‘සල්ලි අච්චු ගහන්න වෙනවා’ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

Money has to be printed Prime Minister Ranil Wickremesinghe

දැනට සල්ලි අච්චු ගහන්න වෙන බවත් සල්ලි අච්චු නොගැසුවොත් රාජ්‍ය සේවක පඩි ගෙවන්නට බැරිවෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ BBC සිංහල සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එකතුවෙමින් කියා සිටී. දැනට රුපියල් ට්‍රිලියන 3ක මුදලක් අච්චු ගසා ඇති බවත්, විදේශ සංචිත සිඳී ඇති බවත් ප්‍රකාශ කළ ඒ මහතා පසුගිය ආණ්ඩුව බොරු කියූ බවද ප්‍රකාශ කළේය. ගෝඨාගෝගම තවදුරටත් පැවතිය යුතු බව ප්‍රකාශ කරන ඒ මහතා තමන්ට බහුතරය නැතත් සියල්ලෝම එකතුකරගෙන මෙම ආර්ථික අර්බුදය විසඳා ජනතාවට තුන්වේල කන්න පුලුවන් පරිසරයක් හදන බව, පෝලිම් යුගය අවසන් කරන බව ප්‍රකාශ කරයි. තමන් 2002 දී චන්ද්‍රිකා සමග වැඩ…

Read More

රුපියල් ඉහළ යයි

ඇමරිකානු ඩොලරයේ විකුණු මිල රුපියල් 365 ක් දක්වා අද (13) දිනයේ පහත වැටී ඇත. එනම් ඇමරිකානු ඩොලරයේ අද (13) දිනයේ විකුණුම් මිල රුපියල් 364.98 ක් බවත් ගැණුම් මිල රුපියල් 355.01 ක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාණිජ බැංකු රැසක් එම බැංකුවල ඩොලරයේ විකුණු මිල රුපියල් 365 ක් ලෙස එම බැංකුවල වෙබ් අඩවි තුළ අද ප්‍රසිද්ධ කර තිබුණ අයුරු දැකගත හැක. කෙසේ නමුත් ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල ඊයේ (12) රුපියල් 380 ක්ව පැවතුණි.

Read More

රුපියල ලොව බාල්දුම මුදල් ඒකකය වේ!!

world pooresr rupeee

ෆයිනෑන්සල් ටයිම්ස් වෙබ් අඩවිය පෙන්වා දෙන අන්දමට දෛනික විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 319.99ක් ලෙස වාර්තා වූ අතර ශ්‍රී ලංකා රුපියල ලොව දුර්වලම මුදල් ඒකකය බවට පත්ව ඇත. එසේම 2022 වසරේ වඩාත් පිරිහීමට ලක්ව ඇති මුදල් ඒකකය බවට ශ්‍රී ලංකා රුපියල පත්ව ඇති බවත් එය ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 32%කින් පහත වැටී ඇති බවත් එම වෙබ් අඩවිය තව දුරටත් පෙන්වා දී ඇත. එනම් වඩාත් බාල්දුම මුදල් ඒකකය ඇති රටවල් අතරින් ශ්‍රී ලංකාව මුල් තැන ගෙන ඇත. එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට ඝානාවත්, තෙවැනි ස්ථානයට ඊජිප්තුවත්, සිවුවැනි ස්ථානය සඳහා රුසියාවත්…

Read More

රුපියලේ කඩා වැටීම: එය ක්ෂණිකව ඇති වූවක්ද?

ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන “මට මතක් වන්නේ එවකට මහා බැංකු අධිපති ජයවර්ධනයන්, ලතැවිල්ලෙන් පසුවූ ජනපති චන්ද්‍රිකා මැතිනියගේ දුරකථන ඇමතුමකට පිළිතුරු දුන් ආකාරයයි, ඇයට දැනගැනීමට අවශ්‍ය වූයේ රුපියල පා කිරීම පිළිබඳ නිවේදනය ප්‍රකාශයට පත් කිරීම පමා කිරීමට හේතුවයි. මම ඒ මොහොතේ එම කාමරයේම සිටි අයෙක්මි. ඔහු ආත්ම විශ්වාසයෙන් යුතුව කියා සිටියේ, ‘ජනපතිනියනි, වාහනයේ තිරිංග නිවැරදිව වැඩ කරනවාද යන්න සොයා නොබලා වාහනය පාරට දැමිය නොහැකියි, මුලින්ම ඒවා නිසි ආකාරයට වැඩ කරන බවට මම ඔප්පු කර ගත යුතුයි’ යන්නයි. වෙනත් අයුරකින් කියන්නේ නම් සැලසුම වැරදුනොත් අක්‍රමික ලෙස රුපියලේ අගය කඩා වැටීම නවත්වා ගැනීමට තිරිංග…

