලින්ම අපි කතා කළොත් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනකුට රටේ ජනතාව තුළ නව බලාපොරොත්තුවක් ඇති වුණා. දැන් එතුමා ධුරයට පත් වෙලා වසරකට වැඩි කාලයක් ගත වෙලා. නැවත හිතලා බැලුවොත් මේ තිබුණු බලාපොරොත්තු ගැන මොකක්ද කියන්න තියෙන්නේ? අවුරුද්දකට පස්සේ අපි ආපසු හැරිලා බලනකොට ඒ අවුරුද්ද අපිට එච්චර සතුටු වෙන්න පුළුවන් වාතාවරණයක් නැහැ. 69 ලක්ෂයක් ජනතාව ඡන්දෙ දීලා මේ රජය බලයට පත් කරගත්තේ විශාල බලාපොරොත්තු රාශියක් එක්ක. ඒ ගොල්ලන් රට වෙනත් මගකට අරගෙන යනවා කියලා කිව්වා. රට සංවර්ධනය කරනවා, නීතිය හැමෝටම එක විදිහට ක්‍රියාත්මක කරනවා කියලා කිව්වා. ඒ වගේ දහසක් බලාපොරොත්තු…
Read Moreමම ආණ්ඩුව දාලා යන්නේ නෑ. ආණ්ඩුව මාව දාල ගියොත් තමයි! – ඇමති විමල්ගේ කෙටි උත්තර
අමාත්‍ය විමල් වීරවංශ මහතා යනු මේ දිනවල දේශපාලන වේදිකාවේ ආන්දෝලනාත්මක චරිතයකි. ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පොදුජන පෙරමුණේ සක්‍රීය දායකත්වයක් ලබා දිය යුතු බව පුවත්පත් සාකච්ඡාවකට ලබා දීමෙන් පසු පොදුජන පෙරමුණෙන් එල්ල වුයේ දැඩි විවේචනයකි. විශේෂයෙන්ම අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ පිලිබඳව විවේචනය කර තිබු අතර පොදුජන පෙරමුණේ සියල්ලන්ම කලබලයට පත්ව තිබෙනු දැකිය හැකි විය. පක්ෂයේ අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් ඔහුට බලපෑම් කළ නොහැකි බව සෘජුව ප්‍රකාශ විය. මේවන විට පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් හා ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන් අතර ඇත්තේ බෙදිමකි. මේ අතර ඊයේ (19) දින කොලඹ පැවති උත්සවයකින් අනතුරුව…
Read Moreගේ ඉස්සරහ අඹ පැලේ හිටවලා පටන් ගත්තේ, දැන් පරිසරයම විනාශ කරනවා – අනුර
ගෝඨාභයගේ ආණ්ඩුව සාදාගෙන මාස 15 ක් ගත වී ඇති අතර මේ කාලය තුල රටේ ජනතාවට දෙන ලද සියලු එකඟතාවයන්, පොරොන්දු, අපේක්ෂාවන් බිඳ වට්ටපු පාලනයක් බවත් මේ වන විට රටේ රාජ්‍ය සම්පත් සහ ස්භාවික සම්පත් කුණුකොල්ලෙට, තරඟේට විදේශීය සමාගම් වෙත පැවරීම සඳහා ගෝඨාභයගේ ආණ්ඩුව කැස කවමින් සිටිනවා යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි. කොළඹ වරායේ බටහිර ජැටිය අඬගහලා ඉන්දියාවට දෙන්න සැලසුම් කර ඇති බවත් ත්‍රිකුණාමලය වරායේ පිහිටා තිබෙන තෙල් ටැංකී 2002 දී IOC සමාගමට පවරා දෙනු ලැබුවත් එය නිසි පරිදි ගිවිසුම් ගත නොකර තිබීම නිසා…
Read Moreපොහොට්ටුවෙන් අරියාදු එපා! – ජා.නි.පෙ අයැදියි!
