වාසුදේව නානායක්කාර සහ විමල් වීරවංශ ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව විපක්ෂය විසින් ගෙන එන විශ්වාසභංගයට සහය නොදීමට තීරණය කර තිබේ. ජනාධිපතිවරයා කෙරෙහි විශ්වාසභංගයක් ගෙන ඒම මේ අවස්ථාවේ සුදුසු නොවන බව පවසමින් විශ්වාසභංගය ඉදිරියට ගෙන නොයන ලෙස ඔවුන් විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගයට උපදෙස් දුන් බව වාසුදේව නානායක්කාර ඩේලි මිරර් වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කර තිබුණි. ඒ වෙනුවට 21 වැනි සංශෝධනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කිරීම සඳහා කටයුතු කරන බවද වාසුදේව නානායක්කාර එහිදී ප්‍රකාශ කර තිබේ. දැනටමත් ජනාධිපතිවරයා සහ විපක්ෂය සමඟ සාකච්ඡා…
Read MoreTag: විමල් වීරවංශ අමාත්‍යාංශය
ජයන්ත සමරවීර ඉල්ලා අස්වෙයි!
ගුදම් පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් සහ බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර සිය ධුරයෙන් ඉල්ලා අස්වේ. ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තු පැමිණි ඒ මහතා එම පෙරමුණේ නායක විමල් වීරවංශ කැබිනට් අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමත් සමග මෙම තීරණය ගෙන ඇත.
Read Moreශ්‍රීලනීපයත් යනවාද? තීරණය අද
කැබිනට් මණ්ඩලයෙන් නෙරපා දමන්නට ප්‍රථම එයින් ඉවත්ව ආණ්ඩුවෙනු ඉවත් වෙනවා දැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කල්පනා කරමින් සිටින බව එහි ප්‍රබලයෙක් අයිතිය වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කළේය. පසුගිය 3දා විමල් වීරවංශ සහ උදය ගම්මන්පිළ අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමත් සමග උද්ගත වර්තමාන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරන්නට අණ්ඩුව සමග කටයුතු කරන සුළු පක්ෂ 11හේ කණ්ඩායම අද රැස්වෙන බව වාර්තා වෙන අතර මෙම හමුවෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ ඉන්නවාද යනවාද යන්න බොහෝ දුරට තීරණය කරනු ඇතැයි ඉහත ප්‍රකාශකයා පැවසීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් කැබිනට් මණ්ඩලයේ සිටින නිමල් සිරිපාල ද…
Read Moreවිමල්ට දැන් තියෙන්නේ මෛත්‍රී සුළඟ හදන්න..!
ලංකාව පිළිබඳව, මේ ගතවෙන කාලය පිළිබඳව මොකද හිතෙන්නේ? තෙල් පෝලින්, ගෑස් පෝලින්, විදුලිය නෑ, බස් නෑ, හාල් ගිනි ගණන්, ඒත් ආණ්ඩුව මොකද කියන්නේ? ආණ්ඩුව කියන්නේ ‘පැනික්’ වෙන්නේ නැතුව ඉන්න කියලා. ඒකෙන් පේනවා ආණ්ඩුව ආස්චර්‍යයක් බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලා. ඇත්තටම මෙතනදී ආණ්ඩුව කියලා කියන්නේ රාජපක්ෂ පවුල් ගහා. මේ බලා සිටීම අස්සේ වෙන දේවල් මොනවාද? ඩොලර් කළු කඩය මේ අස්සේ නැඟලා යනවා. නැවක් ආවාම පිටකොටුවෙන් ඩොලර් හොයලා තමයි ගෙවන්නේ.(මුදල් ඇමති තුමා කියන්නේ එහෙමනේ). ඒ අස්සේ දැන් පෙට්‍රල් ෂෙඩ්ස් වල ‘වැඩකරන අපේ විරුවා’ සිංදුව දාගෙන මිනිස්සු නටනවා. මාර්තු 5න් පස්සේ, ජනාධිපති නොකපා කරන්ට් එක…
Read Moreවිමල් ඩලස් එළියට?
වර්තමානයේ ආණ්ඩුව තුළ උද්ගත දැවැන්ත දේශපාලන අර්බූදය තුළ සහ රට තුළ උද්ගතවෙමින් තිබෙන ආර්ථික අර්බූදය තුළ අමාත්‍ය විමල් වීරවංශ සහ අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් යුතු ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමක් විපක්ෂයේ අසුන් ගැනීමේ සූදානමක් ඇතැයි වාර්තා වේ. ආණ්ඩුව සහ ජනාධිපතිවරයා එන්න එන්නම අසාර්ථක වීම තුළ ආණ්ඩුවේ ජනප්‍රියතාවය සීග්‍රයෙන් පහළ බසිමින් පවතින පසුබිමක තවදුරටත් ආණ්ඩුව තුළ රැඳී සිටීම සියතින්ම ගෙල සිඳ ගැනීමක් බව මෙම කණ්ඩායමේ අදහසයැයි දැනගන්නට ඇත. මෙම කණ්ඩායම සමග දැනට මන්ත්‍රීවරුන් 30 දෙනෙක් පමණ සිටින බවද ඔවුන්ගේ මීළඟ ඉලක්කය එලබෙන ජනාධිපතිවරණය බවද දැනගන්නට ඇත.
Read Moreවිමල්, වාසු, උදය අමාත්‍ය ධුරවලින් ඉවත් කරයි?
කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම පැහැර හැරි අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිළ ඔවුන්ට අදාළ අමාත්‍ය ධුරවලින් ඉවත් කළ යුතු බවත්, ඒ සඳහා පොදුජන පෙරමුණ තුළ හඬක් මතුව ඇති බවත්, ඒ අනුව මෙවර මෙම අමාත්‍යවරුන්ට තමන් දරණ අමාත්‍ය ධුර අහිමිවන්නට බොහෝ දුරට ඉඩ ඇති බවත්, පොදුජන පෙරමුණේ ප්‍රබලයෙක් අයිතිය වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කළේය. යුගදනවි තාප විදුලි බලාගාරයේ රජයට අයත් සියයට හතලිහක කොටස් නිව් ෆෝට්රස් එනර්ජි නැමැති ඇමෙරිකානු සමාගමට විකිණීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය බල රහිත කරන්න යැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනුකර ඇති පෙත්සම්වලට තමන් පක්ෂපාත…
Read Moreපොහොට්ටුවෙන් අරියාදු එපා! – ජා.නි.පෙ අයැදියි!
විමල් වීරවංශ මහතා දේශපාලන පක්ෂයකට අත පෙවීමක් නොකළ අතර ඔහු සිදු කළේ අදහසක් ප්‍රකාශ කිරීම පමණක් යැයිද මොරටුව නාගරික මන්ත්‍රී සුරේෂ් ඉන්දික මහතා පවසයි. කොළඹ දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ මාධ්‍ය හමුවක් කැඳවමිනි. ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතා සිදු කළ ප්‍රකාශයක් වැරදියට වටහා ගැනීම නිසා මේ වන විට සමාජයේ වික්ෂිප්ත භාවයක් මතුව ඇතැයිද බිම් මට්ටමේ ඇති තත්ත්වය පොදුජන පෙරමුණේ නායකයින් තේරුම් ගත යුතුව ඇතැයිද ඔහු පවසයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පොදුජන පෙරමුණ තුල සක්‍රීය දේශපාලනයේ යෙදීමට ඉඩක් ලබා දිය යුතු බවට අමාත්‍ය විමල් වීරවංශ මහතා සිදු කළ ප්‍රකාශයෙන්…
Read More