Read More

තෙල් සහ ඖෂධ මිල අහසට!

Fuel and drug prices are rising in Sri Lanka

ඩීසල් ලීටරයක් රුපියල් 75 කින් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 50 කින් මිල ඉහළ දමමින් ලංකා ඉන්දීය තෙල් සමාගම තෙල් ඒකාධිකාරයේ බල මහිමය පෙන්වා ඇත. මේ අනුව පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 254ක් සහ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 214ක් බවට පත්වී ඇත. මෙය එකවරකදී තෙල් මිල ඉහළට දැමුණු වැඩිම අගය වෙයි. තෙල් මිල මෙසේ ඉහළට යනවිට ඖෂධ මිල පාලනය ඖෂධ වෙළෙන්ඳන් අතට පත් කර ඇත. මේ පිළිබඳව මව්බිම පුවත්පතට අදහස් දක්වන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ඩොලරයේ මිල ඉහළ යාමට සාපේක්ෂව ඖෂධවල සිල්ලර මිල නියම කිරීමට ඖෂධ ආනයනකරුවන්ට සහ ඔසුසල් හිමියන්ට…

Read More

මැද පන්තියේ සැපට, බැසිල් හරහට!

basil rajapaksa

මධ්‍යම පාන්තික ජනතාව වැඩි වශයෙන් භාවිතා කරන ඔවුන්ට අවැසිම භාණ්ඩ ගණයට වැටෙන භාණ්ඩ වර්ග 367ක් අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ලෙස ගැසට් කර ඇත. ඩොලර් අර්බුදය හමුවේ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367ක් ආනයනය පාලනය කිරීමට සිඳුවෙන බව ප්‍රකාශ කරමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මෙම විශේෂ ගැසට් නිවේදනය පසුගිය පෙබරවාරි 09 දා නිකුත් කළේය. එදිනෙදා භාවිතයට ගන්නා බොහෝ ද්‍රව්‍ය මෙම ලයිස්තුවට ඇතුලත් වී ඇත. කිරි, බටර්, යෝගට් ආදී කිරි ආශ්‍රිත නිෂ්පාදන, අන්නාසි, මැංගුස්, දොඩම්, අලිගැටපෙර, පේර සහ ආනයනික පළතුරු වර්ග, චොකලට් වර්ග, පැස්ටා, නූඩ්ල්ස්, මස් වර්ග, මාළු වර්ග, ධාන්‍ය වර්ග, ළඳරු ආහාර වර්ග, පෝෂන…

Read More

රුපියල පා කිරීම බැසිල්-කබ්‍රාල් අවුලේ ප්‍රතිපලයක්ද?

dollar

කැබිනට් මණ්ඩලයට නොදන්වා ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල පා කිරීමට ගත් තීරණය බැසිල්-කබ්‍රාල් ගැටුමේ ප්‍රථිපලයක් දැයි දේශපාලන විචාරකයෝ සැකපළ කරයි. විදෙස් ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට එවන සෑම ඩොලරයකටම රුපියල් 38ක් වැඩිපුර ලබා දීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණය සහ මහ බැංකුව විසින් රුපියල පා කිරීමට ගත් තීරණය එකිනෙකට පරස්පර වීම සහ මෙම තීරණයන් දෙක ගැනීමේදී ශ්‍රී ලංකා මහබැංකුව සහ කැබිනට් මණ්ඩලය හෝ මුදල් අමාත්‍යවරයා අතර නිසි සන්නිවේදනයක් සිදුනොවී ඇති බව වාර්තා වෙන අතර එයට හේතුව මෙම ගැටුම විය හැකියැයි එම ආරංචි මාර්ග සැකපළ කරයි. රුපියල පා කිරීමට මහ බැංකුව පසුගිය 07 වෙනි…