විමල් වීරවංශ මහතා දේශපාලන පක්ෂයකට අත පෙවීමක් නොකළ අතර ඔහු සිදු කළේ අදහසක් ප්‍රකාශ කිරීම පමණක් යැයිද මොරටුව නාගරික මන්ත්‍රී සුරේෂ් ඉන්දික මහතා පවසයි. කොළඹ දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ මාධ්‍ය හමුවක් කැඳවමිනි. ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතා සිදු කළ ප්‍රකාශයක් වැරදියට වටහා ගැනීම නිසා මේ වන විට සමාජයේ වික්ෂිප්ත භාවයක් මතුව ඇතැයිද බිම් මට්ටමේ ඇති තත්ත්වය පොදුජන පෙරමුණේ නායකයින් තේරුම් ගත යුතුව ඇතැයිද ඔහු පවසයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පොදුජන පෙරමුණ තුල සක්‍රීය දේශපාලනයේ යෙදීමට ඉඩක් ලබා දිය යුතු බවට අමාත්‍ය විමල් වීරවංශ මහතා සිදු කළ ප්‍රකාශයෙන්…
Read Moreමුස්ලිම් මෘතදේහ භූමදාන ගැටළුව තවමත් …
කොවිඩ් වසංගතය පැමිණිමත් සමග මෙරට මුස්ලිම් ජනතාව මුහුණ දුන් සංකීර්ණ ගැටලුවක් විය. ඒ කොවිඩ් ආසාදිතව මිය යන පුද්ගලයින්ගේ මෘතදේහ ආදාහනය කිරීම නිසාය. . ඔවුන්ගේ ආගමට අනුව මෘතදේහ භූමදානය කළ යුතුව ඇත. කොවිඩ් සම්බන්ධව ක්‍රියා කළ යුතු උපදෙස්, නිර්දේශ ඇතුලත් ගැසට් පත්‍රයක්ද නිකුත් කර තිබීම නිසා ඔවුන්ට සැමවිටම සිදුවුයේ අකමැත්තෙන් වුවද මෘතදේහ ආදාහනය කිරීමටය. මේ නිසා ඇතැම් ප්‍රදේශ වල මිය ගිය මුස්ලිම් පුද්ගලයින්ගේ මෘතදේහ ඥාතීන් විසින් භාර නොගන්නා තත්ත්වයකට පත් විය. මෘතශරීරාගාර වල මුස්ලිම් පුද්ගලයින්ග් මෘතදේහ ගොඩගැසෙන්නට විය. ඒ නිසා මුස්ලිම් ජනතාව වරින් වර රජයෙන් ඉල්ලා සිටියේ කොවිඩ් ආසාදිතව මිය යන…
Read Moreඇස්ට්‍රාසෙනෙකා වගේ ද අපේ දේශීය බඩු..
වසරකට ආසන්න කාලයක් තිස්සේ ඉතා සීග්‍රයෙන් මුලු ලොව පුරා පැතිරුණු කොවිඩ් 19 වසංගත තත්ත්වය යම් දුරකට පාලනය වන බවක් පසුගිය සතියේ සංඛ්‍යා ලේඛන අනුව බලද්දී පෙනෙන්නට තිබේ. ඒ රටවල් කිහිපයක් විසින් කොවිඩ් මර්ධන එන්නත් කිහිපයක් නිපදවා තිබීමත් ඒවා මහජනතාවට ලබාදීමට කටයුතු කිරීමත් නිසාවෙනි. නමුත්, ලංකාව තුළ ඊට ටිකක් වෙනස් තත්ත්වයක් පෙන්නුම් කරනු ලබන අතර, පසුගිය සති කිහිපය තුළ දිනකට වාර්තා වන රෝගීන්ගේ ප්‍රමාණයත්, මිය යන අයගේ ප්‍රමාණයත් යම් කිසි මට්ටමක වර්ධනයක් පෙන්නුම් කරයි. ඊට ප්‍රධාන හේතුව ලෙස සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ මැතකදී සොයාගනු ලැබූ බ්‍රිතාන්‍ය නව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව…
Read Moreත්රස්තවාදීන්ට සහාය දක්වන සංවිධාන යළිත් – අමාත්‍ය කෙහෙළියගෙන් හෙළිදරව්වක්.
ත්රස්තවාදයට උපකාර කරන සංවිධාන ගණනාවක් උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් යළි මතුවන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ත්‍රස්තවාදය ක්‍රියාත්මක වූ වකවානුවේදී මෙන්ම අදත් එම සංවිධානවල ක්රියාකාරීත්වයක් දැකිය හැකි යැයි මහනුවර මැණික්හින්නේ දී ඊයේ (14) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාන්තා නියෝජිත හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. රටේ පවතින නීතියට ඔබ්බෙන් ගොස් කැලෑ නීතියක් අතට ගැනීමට කිසිසේත්ම අපේක්ෂා නොකරන බවත් එම සංවිධාන ද තමන්ගේ සීමාව සහ වපසරිය අවබෝධ කරගනිමින් කටයුතු කරන්නේ නම් වඩා සුදුසු යැයි අමාත්‍යවරයා කීවේය. එම සීමාවන් ඉක්මවා යෑමට උත්සහ දරමින් විවිධ සංවිධාන…
Read More