ඊයේ කොළඹ ඉන්ධන පිරවුම්හලක පෝලිමක් කිලෝමීටර් තුනකට ආසන්න දුරක් දිග්ගැස්සී තිබුණි. තවත් තැන් දෙකක ඉන්ධන පිරවුම්හල් දෙකක පෝලිම් අතරමැදකදී එකිනෙකට පැටලී තිබුණි. මොන පෝලිම මොන පිරවුම්හල සඳහාදැයි දැනගැනීමට, පෝලිමේ මුලට ගොස් පරීක්ෂා කරගත යුතු තත්වයක් උද්ගතව තිබුණි. මෙතෙක් අප දැන සිටි නගරබද වාහන තදබදය සිදුවුණේ, පාරේ යනෙ’න වාහන ප්‍රමාණයේ අධිකතාව නිසා ය. දැන් පාරේ දිවෙන වාහන අඩුයි. අද වාහන තදබදය ඇතිවන්නේ, ඉන්ධන සඳහා පාරවල් අරක්ගත් මේ වාහන පෝලිම් නිසා ය. අපේ ජීවිත කාලයේ ප්‍රථම වතාවට, දුවන වාහන නිසා නොව, නොදුවන වාහන නිසා වාහන තදබදය ඇති කෙරුණු අවස්ථාව මෙයයි. පෝලිමක් යනු,…
Read MoreTag: රජය හා ආණ්ඩුව
චූන් සහ පාන් දෙකම නැති ටුක් ටුක් ආර්ථිකය.
-කේ. සංජීව- මම පහුගිය දවස්වල පුත්තලම, අනුරාධපුරය, ත්‍රීකුණාමලය, කුරුණෑගල, රත්නපුර, මොනරාගල, නුවරඑළිය කියන දිස්ත්‍රික්කවල ඇවිද්දා. මෙහෙම යනකොට පළවෙනි නිරීක්ෂණය තමයි පාරේ වාහන අඩුවීම. ඔව් ඒක වර්තමාන තෙල් අර්බුදය එක්ක සාමාන්‍ය දෙයක් කියලා කෙනෙක්ට කියන්න පුලුවන්. ඒත් එතන අපිට පේනවට වඩා විශාල ප්‍රශ්නයක් තිබෙනවා. දෙවෙනි නිරීක්ෂණය තමයි හන්දිවල තිබුණ ත්‍රී විලර් පොකුරු අඩුවීම. ඒකත් තෙල් අර්බූදයේම කොටසක්. ඒත් එතනත් ලොකු කතාවක් තියෙනවා. ඊළඟට අපි වෙනදට වාහනේ නතර කරලා තේ බීපු කෑම කාපු කඩ ගොඩක් වැහිලා ගිහිං. තියෙන කඩත් වැහෙන්න ඔන්න මෙන්න පණ අඳින සෙයක් තමයි පෙන්නුවේ. ඊළඟ නිරීක්ෂණය තමයි ගම්වලට ගියාම…
Read Moreඊනියා උගතුන්ගේ හා වෘත්තීය සමිති ඒකාධිකාරයෙන් ද නිදහස් විය යුතුයි
– ආචාර්ය නලීන් ද සිල්වා – නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ලක්ෂයෙන් බැඳි පියල්ලෙන් වැටුප් ලබා ගන්නා විදුලි ඉංජිනේරුවන් රට අඳුරේ තැබීම තාවකාලික ව නවත්තලා. එසේ වුවත් අපට අද පාන්දර තුනේ සිට හය දක්වා විදුලිය තිබුණේ නැහැ. එයට හේතුව වී ඇත්තේ ජල විදුලි බලාගාරවල ඉංජිනේරුවන් සේවා ස්ථානවලින් බැහැර වීම බව කියනවා. විදුලි ඉංජිනේරුවන් පිරිසකට රටක් අඳුරේ තබන්න පුළුවන්. ඔවුන් ජනතාව වෙනුවෙන් ජනතාව අඳුරේ තබනවා. ජල විදුලි බලාගාර ආශ්රිත ජලය මුදා හැරියේ කවුද? වහා ම එය සොයා බලන්න ඕන. සමහර විට ජනතාව වෙනුවෙන් ජලය මුදා හැරියා වෙන්න ඇති. මේ ජනතාව යන්න වියුක්ත සංකල්පයක්…
Read Moreතියෙන ආණ්ඩුවට උදව් කරනවාද? වලපල්ලට යනවාද?
