පනත් පහක් සංශෝධනයට

මෙවර පැවති කැබිනට් මණ්ඩලය විසින් පනත් පහක් සංශෝධනය කිරීම කෙරෙහි දැඩි අවධානයක් යොමු කර ඇත.

ඒ අතර සේවකයින්ගේ අවම වේතනය පිළිබඳ පනත සංශෝධනය සුවිශේෂිය. ඒ අනුව අවම වැටුප සියයට 25කින් ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

එමෙන්ම  තවත් පනත් කිහිපයක් සංශෝධනයට අදාළව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනා සඳහා නිර්දේශ ලබා ගැනීම සඳහා ව්‍යවස්ථා කටයුතු පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව වෙත යොමුකර ඇති බව  (19) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කර සිටියි.

ඒ අනුව, එම අනුකාරක සභාව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ සැලකිල්ලට ගෙන, එකී පනත් සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පත් සකස් කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.

සංශෝධනය වන සෙසු පනත් පහත පරිදිය.

* ආගාමික හා විගාමික පනත (දැනට ක්‍රියාත්මකව පවතින 1948 අංක 20 දරණ ආගාමික හා විගාමික පනත සහ ඊට අදාළ සංශෝධන පරිච්ඡින්න කර අලුතින් පනතක් හඳුන්වා දීම)

* 2006 අංක 12 දරණ මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනත සහ 2011 අංක 13 දරන පළාත් සභා (මුද්දර ගාස්තු මාරු කිරීමේ) පනත

* 2016 අංක 3 දරණ සේවකයින්ගේ අවම වේතනය පනත

* 1999 අංක 46 දරණ ප්‍රජාපාදක විශෝධන පනත

* දණ්ඩ නීති සංග්‍රහයේ 53 වන වගන්තිය (බාල වයස්කරුවන්ට මරණ දණ්ඩනය ලබා දීමට අදාළ විධිවිධාන)

Social Sharing
නවතම