චීන එන්නත ගත් අයට විදේශගත වීමේදී ගැටලු- රවී කුමුදේශ්

sinopharm vaccine Problems when going abroad

සයිනොෆාම් කොවිඩ් 19 එන්නත එන්නත් කළ පුද්ගලයින්ගෙන් සියයට 95 ක් තුළ ප්‍රතිදේහ නිපදවන බවත් ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව එය ඉතා ඵලදායී බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම විසින් සොයා ගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම ප්‍රකාශ කර තිබු පුවතක් මාධ්‍ය වාර්තා කර තිබුණි. එම පර්යේෂණ කණ්ඩායම කියා තිබුණේ සයිනොෆාම් එන්නත සඳහා ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාර පිළිබඳව සොයා බැලූ බවත්, එන්නත මගින් 95% කට වඩා වැඩි පිරිසකගේ ප්‍රතිදේහ ප්‍රතිචාර දක්වන බව සොයා ගන්නා ලද බවත්ය. එසේම එම ප්‍රතිශතය ස්වාභාවික COVID-19 ආසාදනයෙන් පසුව දක්නට ලැබෙන මට්ටම බව ද ඔවුහු ප්‍රකාශ කර තිබුණි.…

Read More

සෞඛ්‍ය ලේකම්ලා ජනපති සාකච්ඡාවල ඉන්නේ ගල් බිල්ලෝ වෙලා – රවී කුමුදේශ්

ravi kumudesh Health strike

පරිපූරක වෛද්‍ය සේවාවේත්, හෙද සේවාවේත්, අතුරු වෛද්‍ය සේවාවේත් මාණ්ඩලික සේවා තත්වය, උසස්වීම් ක්‍රමය, අමතර දීමනා ක්‍රමය, උපාධි වැටුප කප්පාදු කරන ලද්දේ රජයේ වෛද්‍ය නිලධාරී සංගමයට උවමනා ආකාරයට, සෞඛ්‍ය ලේකම්ලා ජනපති සාකච්ඡාවල ඉන්නේ ගල් බිල්ලෝ වගේ. වර්ජන ඇතිවෙන්නේ ඒ නිසා යැයි පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති  රවී කුමුදේශ් මහතා පවසයි. ඔහු පවසන්නේ ජනාධිපතිවරයා විසින් මෙම පිරිස  වර්ජනයකට තල්ලු කල බවය.  අසාධාරණ  සිදු වුණේ එකට බවත් එය නිවැරදි කරන ලෙස ඉල්ලීම් කෙළේ අරගල කලේ එකට බවත් නමුත් අගමැතිතුමා සාකච්චා දෙන්නේ දේශපාලන හිතවත් කමට එක සංගමයකට පමණක් බව ඒ මහතා පෙන්වා දෙයි.…

Read More

සෞඛ්‍ය ඇමතිවරියව “බ්ලැක් මේල්” කරන්නේ කවුද? | Ravi Kumudesh

Read More

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අර්බුද ඇති කරන නිලධාරීන් ගැන අනාවරණයක්!

Disclosure on Crisis officials in the Ministry of Health

සෞඛ්‍ය අමාත්‍යාංශය අද වෛද්‍ය අමාත්‍යාංශයක් බවට පත් කරගෙන සිටින්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නොව සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුලත සිටින ව්‍යාපාරික කල්ලියක් බව සෞඛ්‍ය සේවා වෘත්තිය සමිති කමිටුව කියා සිටියි. වෛද්‍ය සේවාවට පමණක් 78%ක පමණ දීමනා වැඩි කිරීමේදී අනෙකුත් සෞඛ්‍ය සේවාවන් අතර බරපතල නොසන්සුන්තාවයක් ඇති විය හැකි බව හෝ  වෛද්‍ය පරිපාලන නිළධාරීන්ගෙන් උපදේශයක් හෝ අනතුරු ඇඟවීමක් නොලැබුනේද යන්න විමසා සිටින එම කමිටුවේ කැඳවුම්කාර මණ්ඩලයේ රවී කුමුදේශ් මහතා පෙන්වා දෙන්නේ අමාත්‍යවරිය, ලේකම්වරයා හෝ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතැම් ගැටළු විසඳා දීමට සාධාරණ උත්සහයක් ගනු ලැබූවද පහල සිටින නිළධාරීන් කිහිපදෙනෙකු හිතාමතාම වෛද්‍ය නොවන වෘත්තීන්…

