කබ්‍රාල් රුපියල පා කරයි!

ශ්‍රී ලංකා මහ බැංකුව ඇමරිකානු ඩොලරයක රුපියල් අගය ලෙස පවත්වාගෙන ගිය රුපියල් 203ක මිල රුපියල් 230 දක්වා වැඩි කරන්නට තීරණය කර ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

ඒ අනුව මින්පසුව විදේශ විනිමය ගනුදෙනුවලදී ඇමරිකානු ඩොලරය රුපියල් 230 කට නොවැඩි අගයක පවත්වා ගනු ඇති අතර මේ පිළිබඳව නිවේදනය කරන මහ බැංකුව කියා සිටින්නේ රටට ගලා එන ඩොලර් ප්‍රමාණය අඩු වීම නිසා මෙම තීරණයට එළඹි බවය.

මීට පෙර අවස්ථාවලදී අජිත් නිවාඩ් කබ්‍රාල් මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ ණය වාරික පොලිය වැඩි වීම වැනි නොයේක් හේතුන් නිසා මේ දේ නොකරන බවය.

ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලරයේ රුපියල් විනිමය අනුපාතය විකුණුම් මිල රුපියල් 203ක මට්ටමේ කෘතීමව පවත්වාගෙන යමින් තිබුණ අතර එහෙත් කළුකඩ වෙළඳපොළේ එය රුපියල් 250ක් 260ක පමණ මිලකට අලවි විය.

Social Sharing
නවතම