තමන් ඉල්ලා අස් නොවෙන බවත් ධුරයේ කටයුතු කිරීම සඳහා තමන්ට ජනවරමක් හිමිව ඇති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර ඇත. ඊයේ (11) ජනාධිපතිවරයා සහ සජබ මන්ත්‍රීවරුන් දෙපලක් අතර පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ පිළිබඳව මෙම අදහස ප්‍රකාශ කර ඇත.
Read MoreTag: රටේ ආර්ථිකය
ස්වාධීන මන්ත්‍රීවරු – ජනාධිපති සාකච්ඡා අසාර්ථකයි.
ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කළ මන්ත්‍රීවරුන් 41 දෙනා සහ ජනාධිපතිවරයා අතර පැවති සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වී තිබෙන බව වාර්තා වෙයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එම මන්ත්‍රී කණ්ඩායම අතර සාකච්ඡාව ඊයේ (10) රාත්‍රී 7 ට පමණ ආරම්භ වුණි. එම සාකච්ඡාවේදී ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම් විසින් මීට පෙර ඉදිරිපත් කරන ලද කරනු 11 කින් යුත් යෝජනාවලිය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුව ඇති බව සඳහන්ය. කෙසේවෙතත් එම යෝජනාවලිය සඳහා ජනාධිපතිවරයා විසින් සංශෝධන කිහිපයක්ද ඉදිරිපත් ඇති බව වාර්තා වේ. රට තුළ මතුව ඇති දේශපාලන ව්‍යාකූලත්වය සම්බන්ධයෙන් ද සාකච්ඡාවට ලක් ව ඇති…
Read Moreමිලියනයක ජන ගඟක් කොළඹට
වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හට ගෙදර යන්න යැයි බලකරන #Gohomegota2022 විරෝධතාවයේ කැඳවීමක් ලෙස අද (09) කොළඹ ගෝල්ෆේස් පිටියට ජනතාව මිලියනයක් එකතුවෙන බව වාර්තා වෙයි. ඒ අනුව මෙම අති දැවැන්ත මහජන විරෝධතාව අද උදෑසන 09.00 ට කොළඹ ගෝල්ෆේස් පිටියේදී ආරම්භ කිරීමට නියමිත ය. කිසිදු දේශපාලන පක්ෂයක නායකත්වයක් හෝ මඟපෙන්වීමකින් තොරව ජනතාව විසින්ම සමාජ මාධ්‍ය හරහා මෙම විරෝධතාවය කැඳවීම මෙහි ඇති විශේෂත්වයයි.
Read Moreඩිෆෙන්ඩර් වලින් රඟපු ඇමතිලා දැන් කෝ?
ගෝඨාභය එක්ක, ජනාධිපති ක්‍රමයත් “ගෝ හෝම්”
මෙතැන විශාල සරදමක් තිබේ. ගෝඨාභයට ගෙදර යන්නැයි කීමෙන් පාරේ සිටින මහජනතාව අද උදක්ම ඉල්ලා සිටින්නේ, ඔහු ජනාධිපති තනතුරෙන් ඉල්ලා අස් විය යුතු බවයි. ඊට අමතරව, ඔහු තමාගේ ගෙදර වන ඇමරිකාවට යා යුතු යැයි කියන අදහසත් එයින් ගම්‍ය කෙරේ. මේ අතර, විධායක ජනාධිපති ක්‍රමය වහා අහෝසි කළ යුතු බව විපක්ෂ නායකවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කොට තිබුණි. විධායක ජනාධිපති ක්‍රමය උපත ලැබුවේ ඇමරිකාවේ ය. ගෝඨා සමග එම ක්‍රමයත් ගෙදර යා යුතු බව කියන විට, ඒ දෙන්නාම යා යුත්තේ එකම රටකට වීමත්, මන පිනවන සරදමකි. මේ වන විට මුළු රටම වීදි උද්ඝෝෂණ මාලාවකින්…
Read Moreඅර්බුදයට ජනපතිගෙන් මරු විසඳුමක්!
මේ අනුව නව මුදල් අමාත්‍යවරයා ලෙස අලි සබ්රි, අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන, විදේශ අමාත්‍යවරයා ලෙස ජී ඇල් පීරිස්, මහාමාර්ග අමාත්‍යවරයා ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු පත්වීම් ලැබ ඇත. මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත් කරන තෙක් පාර්ලිමේන්තුවේ සහ රටේ අනිකුත් කටයුතු නීත්‍යානුකූල සහ ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා මෙම පත් කිරීම් සිදුකළ බවයි.
