රනිල්ගේ වැල් පාළමේ ගීතය ඇහුවා. හෙළ ගැඹුරුයි කියන එකනම් තේරිලා දැන් ගොඩක් දවස්. එකම දේ එයා මේ අර්බුදයේ ඇත්ත ස්වභාවය නිල වශයෙන් ස්ථිර කරපු එක. ඒ අඳුරු ඇත්ත කවදාවත් මහින්ද රාජපක්ෂට නම් මේ විදියට කියන්න බැහැ. ඇත්තටම මේක පටි තද කරගන්න කතාවක් තමයි. මේක අපේ පරම්පරාවට වගේම අනික් හැමෝටමත් මුහුණ දෙන්න තියන දුෂ්කරම කාලයත් තමයි. ඒ ඔක්කොම ඇත්ත. හැමදාම යූ. එන්. පී. එක එන්නේ පැවැත්මේ ප්‍රශ්නයක් එක්ක. කන්න බොන්න රස්සා දෙන්න බලාගෙන. අදත් රනිල් ඇවිල්ලා කියන්නේ ඒ දේම තමයි. 1978 එයාගේ මාම පහුකරපු මංසන්ධිය අද එයා පහුකරනවා. මූලික බේත් හේත්,…
Read MoreTag: go home gota protests
රනිල්ගෙන් මහ බැංකුවට අයුතු බලපෑම් | පුබුදු ජයගොඩ
ගෝල්ෆේස් ප්‍රහාරයට අනුබල දුන්නේ කමල් ගුණරත්න
වෙසක් දවසේ මෙල්බර්න් ඇවිලෙයි!
රනිල්ට මුහුණ දීමට ගෝල්ෆේස් සූදානම්ද?
– දුලාන් දසනායක- ගෝල්ෆේස් අරගලය ලංකාවේ වඩාත්ම දිග්ගැස්සුණු සාමකාමී සිවිල් අරගලය ලෙස ඉතිහාසගත වී ඇත. එය ආණ්ඩුවද විපක්ෂයද එපමණක් නොව ඇතැම් විට එම අරගලයට සම්බන්ධ වූ කණ්ඩායම්ද නොසිතූ ලෙස දීර්ඝ කාලයක් පවත්වා ගැනීමට හැකි විය. එලෙස දීර්ඝ කාලයක් පැවතීම හේතු කොට ගෙනම ආණ්ඩුවේ අර්බුදය උත්සන්න වූ අතර ඒ මගින් ප්‍රාදේශිය අරගල මධ්‍යස්ථාන කිහිපයක්ද ස්ථාපිත කිරීමට හැකි විය. ගෝල්ෆේස් අරගලයේ ප්‍රධාන සටන් පාඨය #GotaGoHome වුවද, එය සංකේතාත්මක බවත් එකී විරෝධ සටන් පාඨයේ ඊට වඩා බොහෝ දේ ගැබ් ව ඇති බවත් සමාජ ක්රමයේ වෙනසක්ද එහි ඇතුළත් බවත් ප්‍රකාශ කලෝ ගෝල්ෆේස් සටන් කාමීහුම…
Read Moreසාමකාමී නැගිටීම් හා හිංසනීය කැරළි!
අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන් (6 කොටස) ලංකාවේ ‘මැයි’ මාසයට තිබ්බේ පූජනීය අදහසකි. නමුත් 2009 න් පසු ඊට හිංසනීය සලකුණක් එකතු වූයේ යුද්ධය අවසන් වීමත් සමගය. එවිට මැයි යනු විශේෂයෙන් සිංහල බෞද්ධ ප්‍රජාවට එකවර අවිහිංසාවේ හා හිංසනයේ මතක සම්මිශ්‍රණයකි. ඊට දෙවනුවත් හිංසනයක් එකතු විය. ඒ 2022 මැයි 9 වනදා ගෝල්ෆේස් උද්ඝෝෂකයන්ට ආණ්ඩුවේ අනුග්‍රහය ඇතුව එල්ල වූ ප්‍රහාරයත් සමගය. කුතුහලය දනවන කරුණ වන්නේ මැයි හිංසනයන් දෙකෙහිම සක්‍රීය දායකත්වය දැක්වූයේ ලංකාවේ නූතන ඉතිහාසයේ සිංහල බෞද්ධ රාජ්‍ය නියෝජනයේ උච්චතම සංකේතය වූ රාජපක්ෂ රෙජීමයෙන් වීමයි. බෞද්ධ රාජ්‍ය ආරක්ෂාව සදහා පොරොන්දු වෙමින් දිගින් දිගටම හිංසනය…
Read Moreගෝඨාගෝ ගමට ගැහීමේ පරීක්ෂණ හොරාගේ අම්මාට භාරදීම..!