Read More

තෙල් මිල වැඩි කිරීමට එරෙහිව වෘත්තීය සමිති සටනට!

increasing fuel prices Trade unions in Sri Lanka

රටේ ජනතාව පීඩාවට පත් කරමින්  ඉහළ දැමු  ඉන්ධන මිල වහා අඩු කරන ලෙස වැඩ කරන ජනතාව නියෝජනය කරන වෘත්තීය සමිති ආණ්ඩුවට බල කර සිටි. මාරාන්තික වසංගත තත්වය තුළ බඩුමිල කිහිප ගුණයකින් වැඩි වී තිබියදී එදාවේලවත් පිරිමසා ගත නොහැකිව සිටින ජනතාවට මෙසේ තෙල් මිල ද ඉහළ දැමීම සැලසුම් සහගතව සිදුකළ මරු පහරක් බවයි වැඩ කරන ජන බලය සංවිධානය පවසන්නේ. ඉන්ධන මිල වැඩිකිරීම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයාගේ ආරක්ෂාවට ජනාධිපතිවරයා ඇතුළු ඇමැතිවරුන් සමූහයක් ඉදිරිපත් වී සිටියදී එමගින් කම්කරු පිරිස් අනාරක්ෂිත භාවයට පත්ව ඇති අයුරු වෘත්තීය සමිති එකතුව පෙන්වා දී තිබේ. භූමිතෙල් මිල ද…

Read More

එකම අමාත්‍යාංශයක අය පරස්පර කථා නිසා රටේ ජනතාව වික්ෂිප්ත වෙලා! – මාධ්‍යවේදී නාලක ගුණර්ධන

Contradictory statements of the Ministry of Health Nalaka Gunawardene

අද සෞඛ්‍ය තොරතුරු සන්නිවේදනය කරන ඇතැම් නිලධාරීන් ඒ පිලිබඳ කුසලතාවයෙන් තොර බව පැහැදිලිවම පෙනෙන කරුණක් බවත් දැන් රටට මෙය විහිලුවක් වී ඇතැයිද ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නාලක ගුණවර්ධන මහතා පවසයි. ඇතැම් විට මේ කියන්නේ ජනතාවට ඇත්තටම නොතේරෙන්නද කියන සැකය මතු වෙන බවද ඔහු කියා සිටියි. ඒ මහතා මේ බව කියා සිටියේ පෙරේදා (20) දින සූම් තාක්ෂණය ඔස්සේ අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ විසින් සංවිධානය කරන ලද වසංගතයෙන් වසන් වෙන තොරතුරු සංවාදශීලි කථිකාවතට එක් වෙමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ මාධ්‍යවේදී නාලක ගුණවර්ධන මහතා මෙසේද පැවසුවේය. මේ ඇත්තේ ආපදා අවස්ථාවක්. සුනාමියෙන් පසු අප මුහුණ දුන්…

