රාජ්‍ය ආයතන වල අතිරික්ත සේවකයන් ඉවත් කරනවා – බන්දුල

ඉදිරියේදී රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුගත කිරීමේ දී වන්දි ගෙවා අතිරික්ත සේවකයන් ඉවත් කිරීමට සිදුවන බව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසා සිටියේය.

එනම් මීට පෙර අවස්ථා වලද අතිරික්ත සේවකයන් ඉවත් කිරීමට එම ක්‍රමවේදය යොදා ගත් බවත් රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල වල ඇති වන්දි සුත්‍රයට අනුව කටයුතු සිදු කරන බවද අමාත්‍යවරයා එහිදී පවසා සිටියේය.

එසේම අමාත්‍යවරුන් එම ආයතන වලට තම හිතවතුන් පත්කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් කමිටු මඟින් අධ්‍යයනය කර වන්දි සුත්‍රය අනුව කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

Social Sharing
නවතම