අජිත් පැරකුම් ජයසිංහ මේ මොහොතේ පවතින අගමැති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුක්ත ආණ්ඩුව විවේචනය කිරීම සඳහා ඕනෑතරම් හේතු තිබේ. ඒ කිසිවක් ප්‍රතික්ෂේප කළ නොහැකිය. ඒ සියලු විවේචන සාධාරණය. එය අප කැමති හොඳ ආණ්ඩුව නොවේ. හොඳම ආණ්ඩුව සිහිනයක් බව මම මීට පෙර ද කීවෙමි. එහෙත්, ආණ්ඩුව ගැන එකක් කිව හැකිය. කලින් පැවති ආණ්ඩුව මෙන් තීරණ නොගෙන කල්මැරීමේ ප්‍රතිපත්තියක් මේ ආණ්ඩුවට නැත. ඔවුහු වහ වහා තීරණ ගනිති. එසේ කරන්නට සිදුවී තිබේ. ඒ තීරණ වැඩිහරියක් තිත්ත, කටුක ප්‍රතිඵල ජනතාවට ලබාදෙන ඒවාය. එහෙත් පැණිරස බෙහෙත් තියා, පැනඩෝල්වත් රටේ නැත. තීරණ ද විවේචනය කළ හැකිය. උදාහරණයක්…
Read Moreගෑස් ඇත්තේ තවත් දින හතරකට පමණයි!
අද(30) දිනයේ මෙරටට පැමිණි නෞකාවේ පවතින ගෑස් තවත් දින හතරකට පමණ ප්‍රමාණවත් බව ලිට්රෝ සමාගමේ සභාපති විජිත හේරත් කියා සිටියේ. මීට අමතරව තවත් ගෑස් තොගයක් අඩංගු නෞකාවක් ද මෙම සතියේ දිවයිනට ලඟා වීමට නියමිතයි. කෙසේ වෙතත් රට තුළ පවතින ගෑස් හිඟය පියවීමටනම් තවත් මාසයක පමණ කාලයක් ගතවනු ඇති බවයි ලිට්රෝ සභාපති විජිත හේරත් කියා සිටින්නේ. ඒ අනුව මේ වනවිට රට තුළ පවතින ගෑස් හිඟය මෙට්‍රික් ටොන් 30,000ක් පමණ වනවා.
Read More“මම අයින් වෙන්නේ නෑ” ජනාධිපති සජබට කියලා.
තමන් ඉල්ලා අස් නොවෙන බවත් ධුරයේ කටයුතු කිරීම සඳහා තමන්ට ජනවරමක් හිමිව ඇති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර ඇත. ඊයේ (11) ජනාධිපතිවරයා සහ සජබ මන්ත්‍රීවරුන් දෙපලක් අතර පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ පිළිබඳව මෙම අදහස ප්‍රකාශ කර ඇත.
Read Moreරාජපක්ෂලාගේ ඊළඟ ඇම : අන්තර්වාර ආණ්ඩුවක්!
ආණ්ඩු කළ හැකි පිරිසකට ආණ්ඩුව භාරගන්නැයි මීට සති කිහිපයකට කලින් ජනාධිපතිවරයා කී බවක් මාධ්‍ය වාර්තා කොට තිබුණි. එහෙත් ඒ සඳහා කිසිවෙකු ඉදිරිපත් වූ බවක් දැනගන්නට නැත. ආණ්ඩුවට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංගය ජයගත්තොත්, විපක්ෂය විසින් ආණ්ඩුව භාරගත යුතු බවට තවත් අදහසක් තිබේ. එවැන්නක් අනිවාර්ය කෙරෙන දෙයක් අපේ පාර්ලිමේන්තු ක්‍රමය තුළ නැත. උදාහරණයක් වශයෙන් සමගි ජනබලවේගය විසින් ගෙන ඒමට නියමිත විශ්වාසභංගය ජයගත්තොත් ඊළඟට එම සමගි ජන බලවේගය විසින් ආණ්ඩුව භාරගත යුතු බවට අනිවාර්ය නියමයක් නැත. ඕමල්පේ සෝභිත හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් අගමැති මහින්ද රාජපක්ෂ සමග සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව ඒ ගැන…
Read Moreරටම උණුසුම්..!
ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ගෙදර යන්න යැයි රටපුරා පවත්වන උද්ඝෝෂණ වඩා උණුසුම්ව පැවැත්වෙමින් තිබේ. ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ගෙදරයන්න කියමින් සහ අනෙකුත් දැවෙන ප්‍රශ්නවලට පිළිතුරු අපේක්ෂාවෙන් වැඩකරන ජනතාව අද දින (28) දීපව්‍යාප්ත වැඩවර්ජනයක් කැඳවා ඇති අතර එම වැඩවර්ජනය සමග මෙම විරෝධතා රැල්ල සෑම දිස්ත්‍රික්කයකම ප්‍රධාන නගර හරහා පැතිර යමින් තිබෙයි. මෙම බොහෝ විරෝධතා ජනතා කලකිරීම උද්වේගය වේදනාව සහ බලාපොරොතු කඩවීම් නිසා තවතවත් උණුසුම්ව ප්රචණ්ඩත්වය දෙසට ගමන් කරමින් තිබෙයි. මෙම තත්ත්වය නිසා පාලකයන් සිය තනතුරු අතහැර ඉක්මනින් ගෙදර යාම රටේ අනාගතයට සුබදායක බව කිවයුතුය.
Read Moreඩොලර් නැතුව ගල් අඟුරු නැව් දෙක ආපසු හරවයිද?
ගල් අඟුරු මෙට්‍රික්ටොන් 120000 රැගත් නෞකා දෙකකට මුදල් ගෙවීමට නොහැකිවීමෙන් එම නෞකා දෙක නැවත හරවා ගෙන යාමේ අවදානමක් ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය වෘත්තීය සමිති නියෝජිතයෝ පවසති. මෙම ගල් අඟුරු තොග ගොඩබෑමට නොහැකි වුවහොත් නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතුවලට බාධා පැමිණිය හැකි බවත් විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති නියෝජිතයෝ කියති. මෙම මස 12 වැනිදා ශ්‍රී ලංකාවට ළඟා වූ මෙම නෞකා සඳහා ඩොලර් මිලියන 34 ක මුදලක් ගෙවීමට ඇති බවත් මුදල් ගෙවීමට නොහැකිව මේ වන විට දින හයක් නෞකා දෙක ශ්‍රී ලංකා සීමාවේ නැංගුරම්ලා තිබෙන බවත් වෘත්තීය සමිති සඳහන් කරයි.…
Read Moreආර්ථිකය තවත් ප්‍රපාතයට
W A විජේවර්ධන ඉදිරි මාස කිහිපය තුළදී මෙරට ආර්ථික අර්බුදය තව තවත් උත්සන්න වනු ඇති බවත් ඛනිජ තෙල්, බෙහෙත්, ආහාර ඇතුළු භාණ්ඩ ආනයනය පවතිනවාටත් වඩා අර්බුදයට යා හැකි බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති, ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතා අනාවරණය කරයි. ඔහු පවසන්නේ මේ වනවිට ලංකාව සතුව තිබෙන්නේ ඩොලර් මිලියන 100 ක් තරම් සොච්චම් විදේශ සංචිතයක් බවත් එයින් කළ හැකි දෙයක් නොමැති බවයි. මේ නිසා, ඉදිරියේදී පොලී අනුපාත සියයට 25 ක් වැනි ඉහළ අගයක් දක්වා ඉහළ යා හැකි බවත් පිළිකාවක් හැදුණු රෝගියාගේ අතපය එකින් එක කපා ජීවිතය බේරාගැනීමට ගන්නා උත්සාහය…
Read More