පසුගිය දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගෝල්ෆේස් ආවේය. ඇවිත් පසුගිය 09 වෙනිදා සිදුවීමට අදාළ අපරාධ සාක්ෂි එකතු කළේය. ඊට සමාන්තරව උසාවිය මෙම සිදුවීමට අදාළ මහින්ද රාජපක්ෂගේ සිට පුද්ගලයින් රැසකගේ ගුවන් ගමන් තහනම් කර ඇත. දැන් අපිට හරි සතුටුය. එහෙත් මේ සිදුවෙමින් පවතින්නේ මහින්ද රාජපක්ෂ සහ රාජපක්ෂ පවුල අධ්‍යක්ෂනය කරන නාට්‍යක් ය. පහතින් මම ලියන්නේ ඒ නාට්‍යයේ ස්භාවයයි. සීඅයිඩී පරීක්ෂණ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වූ පසුව නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, ජේෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර ලා හිටපු සීඅයිඩීයට මොකද්ද වුණේ යන්න අපි සියල්ලෝම දනිති. දැන් එහි රජකරන්නේ රාජපක්ෂ පවුලේ හිතවතුන් ය. වර්තමාන සීඅයිඩී…
Read Moreනියෝජ්‍ය පොලිස්පති දේශබන්දු ට ජනතාව පහර දෙයි..!
බස්නාහිර පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හට කොම්පඤ්ඤ වීදිය ආශ්රිත ප්‍රදේශයකදී විරෝධතාකරුවන් ප්‍රහාරයක් එල්ලකර ඇත. අරලියගහා මන්දිරයේ සිට පැමිණි මැර පිරිස ගෝල්ෆේස් අරගල භූමිය දක්වා රැගෙන පැමිණියේ පොලීසියේ ආධාරයෙන් බවත් එයට අණදුන්නේ දේශබන්දු තෙන්නකෝන් බවත් ජනතාවගෙන් විශාල විරෝධයක් එල්ලවෙමින් තිබෙන අතර එහිම ප්‍රථිපලයක් ලෙස මෙම ප්‍රහාරය එල්ලවී ඇත. මෙහිදී විරෝධතාකරුවන් විසුරවීම සඳහා අහසට වෙඩි තැබුණු බවත් තොරතුරු වාර්තා වේ.
Read Moreමහින්ද ආවැයි ත්‍රීකුණාමලයේ නාවික කඳවුර අවට ජනතා උද්ඝෝෂන
මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ පිරිස අද උදෑසන ත්‍රිකුණාමලයේ චයිනාබේ නාවික හමුදා කඳවුර තුළ පිහිටි නේවිහවුස් යන ස්ථානයට පැමිණ ඇතැයි යන ආරංචියත් සමග ත්‍රීකුණාමලයේ ජනතාව නාවික හමුදා කඳවුර අසල උද්ඝෝෂන ව්‍යාපාරයක් ආරම්භ කර ඇතැයි දැනගන්නට ලැබේ.
Read More“උං ආවා, උං වික්කා” – දේශපාලන ආර්ථිකය |අප්‍රේල් නැගිටීම් (5 කොටස)
ආර්ථිකය යනු මිනිසුන් ගොඩනැගූ ප්රපංචයක් වුව ද ආර්ථිකයට මිනිස් මැදිහත් වීමෙන් ස්වායක්ත සංකීර්ණ පැවැත්මක් ද ඇත. එය කිසිවෙකුටත් පූර්ණ පාලනයක් සහිත කලාපයක් නොවේ. එනිසාම මෙවන් අර්බුදයකදී කිසිවෙකුට අර්බුදය සම්පූර්ණයෙන්ම වටහා ගැනීම හෝ ඊට සාර්ථක පිළිතුරක් ගොඩනැංවීම ඉතා අසීරු කටයුත්තකි. එමනිසා මේ ප්රස්තුතය පිළිබඳව ආර්ථික අදහස් හදිසි අවසන් විනිශ්චයන් ලෙස ඉදිරිපත් වන්නේ නම් ඒවා දෘෂ්ටිවාද පමණි. නැතහොත් පරීක්ෂාවට ලක් නොකරන ලද මනස්ගාත පමණි. සාර්ව ආර්ථික විශ්ලේෂණයක් යනු ලංකාව වැනි ඉතා ව්‍යාකූල ආර්ථිකයක් ඇති රටක බරපතළ ප්රශ්නකාරී වූ ක්‍රියාවකි. ලංකාව ව්‍යාකූල ආර්ථිකයක් පවතින බව මෙහිදී කියන්නෙ ඇයි? ‘ආර්ථික විද්‍යාව’ නම් ‘නිදහස් තරගකාරී…
Read More