නීතිපති ගේ උපදෙසින් ‘එක රටක් එක නීතියක්’ ලොක්කා නිදහස්!

එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානි, බොදුබල සේනා සංවිධානයේ නායක ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව පවරා තිබු නඩුවක් පසුගිය 10 වැනිදා යළි  කැඳවූ අවස්ථාවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා විසින් නියෝග නිකුත් කර ඇත්තේ ඥාණසාර හිමියන් නිදහස් කරන ලෙසය.

එහිදී එම මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර ඇත්තේ මෙම නඩුකරය තව දුරටත් පවත්වා ගෙන යන්නට අදහසක් නොමැති බැවින් සැකකාර භික්ෂුන් වහන්සේ නිදහස් කරන්නැයි නීතිපති සංජය රාජරත්නම් ලබා දුන් උපදෙස් මත මෙම නියෝගය නිකුත් කරන බවය.

ඉස්ලාම් ආගමටත්, අල්ලා දෙවියන් වහන්සේටත් අපහාස කිරීමේ චෝදනා ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන්‍ට විරුද්ධව නඟා තිබුණි. මීට පෙර කිහිප අවස්ථාවකදීමද ආණ්ඩුවට හිතවත් ප්‍රබල පුද්ගලයින්ට විරුද්ධව නැඟෙන චෝදනාවලින් සහ අධිකරණ ක්‍රියාමාර්ගවලින් ගලවා ඔවුන් නිදහස් කරන්නට වර්තමාන නීතිපතිවරයා කටයුතු කළේය.

Social Sharing
නවතම