Read More“අපි හම්බ කළොත් අපි කාලා ඉන්නවා”
‘අපි නං ඔය දේශපාලනේට නැහැ’ කියමින් කාලයක් තිස්සේ පැත්තකට වී සිටි විශාල පිරිසක් වෙති. ඔවුන්ගේ කල්පනාව වුණේ, දේශපාලනය යනු බොරුවක් හෝ වංචාවක් බවත්, ඊට නොගෑවී තමන්ගේ පාඩුවේ කීයක් හෝ හරිහම්බ කරගෙන සිටියොත් හොඳටම ඇති බවත් ය. මොවුන් එසේ කීවේ, දැනට කර්කශ විවේචනයට ලක්ව තිබෙන පක්ෂ දේශපාලනය ගැන පමණක් නම්, ඔවුන්ගේ ඒ කතාවේ යම් ගත යුත්තක් ඇතැයි සිතිය හැකිව තිබුණි. නැත, ඔවුන් අදහස් කෙළේ පටු පක්ෂ දේශපාලනය පමණක් නොව, රටේ සමස්ත රාජ්‍ය පාලනය පිළිබඳ පොදු තේමාවමයි. ඒ අනුව, ශ්‍රී ලංකාකාරයෙකු හෝ යූ.එන්.පීකාරයෙකු නොවී සිටීම පමණක් නොව, ඒ තට්ටු මාරුව ප්‍රශ්න කරන…
Read Moreකඩදාසි නෑ, විභාග කල් යයි!
දකුණු පළාත් පාසල්වල 2021 අවසාන වාර පරීක්ෂණය මාර්තු 25 පටන්ගන්න නියමිතව තිබුණත් එම විභාග උග්‍ර කඩදාසි හිඟය නිසා මැයි මස 06 වෙනිදා දක්වා කල්දමා ඇත. මේ අතර බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරයා පාසැල් වෙත දැනුම් දී ඇත්තේ කඩදාසි නොමැති වීම නිසා ප්‍රශ්ණ පත්‍ර මුද්‍රණය කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බැවින් 9/10/11 ශ්‍රේණී සඳහා අවසන් වාර විභාගය කල් දැමිය යුතු බවය. මෙහිදී හැකියාවක් තිබෙයිනම් ප්‍රාථමික ශ්‍රේණි සඳහා අවසන් වාර විභාගය පාසල් මට්ටමින් පැවැත්වීමට කටයුතු කරන ලෙස ද පාසල් දැනුවත් කර ඇත. මේවනවිට සමහර ශ්‍රේණි සඳහා අදාළ විභාග ප්‍රශ්න පත්‍ර ඇතුළත් සංයුක්ත තැටිද…
Read Moreගෝඨාභය බලයට පත්වීම රටවැසියාගේ මොළේට වාසියක්.
ගෝඨාභය රාජපක්ෂගෙන් රටවැසියන්ට හොඳටම රිදෙන්නට පටන්ගෙන ඇති බව දැන් පැහැදිලියි. එහෙත්, ඒ දුෂ්කර ගමන් මඟ තුළ, මීට කලින් නොවැටහුණු බොහෝ දේවල් අවබෝධ කරගැනීමට රටවැසියන්ට අවස්ථාවක් සැලසී ඇති බවත් පැහැදිලියි. මොළය පෑදෙන එකම ක්‍රමය පොල්ලකින් තඩිබෑම වීම අපේ අභාග්‍යයකි. මේ ලිපියේ අරමුණ, මොළේ පෑදූ අගාධය ගැන කතා කිරීමට වඩා, මොළේට ඇති වී ඇතැයි පෙනෙන සෙත ගැන කතා කිරීමයි. ඊට අදාළ ඉසව් කිහිපයක් මෙසේ ය: ජාතිකවාදයකින් ඉදිරියට යාමට රටකට හැකියාවක් ඇති බවට මෙතෙක් තිබූ විශ්වාසය. හමුදාමය චින්තනයක් රටක සංවර්ධනය කෙරෙහි දායක කරගත හැකි බවට සහ සිවිල් චින්තනයකට වඩා හමුදා චින්තනයක් තුළ කටයුතු…
Read MoreIMF යාම – පමා වී එන වසන්තයකි!
වෘත්තීය භාවය සහ බල ලෝභී දේශපාලන උවමනාවන් අතර ගැටුමකින් පමා වූ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හරහා ලංකාවේ විදේශ විනිමය අර්බුදයට පිළියම් සෙවීමට අවසානයේ රජයට සිදු ව ඇත. පරාජිත බිඳුණු හඬකින් ජාතික අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂය තම තීරණය රටේ ජනතාවට පවසන විට රටට බිඳ වැටී, අඳුරේ ගිලී අවසන්ය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යාමට ප්‍රමාදවීම ආණ්ඩුවට තරමටම, ජනතාව ද අන්ත අසරණ කර තිබේ. ලංකාවට ලැබෙන IMF කොන්දේසි මොනවාද? ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර 2019 පෙබරවාරි සිට දීර්ඝ සාකච්ඡා පැවැත්වුණි. එහි දී, IMF ලංකා රජයට ඉදිරිපත් කළ මුලික කොන්දේසි ගණනාවකි. එයින්…
Read More