රක්ෂිත ප්‍රදේශ වල වගා කළ ගොවීන්ට එහි වගා කරන්න දෙන්න, බාධා එපා – ජනාධිපතිගෙන් නියෝගයක්!

Do not disturb farmers in forest areas - President orders

රක්ෂිත ප‍්‍රදේශවල මීට පෙර වගා කළ ගොවීන්ට ගැටළු නිරාකරණය වන තෙක් කිසිදු බාධාවකින් තොරව සහ අඛණ්ඩව එම ඉඩම් වල වගා කටයුතුවල නිරත වීමට සියලු ගොවීනට පූර්ණ අනුමැතිය දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියි. ඒ  “ගම සමග පිළිසඳර” 06 වැනි වැඩසටහනට පැමිණ සිටි ගොවි ජනතාව නිරතුරුව මතු කළ ගැටළුව වෙත අවධානය යොමු කරමිනි. ඒ අනුව පාරම්පරික වගා වැඩට බාධා නොකරන්නැයි වනජීවී, වන සංරක්ෂණ, පරිසර, පොලීසිය ඇතුළු සියලු ආයතනවල නිලධාරීන්ට ජනාධිපතිතුමා නියෝග කළේය. එසේම  කිසිවෙකුට අලුතින් කැලෑ එළි කොට වගා කිරීමට කිසිදු අවසරයක් නැති බව ජනාධිපතිවරයා විසින් අවධාරණය කරනු…

Read More

රාජාංගනයේ “වන අරණ”ට ප්‍රේත බැලුම්!

Deforestation in Sri Lanka

අවශේෂ වනාන්තර (Residual Forests) ආරක්ෂා කරගැනීම වෙනුවෙන් බලාත්මක කර තිබූ 5/2001 චක්‍රලේඛය අහෝසි කොට, වත්මන් ආන්ඩුව විසින් 1/2020 චක්‍රලේඛය බලාත්මක කරනු ලැබීමත් සමඟ දිවයින පුරා වනාන්තර භූමි හෙක්ටයාර ලක්ෂ 5 කට අධික ප්‍රමාණයක් 2030 වසර වන විට අහිමි වීමේ අවධානමකට ලක්ව ඇත. 2050 තෙක් ක්‍රියාත්මක වන ජාතික භෞතික  සැලැසුම් (National Physical Plan) ව්‍යාපෘතිය වෙනුවෙන් අවශේෂ කැලෑ භූමි  නිදහස් කර ගැනීමට ආන්ඩුව සූක්ෂම අයුරින්  අවශ්‍ය නීති රීති වෙනස් කරමින් සිටී. 5/2001 චක්‍රලේඛයේ ඉතා වැදගත් සඳහනක් වූයේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් නොවන කැලෑ ඉඩම් ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අවශ්‍යතාව මත නිදහස් කිරීමට තිබූ නොහැකියාවයි.…

Read More

ඇමතිගේ යෝජනාව හකුලා නොගැනීම නිසා වනජීවී නිලධාරීන් රාජකාරියෙන් බැහැර වේ!

Wildlife officials on strike due to wildlife minister's actions

ජලගැලුම් නිම්නයේ ආන්දෝලනාත්මක මාර්ගය පිළිබඳව හා වනජීවී කලාප තුළට ගවයන් ඇතුළු කිරීම වනජීවී කලාප තුළ වගා කිරීමට අනවසර පුද්ගලයන්ට පැවරීමට අනුබලදීම ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කතා බහට ලක් වීම තුළින් මෙම නීති විරෝධී ක්‍රියාමාර්ග අකුලාගෙන නොමැති බවත්, සාකච්ඡා ඉල්ලා සිටියද අදාළ දිනට පෙර සාකච්ඡා සඳහා අවස්ථා නොදීම පිළිබඳවත් විරෝධය පළ කරමින් අද (07) දින අසනීප නිවාඩු වාර්තා කර සියළු රාජකාරිවලින් බැහැර වීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමය පවසයි. මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම සංගමයේ ලේකම් ඒ.ජී.එස් විදානගමගේ මහතාගේ අත්සනින් යුතුව 2020.10.05 දාතම ලිපියෙන්…

Read More

ඇමතිට වඩා වනජීවී නිලධාරියා ලොක්කෙක්ද?

Minister of State Wimalaweera Dissanayake blames wildlife officials

අලි – මිනිස් ගැටුම පවතින්නේ අනාදිමත් කාලයක සිටය. මෙම තත්ත්වය අතීතයේ පැවතියාට වඩා මේ වන විට ඉහළ යමින් ඇත්තේය. ඒ අලින්ගේ භූමි කලාප ජනතාව විසින් අල්ලාගෙන ඇති නිසාය. සතා සිවුපාවන්ට සිය අභය භූමී අහිමි කර එය මෙරට ජනතාවගේ පරිභෝජනය සඳහා ලබා දෙන්නට දේශපාලඥයින්ටද ඇත්තේ පුදුම උනන්දුවකි. ඒ ඡන්ද එකතු කර ගැනීමටය.  ඔවුන් ඒ වෙනුවෙන් නොකරනා දෙයක් නැත. විමලවීරගේ කුලප්පුව පහුගියදා පොලොන්නරුවේදී ඇති වු සිද්ධිය මීට ආසන්නතම නිදසුනක් ලෙස දැක්විය හැකිය. ඒ වනජීවි රාජ්‍ය අමාත්‍යවරයා ගොස් පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ මර්ගයක් ඉදිකිරීමට සහ ගෘහාශ‍්‍රිත ගවයින් එම වනෝද්‍යානය තුළට ඇතුල්…

Read More