කොවිඩ් නිසා සමාජ අපකීර්තියට පත් වූ පුද්ගලයින්ට මොකද වෙන්නේ.

Sri Lanka Coronavirus Trade Zone

කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා සෑම අතකින්ම මානසික පීඩාවට ලක් වූ කොටසක් ඇත. ඒ ඇඟලුම් සේවකයින් හා ස්වයං රැකියා වල නිරතව සිටි පුද්ගලයින්ය. කොවිඩ් පිලිබඳ මාධ්‍ය වාර්තාකරණයේදීද ඇතැම් මාධ්‍ය ආයතන විසින් සිදුකළ ක්‍රියාවන්ද මෙයට බොහෝ හේතු වී තිබුණි. කොවිඩ් ආසාදිත රෝගියෙකු මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සොයා යන අවස්ථාව වීඩියෝ කර මාධ්‍යයෙන් පෙන්වන්නේ අපරාධකරුවෙකු සොයාගෙන යන ආකාරයටය. මෙය මාධ්‍ය ආචාර ධර්ම අභිබවා ගිය ක්‍රියාවලියකි. කොවිඩ් දෙවැනි රැල්ල ආරම්භ වූයේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් බව අප සැම දන්නා කරුණකි. නමුත් සමාජයේ ඇතැම් තරුණයින් මේ බ්‍රැන්ඩික්ස් ආයතනයේ නිල අඳුමෙන් සැරසී යන තරුණියන්ට උසුලු විසුලු කළේය.…

Read More

බියගම ඇන්සල් කම්කරුවන් වෙනුවෙන් ජාත්‍යන්තර උද්ඝෝෂණයක් දියත් කෙරේ!

An international campaign is launched on behalf of Biyagama Ansell workers

බියගම නිදහස් වෙළඳ කලාපයේ ඇන්සල් ලංකා ආයතනයේ පාලනාධිකාරිය විසින් හත් වසරකට ඉහත දී සේවයෙන් නෙරපා හරින ලද කම්කරුවන්ට යුක්තිය ඉටු කර ගැනීම සදහා  නව ජාත්‍යන්තර සහයෝගීතා ව්‍යාපාරයක් ජනවාරි 21 වන දින ඔස්ට්‍රේලියාවෙන් අරඹා තිබේ. වෛද්‍ය හා කාර්මික අත්වැසුම් නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයකු ලෙස සැලකෙන ඔස්ට්‍රේලියානු බහුජාතික සමාගමක් වූ ඇන්සල් සමාගම මෙම කම්කරුවන් සේවයෙන් පහ කරන ලද්දේ වෘත්තීය සමිතියක සාමාජිකයන් වීමේ ‘වරදටය’. එමගින් ඇන්සල් සමාගම ඉලක්ක කර ඇත්තේ තම ආයතනයේ ක්‍රියාත්මක ශක්තිමත් වෘත්තීය සමිති කඩාදැමීමය. ඕස්ට්‍රේලියා-ආසියා කම්කරු සබැඳිය (Australia Asia Workers Links – AAWL) විසින් ඇන්සල් සේවකයන්ට ජාත්‍යන්තර සහාය එක් කිරීම වෙනුවෙන්…

Read More

යලිත් නිදහස් වෙළඳ කලාප වල කොවිඩ්?

Covid back in free trade zones

වතුපිටිවල, මාතලේ – නාඋල කම්හල් දෙකක  සේවක සේවිකාවන් 136 දෙනෙකුට  කොවිඩ් ආසාදනය වී ඇතැයි පහුගියදා  මාධ්‍ය මඟින් වාර්තා කර තිබුණි. මෙහිදී එකී කම්හල් දෙක වසා දමා ඇති බවත් 700 ක් නිරෝධායනයේ බවත් ඉන් වැඩිදුරටත් කියවිණි. නමුත් මේ වන විට වතුපිටිවල පමණක් නිදහස් වෙළඳ කලාපයේ 150 ක් පමණ ආසාදිතයින් බව තහවුරු කර ගෙන ඇත. මේ අතර කොග්ගල නිදහස් වෙළද කළාපයේ කොරෝනා ආසාදිත ඇඟලුම් කම්හල් සේවක සේවිකාවන්ගේ සංඛ්‍යාව ‍ (21) උදෑසන වනවිට 101 දක්වා ඉහළ ගොස් ඇති බැව් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසා තිබුණි. පසුගිය 20 වෙනි දිනය…

Read More

පොරොන්දු වෙනුවට නෙක්ස්ට් පාලකයන් මැරයන් යොදවයි!

employees of the next company

කොරෝනා වසංගතයෙන් ආර්ථිකයට වැඩිම පීඩාවක් එල්ල වූ වර්ෂයක අවසානයේ  තමන්ට  හිමි බෝනස් මුදල් ඉල්ලා සේවකයන්ට සිදුකළ වර්ජනය කඩාකප්පල් කිරීම සදහා මැරයන් යෙදූ බවට ජාත්‍යන්තර ඇඟලුම් ක්ෂේත්‍රයේ දැවැන්තයකුට චෝදනා එල්ල වී තිබේ. තමන්ට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා අඛණ්ඩ විරෝධතාවක් පවත්වාගෙන යන කටුනායක නිදහස් වෙළඳ කලාපයේ නෙක්ස්ට් සේවක සේවිකාවන්ට එරෙහිව පොලිස් බලමුළු වලට අමතරව මැරයන්ද  කැඳවා  තිබූ බව සේවක සේවිකාවෝ පවසති. එයින් නොනැවතුණු පාලකයෝ කාර්ය මණ්ඩලයට ප්‍රධාන දොරටුවෙන් ඇතුල්වීම වැලක්වීමටද පියවර ගෙන තිබේ. “පොලීසියෙන් ගෙන්නුවා එකසිය පනහක් විතර පොලිස් නිලධාරීන්, පාතාලේ අය ගෙන්නලා මේ ළමයින්ට තර්ජනය කරලා තිබුනා,” යි එක් සේවිකාවක්  …

Read More