“ත්‍රිපිටක සංරක්ෂිත පනතක්” පාර්ලිමේන්තුවට

"ත්‍රිපිටක සංරක්ෂිත පනතක්" පාර්ලිමේන්තුවට

අනාගත පරම්පරා වෙනුවෙන්  ත්‍රිපිටකය ආරක්ෂා කර තැබීම සදහා “ත්‍රිපිටක සංරක්ෂිත  පනතක්” පාර්ලිමේන්තුව මගින් සම්මත කිරීමට අවශ්‍ය පියවර ගැනීම සදහා theravada buddhism මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. රජය පවසන පරිදි බුදු දහමේ කේන්ද්‍රස්ථානයක් ලෙස මෙරට පිළිගැනීමට ලක්වී ඇති හෙයින් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දෙමින් බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීමකි. 1956 වර්ෂයේදී 2500වන ශ්‍රී සම්බුද්ධ ජයන්තිය සැමරීම නිමිති කොට ගෙන ත්‍රිපිටකය සිංහල භාෂා පරිවර්තන සහිතව මුද්‍රණය කර ඇත. ත්‍රිපිටක ධර්මය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් 2019 පෙබරවාරි 07 දිනැති ගැසට් නිවේදනය මගින් ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කර ඇති අතර, එමගින් රජයේ…

Read More

පනත් පහක් සංශෝධනයට

Five Acts to be amended

මෙවර පැවති කැබිනට් මණ්ඩලය විසින් පනත් පහක් සංශෝධනය කිරීම කෙරෙහි දැඩි අවධානයක් යොමු කර ඇත. ඒ අතර සේවකයින්ගේ අවම වේතනය පිළිබඳ පනත සංශෝධනය සුවිශේෂිය. ඒ අනුව අවම වැටුප සියයට 25කින් ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. එමෙන්ම  තවත් පනත් කිහිපයක් සංශෝධනයට අදාළව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනා සඳහා නිර්දේශ ලබා ගැනීම සඳහා ව්‍යවස්ථා කටයුතු පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව වෙත යොමුකර ඇති බව  (19) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කර සිටියි. ඒ අනුව, එම අනුකාරක සභාව විසින් ඉදිරිපත් කරන ලද…

Read More

ස්ත්‍රී දුෂණයට අදාළ නීති සංශෝධනයට සැලසුම්!

Plans to amend the laws related to rape

ස්ත්‍රී දුෂණයට අදාළව දණ්ඩ නීති සංග්‍රහයේ පනවා ඇති විධිවිධාන සංශෝධනය කිරීම සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ සම්බන්ධ නීති ප්‍රතිපාදන දැක්වෙන්නේ ව්‍යවස්ථාපිත ස්ත්‍රී දුෂණය යටතේය. දණ්ඩ නීති සංග්‍රහයේ 363 වන වගන්තියේ ස්ත්‍රී දුෂණය බරපතල අපරාධයක් වශයෙන් අර්ථ නිරූපණය කර ඇති අතර, එම අපරාධය යටතට ගැනෙන නිශ්විත වරදවල් කවරේද යන්න පිළිබදවද දණ්ඩ නීති සංග්‍රහයේ කරුණු ඇතුලත් බවයි රජය පවසන්නේ. තවද ශ්‍රී ලංකා වෛද්‍ය නීති සංගමය විසින් සිදු කරන ලද අධ්‍යයනයක් මගින් ව්‍යවස්ථාපිත ස්ත්‍රී දුෂණයට අදාළව දණ්ඩ නීති සංග්‍රහයේ විධිවිධාන සංශෝධනය  කිරීමේ අවශ්‍යතාව පෙන්වා දී තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින්…

Read More

පුවත්පත් මණ්ඩල පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය!

Cabinet approves amendment to Press Council Act

විද්‍යුත් හා නව මාධ්‍ය ද ආවරණය වන පරිදි ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 1973 අංක 05 දරන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනතේ විධිවිධාන පුවත්පතට පමණක් සීමා වී ඇති බැවින් පුවත්පත් මණ්ඩලය ව්‍යුහාත්මක ලෙස ප්‍රතිසංස්කරණය කර විද්‍යුත්, මුද්‍රිත හා නව මාධ්‍ය ආවරණය වන පරිදි මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන පිළිබදව විනිශ්චය ආයතනයක් ලෙසද, මාධ්‍ය අධ්‍යාපනය ප්‍රවර්ධනය කෙරෙන මධ්‍යස්ථානයක් ලෙසද ප්‍රතිසංවිධානය කළ යුතු බව හදුනාගෙන ඇති බවයි රජය පවසන්නේ. එබැවින්, වර්තමාන අවශ්‍යතාවයන්ට ගැලපෙන අයුරින් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය  කිරීම සදහා නිර්දේශ ලබා ගැනීම පිනිස…

Read More