දුමින්ද සිල්වාට රට සවාරි තහනම් කරන්නැයි මූලික අයිතිවාසිකම් පෙත්සමක්!

fundamental rights petition to ban Duminda Silva from traveling abroad

අගමැති මහින්ද රාජපක්ෂ ජනාධිපතිධුරය හොබවන සමයේ ඔහුගේ වෘත්තීය සමිති උපදේශකයා වූ  භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මරා දැමීමට  වරදකරු වී මරණ දඬුවම් ලබා  සිටියදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සමාව ලබා දුන් නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වාට රටින් පිටවීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයකු වන නීතීඥ ගසාලි හුසේන් විසින් ගොනු කර තිබෙන මෙම පෙත්සමෙහි වගඋත්තරකරු වන්නේ  නීතිපතිවරයායි. මරණ දඩුවම් ලබා සිටි දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබා දී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 සහ 34 (1) වගන්තී …

Read More

දුමින්ද සිල්වා ආපසු හිරේ යවන්න හිරුනිකාගෙන් පෙත්සමක්!

petition from Hirunika to send Duminda Silva back to jail

වත්මන් අගමැති, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ වෘත්තීය සමිති උපදේශක භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට මරණ දඩුවම් ලැබූ නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වාට සමාව දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම පෙත්සම ගොනුකරනු ලැබුවේ ඝාතනයට ලක්වූ  භාරත ලක්ෂමන්ගේ දියණිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර විසිනි. පෙත්සම්කාරිය ඉල්ලා සිටින්නේ ඉකුත් 24 වැනිදා දුමින්ද සිල්වා ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට ජනාධිපතිවරයා ගත් පියවර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා විරෝධී බවට ප්‍රකාශ කරන ලෙසත්, එලෙස සමාව දීමට අදාළ ලේඛන අධිකරණයට කැඳවා පුර්ණ පරීක්ෂණයක්…

Read More

රංජන් රාමනායකටත් ජනාධිපති පොදු සමාව දෙන්න බැරි ඇයි? – කරූ ජයසුරිය

Ranjan Ramanayake presidential pardon Karu Jayasuriya

ජනාධිපති පොදු සමාව යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට නිදහස ලබා දෙන්නැයි ඉල්ලමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති,  හිටපු කතානායක කරූ ජයසූරිය මහතා විසින් ලිපියක් යොමු කර තිබේ. එම ලිපියේ ඔහු ඉල්ලා ඇත්තේ ගතහැකි නීත්‍යානූකූල ක්‍රමවේදයන් හා සම්ප්‍රදායන් යොදා ගනිමින් රංජන් රාමනායක ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබා දීමට සලකා බලන ලෙසටය.  අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ සිරඳඩුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මේ වන විට අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින අතර දණහිසේ ආබාධයක් උග්‍ර අතට හැරීම හේතුවෙන් පසුගියදා කරාපිටිය රෝහලට ඇතුළත්…

Read More

දුමින්ද නිදහස් කලේ සැලසුමක් ඇතුව – සිනමාවේදී ජගත් මනුවර්ණ

Duminda was released with a plan Jagath Manuwarna

එල්.ටී.ටී.ඊ සැකකරුවන් පිරිසක් සමඟ මරණ දඬුවම නියමිතව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  දුමින්ද සිල්වා නිදහස් කර ඇත්තේ ඊට කිසිවෙකුටත් විරෝධතාවයක් මතු කරන්න බැහැ කියා රජය හොඳින්ම දන්නා නිසා  බව  සිනමාවේදී ජගත් මනුවර්ණ මහතා පවසයි. දෙමළ සිරකරුවන්ට නිදහස ලබා දෙන ලෙස වසර ගණනාවක සිට මෙරට තිබු ඉල්ලීමක් වන අතර එය ජාත්‍යන්තරය දක්වාම ගිය සිද්ධියක් බවත් ඒ නිසා මෙලෙස දෙමළ සිරකරුවන් 16 කට ජනාධිපති සමාව දෙන අවස්ථාවේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාත් නිදහස් කළේ සැලසුමක් ඇතුව බවද ඒ මහතා පවසයි. දුමින්ද සිල්වාගේ නිදහස් කිරීමට විරෝධය දැක්වුවහොත් එසේ නම් කොටි නිදහස් කිරීමට කැමතිද කියා රජය පෙරළා…