Read More

කබ්‍රාල් රුපියල පා කරයි!

ajith nivard cabraal rupee depreciates against the dollar central bank

ශ්‍රී ලංකා මහ බැංකුව ඇමරිකානු ඩොලරයක රුපියල් අගය ලෙස පවත්වාගෙන ගිය රුපියල් 203ක මිල රුපියල් 230 දක්වා වැඩි කරන්නට තීරණය කර ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත. ඒ අනුව මින්පසුව විදේශ විනිමය ගනුදෙනුවලදී ඇමරිකානු ඩොලරය රුපියල් 230 කට නොවැඩි අගයක පවත්වා ගනු ඇති අතර මේ පිළිබඳව නිවේදනය කරන මහ බැංකුව කියා සිටින්නේ රටට ගලා එන ඩොලර් ප්‍රමාණය අඩු වීම නිසා මෙම තීරණයට එළඹි බවය. මීට පෙර අවස්ථාවලදී අජිත් නිවාඩ් කබ්‍රාල් මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ ණය වාරික පොලිය වැඩි වීම වැනි නොයේක් හේතුන් නිසා මේ දේ නොකරන බවය. ශ්‍රී…

Read More

පාන් ගෙඩියක් කාලත් හමාරයි..! 

රටේ උද්ගත වර්තමාන ආර්ථික අර්බුදය නිසා, ඉදිරියේදී පාන් ගෙඩියක මිල ඉහළ යාම රුපියල් 150න් මෙහා නැවතුනොත් ඇති බව, සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරයි. වර්තමාන ගෑස් හිඟය නිසා මේ වනවිට් බේකරි 1000ක් පමණ වසා දමා ඇතැයි ද සක්‍රීය තත්ත්වයේ තිබෙන බේකරි සතියකට දින 5ක් පමණක් වැඩ කරන බවද ප්‍රකාශ කරන එම සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන, පවත්නා මෙම තත්ත්වය දිගටම පැවතුනහොත් තව සතියක් යනවිට බේකරි සියල්ල වසාදැමීමට සිදුවෙනු ඇතැයි අනතුරු අඟවයි. තිරිඟු පිටි මිල ඉහළ යාම, ගෑස් මිල ඉහළ යාම, තෙල් මිල ඉහළ යාම සහ තිරිඟු පිටි, ගෑස්, තෙල්…

Read More

කබ්‍රාල් සහ බැසිල් කඹ ඇදිල්ලක, තෙල් විදුලිය කෑම ඖෂධ නෑ

Basil Rajapaksa ajith nivard cabraal economy down dollar crisis in sri lanka

වර්තමාන ආර්ථික අර්බුදය මේවනවිට පිළිකාවක් සේ හැම ක්ෂේත්‍රයක්ම ආක්‍රමනය කර ඇත. අද වනවිට තාප බලාගාර තෙල් නැතිව ක්‍රියාත්මක නොවීම නිසා විදුලිය සිඳලීම පැය 7 1/2ක් දක්වා වැඩිවී ඇත. මෙම තත්ත්වය ඉදිරියේදී පැය 12ක් උනත් පුදුමයක් නැත. අවසන් වරට පැමිණි ඩීසල් නැව හරවා ගිය බව මාධ්‍ය වාර්තා කළේය. හේතුව නැවට ගෙවන්නට ඩොලර් නැතිවීමය. අද පුවත්පත් වාර්තා කර තිබුණේ තෙල් ගේන්න ඩොලර් නොදෙන නිසා මහජන උපයෝගීතා කොමිසම මහ බැංකුවට සහ එහි ලොක්කා අජිත් නිවාඩ් කබ්‍රාල්ට විරුද්ධව උසාවි යන බවය. මේ අතර අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කරන වෙළෙඳ සංගමය ප්‍රකාශ කරන්නේ ඉදිරියේදී පිටරටින් ගෙන්වන…

Read More