Read More

තොරතුරු සීමා කිරීමට කටවල් වලට මුඛ වාඩම් දැමීම හොඳ දෙයක් නෙමේ – රවී කුමුදේශ්

ravi kumudesh Circular relating to the provision of information to the media

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ජනමාධ්‍යට තොරතුරු ලබා දීම සම්බන්ධ චක්‍රලේඛයක් සෞඛ්‍ය නිලධාරීන්ට යැවීම තුලින් පැහැදිලිවම පෙනී යන්නේ තොරතුරු වසං කිරීමක් එහෙමත් නැතිනම් තොරතුරු වාරණය කිරීමක් සිදු කරන බව වෛද්‍ය රසායනාගර විද්වත් වෘත්තිය වේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි. එසේම සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා අලුත් ලෙස යවා තිබු මෙම චක්‍රලේඛය පැරණි එකක් බවත් මන්ද මෙහි සඳහන් කර ඇති වගන්තිය පැරණි එකක් යැයිද ඔහු පෙන්වා දෙයි. 100% ක් ජනතාවට වග වෙන සියලු පහසුකම් වලින් සහිත සෞඛ්‍ය සේව සේවාවක් නැති කොට මෙම තොරතුරු වාරණය කිරීම ඉතාම නරක තත්ත්වයක් බව අවධාරණය කරන ඒ මහතා පවසන්නේ…

Read More

PCR ප්‍රමාදය ගැන විශේෂ හෙළිදරව්වක්!

pcr rapid antigen test sri lanka ravi kumudesh

දැනට සිදුකරන PCR පරීක්ෂණ ප්‍රමාද වීම වළක්වාගෙන නිවැරදි දත්ත ලබා ගැනීමට නම් කළ යුත්තේ කුමක්දැයි වෛද්‍ය රසායනාගර විද්වත් වෘත්තිය වේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පෙන්වා දී සිටියි. PCR ප්‍රමාදය ගැන මේ වන විට රටේ විශාල කථා බහක් නිර්මාණය වී ඇති බවත් රසායනාගාරයක් තුල PCR පරීක්ෂාවක් සිදු කෙරෙන්නේ කෙසේද යන්න අවබෝධයක් ලබා ගැනීම වැදගත් බවත් මන්ද යත් මේ සඳහා ඇතැම් අංශ ලබා දෙන ප්‍රතිපාදන, ප්‍රතීක්‍රියක, යන්ත්‍ර දෙස බැලු විට ඒ පිලිබඳ අවබෝධයකින් කටයුතු කරන බවක් පෙනෙන්නට නැතැයි ද ඔහු පවසයි. PCR පරීක්ෂාවක් දැනට සිදු කරනු ලබන්නේ සම්ප්‍රදායික ක්‍රමයක් යටතේ බවත්…

Read More

PCR වැඩි කරනවා වෙනුවට වෛද්‍ය පරිපාලකයින්ගේ වෘත්තීය කුහක බව රැක ගැනීම | Ravi Kumudesh

Read More

රසායනාගර අර්බුදය උග්‍ර වේ!

laboratory crisis in sri lanka ravi kumudesh current covid situation

රසායනාගාර අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කර සති දෙකක් ගත වුවත් තවමත් නිසි පිළිතුරක් ලැබී නොමැති බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ රවී කුමුදේශ් මහතා පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදී ඇති විශ්ලේශක යන්ත්‍ර ගණනාවක් මේ මොහොතේ ක්‍රියා විරහිතව ඇත්තේද, ඊට අදාළ ප්‍රතික්‍රීයක ලබා නොදීම හේතුවෙන් බවත්  සංවේදී ප්‍රතික්‍රියක නොලැබීමත්, ඒ හේතුවෙන් අත්‍යවශ්‍ය යන්ත්‍ර ක්‍රියාත්මක කර ගැනීමට නොහැකිවීමත් හේතුවෙන් රසායනාගාර වල වේගය අඩාල වීමත්, දැරිය හැකි නො හැකි ප්‍රමාණයට පරීක්ෂණ පැමිණීමත්, සැපයුම් පද්ධතිය අතිකාල සේවා වැනි අවශ්‍යතාවයන් පිළිබඳව කිසිදු අවධානයක් යොමු නොවීමත්, හේතුවෙන් බරපතළ අර්බුදයකට ලක් වෙමින් තිබෙන රසායනාගාර සේවාව, විධිමත්…

Read More