Read More

ජනාධිපති සමාව දෙන්නේ නීතියට පිටින්ද – නීතිඥ දුලාන් දසනායක

Gotabhaya Rajapaksa presidential pardon in sri lanka

2019 නොවැම්බරයේදී ජනාධිපතිතුමාගේ විජයග්‍රහණයෙන් පසු අපේක්ෂා කල පරිදි දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රීවරයාට ජනාධිපති සමාව ලබා දී තිබේ. තරමක් කල් ගත වුවත් අපේක්ෂා කල ප්‍රථිඵලය ලැබී තිබේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජනාධිපති සමාව ලබා දුන් දෙවන ප්‍රසිද්ධ පුද්ගලයා දුමින්ද සිල්වාය. පළමු වැන්නා සුනිල් රත්නායකයි. මෙම පුද්ගලයන් දෙදෙනාටම ත්‍රි පුද්ගල මහාධිකරනයන් මගින් මරණ දඩුවම ලබා දුන් අතර ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු මණ්ඩලයන්ගෙන් එකී තීන්දුද තහවුරු කරනු ලැබ තිබුණි. ජනාධිපති සමාව ප්‍රසිද්ධ පුද්ගලයන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරනු ලැබූ පළමු ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ නොවේ. එය සියළුම ජනාධිපතිවරුන් පාහේ සිදු කර ඇත. නමුත් කෙටි කලක් තුලදී මෙරට උපරිමාධිකරණය…

Read More

බන්ධනාගාර ඉතිහාසයේ පළමුවරට රැඳවියන් 260කට පොදු සමාව!

General pardon for 260 prison inmates lohan ratwatte minister

බන්ධනාගාර ඉතිහාසයේ පළමුවරට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් හිමිවූ රැඳවියන් දෙසියහැට දෙනෙකුට නිදහස ලබාදුන් බව බන්ධනාගාර කටයුතු පිළිබද අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා පවසයි. ජීවිතාන්තය දක්වා සිරදඩුවම් විදින රැඳවියන්ගේ කල් ක්‍රියාව නිරීක්ෂණය කිරීමෙන් මෙම සහනය හිමිවන බවත් වර්ෂ 2002න් පසුව මෙවැනි සහනයක් හිමිවූ පළමු අවස්ථාව මෙය යැයි මහනුවර මහයියාවේ පිහිටි අමාත්‍යවරයාගේ නිවසේදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සදහන් කළේය. වෙසක් පුර පසළොස්වක පෝ දින නිමිත්තෙන් නිදහස හිමිවූ 260 දෙනා අතුරින් 53 දෙනෙකු මේ වන විට නිදහස ලබා පිටත් වූ බවත් සෙසු පිරිස ඉදිරියේදී නිදහස් වන බව අමාත්‍යවරයා සදහන් කළේය. බන්ධනාගාරගත වන…

Read More

වෙසක් පෝයට කලින් සිරකරු සමාලෝචන නීතිය යළි ගේනවා! – බන්ධනාගාර රාජ්‍ය ඇමති

Prisoner Review Law Lohan Ratwatte State Minister of Prisons

වසර විස්සක කාලයකින් ක්‍රියාත්මක වී නොතිබුණු බන්ධනාගාර සිරකරු සමාලෝචන වැඩසටහන යළි බලාත්මක කිරීමට කටයුතු කරන බව බන්ධනාගාර කළමණාකරණ හා සිරකරුවන් පුනරුත්තාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් ලොහාන් රත්වත්තේ මහතා පවසයි. නීතියක් වශයෙන් පවතින මෙම ක්‍රියාදාමය තුළින් මරණ දඬුවම හිමිව ඇති සිරකරුවන්ට ජීවිතාන්නත දක්වා සිරදඩුවම් ලබාදීමටත් ජීවිතාන්තය දක්වා සිරගත කර ඇති පිරිස් ඔවුන්ගේ කල් ක්‍රියාව අනුව වසර විස්සක සිරඳඩුවමකට සීමා කළ හැකි යැයි ගැටඹේ පැවැති විදේශ සේවා කොන්සියුලර් කාර්යාලය විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කීවේය. මහර බන්ධනාගාරයේ ගැටුම පිළිබඳව කළ විමර්ශන වාර්තාව තමන් අතට ලැබී…

Read More

මරණ දඬුවම වසර 20 කට අඩුවන්නේ පියවර කිහිපයක් මත පමණයි!

Statement by the Minister of Prisons regarding the death penalty Lohan Ratwatte

සිව් අවුරුදු සමාව ලබාදීම වෙනුවෙන් අධිකරණ අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත්, එය අනුමත වුවහොත් දඬුවම් කාලය වසර 20 කට වඩා ගෙවා ඇති සිරකරුවන් නිදහස් වන බව ද, මරණ දඬුවම හිමිවූවන්ගේ දඩුවම් කාලය වසර 20 කට අඩුවන බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන්ගේ පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ප්‍රකාශ කර සිටියි. 1998 වසරේ සිට සිව් අවුරුදු සමාව ලබාදීම වසර 40 ක් තුළ ක්‍රියාත්මක වී නොමැති බවයි අධිකරණ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේ හමුවේදී ඔහු පෙන්වා දී ඇත. බන්ධනාගාර ගතව සිටින රැඳවියන් අවම වශයෙන් 8,000 ක් පමණ කඩිනමින් නිදහස් කිරීමට කටයුතු…

Read More