අපිට ඉන්නේ නියම නීතිපතිවරයෙක් ය. මහජන ආරක්ෂාව පිළිබඳ ලේකම්ට විරුද්ධව උසාවියට අපහාස කිරීමේ චෝදනා ගොනුකරන්න යැයි අගවිනිසුරු නීතිපතිට කියනවිට මේ නීතිපති කළේ වහාම ලේකම්වරයා කැඳවා ඔහු අගවිනිසුරු හමුවට ගෙනගොස් අදාළ සිදුවීම ගොඩින් බේරාදීමය. මේ ඔහුගේ එවැනි පන්නයේ දෙවෙනි විසඳුමයි. බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වන දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගෙන උසාවියට දාන්න යැයි උපදෙස් නොදෙන මේ නීතිපති, මෙවර පොලිස්පතිට උපදෙස් ලබාදී ඇත්තේ මැයි 09 දා ප්‍රහාරය පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් සඳහා මේ පුද්ගලයා වෙනත් පළාතකට මාරුකරන ලෙසය. මැයි 09 වෙනිදා සිදුවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් සම්බන්ධ විමර්ශනවලට අනවශ්‍ය ලෙස මැදිහත් වීම වැළැක්වීම, මෙම…
Read MoreTag: attorney general of sri lanka
හිජාස්ට ඇපදෙනවට විරුද්ධ නෑ – නීතිපති
ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යොදාගෙන සිරගත කොට සිටි නීතිඥ හිජාස් හිස්බුල්ලාට ඇප දීමට විරුද්ධතාවක් නොමැති බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුන්දී ඇත. රිමාන්ඩ් භාරයට පත් කර සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලාට එරෙහිව ලබන ජනවාරි 28 වැනි දා පුත්තලම මහාධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගයෙන් පසුව ඔහු සම්බන්ධයෙන් කෙරෙන ඇප ඉල්ලීමකට විරුද්ධ නොවීමට තීරණය කර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව පසුගිය ජනවාරි 20 දා අභියාචනාධිකරණයට දැනුම් දී ඇත. තමන් ඇප මත මුදා හරින ලෙස නීතිඥ හිජාස් හිස්බුල්ලා වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු ප්රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා එම…
Read Moreචම්පික රිමාන්ඩ් කරන්න නීතිපති ඉල්ලීම අධිකරණය වීසිකරයි
පසුගිය වර නඩුවට සහභාගී නොවූ, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තා බොරුබව සඳහන් කරමින්, ඒ මහතා රිමාන්ඩ් කරන්නැයි නීතිපති මහාධිකරණයෙන් කළ ඉල්ලීම එම අධිකරණය පිළිගෙන නැතිබව වාර්තා වෙයි. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අධිකරණයට ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තා පිළිගත් අධිකරණය, මෙම නඩුව ලබන පෙබරවාරි 18 වනදා සිට සාමාන්‍ය පරිදි විභාගයට ගන්නට තීරණය කර ඇත. අද 21 දා විභාගයට ගත් මෙම නඩුවේදී වෛද්‍ය වාර්තා සාවද්‍ය බවට නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ තර්ක, විත්තියේ නීතිඥවරයා හාස්‍යයට ලක් කරමින් පෙන්වා දී ඇත්තේ, මන්ත්‍රීවරයාගේ රෝගී තත්ත්වය විනිශ්චය කර ඇත්තේ ඒ පිළිබඳව සිටින ඉහළම…
Read Moreනීතිපති ගේ උපදෙසින් ‘එක රටක් එක නීතියක්’ ලොක්කා නිදහස්!
එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානි, බොදුබල සේනා සංවිධානයේ නායක ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව පවරා තිබු නඩුවක් පසුගිය 10 වැනිදා යළි කැඳවූ අවස්ථාවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා විසින් නියෝග නිකුත් කර ඇත්තේ ඥාණසාර හිමියන් නිදහස් කරන ලෙසය. එහිදී එම මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර ඇත්තේ මෙම නඩුකරය තව දුරටත් පවත්වා ගෙන යන්නට අදහසක් නොමැති බැවින් සැකකාර භික්ෂුන් වහන්සේ නිදහස් කරන්නැයි නීතිපති සංජය රාජරත්නම් ලබා දුන් උපදෙස් මත මෙම නියෝගය නිකුත් කරන බවය. ඉස්ලාම් ආගමටත්, අල්ලා දෙවියන් වහන්සේටත් අපහාස කිරීමේ චෝදනා ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන්ට විරුද්ධව නඟා තිබුණි.…
Read Moreතරුණයන් 11 අතුරුදන් කළ සිදුවීමට නම ගෑවුන කරන්නාගොඩට වයඹ ආණ්ඩුකාර ධුරය
කොළඹ හා ආශ්‍රිත ප්‍රදේශවල ජීවත්වුණ තරුණ පුද්ගලයන් 11ක් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ නඩුවේ විත්තිකරුවකු ලෙස නීතිපතිවරයා විසින් නම්කර අධිචෝදනා පත්‍ර ලබාදී පසුව නීතිපතිවරයා විසින් එය ඉවත්කරගෙන සිටි හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ හට රාජා කොල්ලුරේගේ මරණයෙන් හිස්වූ වයඹ ආණ්ඩුකාර ධුරය ජනපති ගෝඨාභය රාජපක්ෂ විසින් පිරිනමා ඇත. 2008 / 2009 කාලයේ තරුණයන් එකොළොස් දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කළ බව පැවසෙන සිදුවීමට අදාළව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ චෝදනා ලබා සිටි අතර පසුව වර්තමාන නීතිපතිවරයා එම අධිචෝදනා ඉවත් කරගනු ලැබිණි. තමන් නාවික හමුදාවේ මුල් පුටුව හෙබවූ සමයේ…
Read Moreහිටපු නාවික හමුදාපති ඉවත් කළ “රහස්‍ය වාර්තා” වින්දිත පාර්ශවයත් ඉල්ලයි!
නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරයකුගේ “රහස්‍ය වාර්තාවක්” පදනම් කරගෙන, තරුණයින් ඇතුළු පුද්ගලයන් එකොලොස් දෙනකු බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීමේ චූදිත හිටපු නාවික හමුදාපතිට එරෙහිව අධි චෝදනා ඉවත් කරගැනීමට නීතිපතිවරයා පියවර ගත් බව අභියාචනාධිකරණයේදී ඉකුත් 01 දා හෙළි විය. ඒ රහස්‍ය වාර්තාව ඊයේ (02) අභියාචනාධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර ඒ පිලිබඳ තීන්දුවක් නොවැම්බර් 08 වැනිදා ලබා දීමට සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේය. මේ අතර එම වාර්තාවේ සඳහන් තොරතුරු දැනගැනීම අයිතිය ඉල්ලා පීඩිතයන්ගේ නෑ දෙමාපියන් සමග එක්ව මානව හිමිකම් ක්‍රියාධාරීන් හා නීතිඥවරුන් උද්ඝෝෂණයක් දියත් කර තිබේ.…
Read Moreනීතිපතිට විරුද්ධව උසාවිය ඉදිරිපිට විරෝධතා!
තරුණයන් ඇතුළු පුද්ගලයන් එකොලොස් දෙනකු බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීමේ චූදිත හිටපු නාවික හමුදාපතිට එරෙහිව අධි චෝදනා ඉවත් කරගැනීම සම්බන්ධයෙන් විරෝධය එල්ල වී තිබේ. නීතිපති දෙපාර්තමේන්තුව විසින් හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩට එරෙහිව ඉදිරිපත් කර ඇති අධිචෝදනා ඉවත්කර ගැනීමට නීතිපතිවරයා ගෙන තිබෙන තීරණයට විරෝධය දක්වමින් අතුරුදහන් කළවුන්ගේ පවුල් එකතුව කොළඹ අභියාචනාධිකරණය ඉදිරිපිට ඊයේ 29 වැනිදා නිහඬ උද්ඝෝෂණයක නිරතවිය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු නීතිපති වරයා ලෙස පත් කළ සංජය රාජරත්නම්ට එරෙහිව අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ විරෝධතාවය පැවැත්වෙද්දී, නීතිපතිවරයාගේ තීරණය බලරහිත කරන ලෙස ඉල්ලමින් ඔවුන්…
Read Moreදුමින්ද සිල්වාට රට සවාරි තහනම් කරන්නැයි මූලික අයිතිවාසිකම් පෙත්සමක්!
අගමැති මහින්ද රාජපක්ෂ ජනාධිපතිධුරය හොබවන සමයේ ඔහුගේ වෘත්තීය සමිති උපදේශකයා වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මරා දැමීමට වරදකරු වී මරණ දඬුවම් ලබා සිටියදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සමාව ලබා දුන් නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වාට රටින් පිටවීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයකු වන නීතීඥ ගසාලි හුසේන් විසින් ගොනු කර තිබෙන මෙම පෙත්සමෙහි වගඋත්තරකරු වන්නේ නීතිපතිවරයායි. මරණ දඩුවම් ලබා සිටි දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබා දී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 සහ 34 (1) වගන්තී …
Read Moreරිෂාඩ්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් වලටත් කැපිල්ලක්ද?
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඉකුත් අප්‍රේල් 24 දා අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ රඳවා ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා හා ඔහුගේ සොහොයුරු වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරනයේ ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් ඉවත් වන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා අධිකරණය හමුවේ දැනුම් දී තිබුණේ ඉකුත් 05 දාය. නීතිවිරෝධී ලෙස රැදවුම් බාරයේ තබා ගෙන සිටින තමන්ව වහාම මුදාහරින්නැයි ඉල්ලා රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරා වන රියාජ් බදියුදීන් වෙන වෙනම මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබුණි. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ජනක් ද සිල්වා, යසන්ත කෝදාගොඩ සහ ඒ.එච්.එම්.ඩී. නවාස් යන…
Read Moreනීතිපතිගේ චෝදනාවට මහජන ආරක්ෂක ඇමතිගෙන් පිළිතුරක්!
වර්තමාන නීතිපති දප්පුල ද ලිවේරා මහතාගේ සේවා කාලය නිමා වීමට නියමිතව ඇත්තේ මේ මස මැයි 24 දාය. ඒ නිසා ඔහු හැකි තරම් මේ දිනවල සිය රාජකාරි කටයුතු නිමා කරමින් සිටියි. මේ අතර ඔහු ඊයේ (15) දින මහජනතාවට විශේෂ දැනුම් දීමක් සිදු කර සිටියේය. ඒ තමන්ගේ ධුර කාලය තුළ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පාස්කු ප්‍රහාරය සැලසුම් කළ, ඊට ආධාර අනුබල දුන්, ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකරමින් වගකීම පැහැර හැරි කිසිවෙකුට හෝ එරෙහිව චෝදනා ගොණු කිරීමට තමාට හැකියාවක් නොලැබෙන බවය. ඔහු එයට හේතු ලෙස සඳහන් කර තිබුනේ ඊට අදාළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්…
Read More