මහින්ද රාජපක්ෂ පාලන සමයේ බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද සිය සැමියා වෙනුවෙන් යුක්තිය ඉටු වන තෙක් අරගලය අත්නොහැර දිගටම කරන බව අතුරුදහන් සැමියා වෙනුවෙන් නොසැලෙන අරගලයක යෙදීමට ගෞරව පිණිස ජාත්‍යන්තර සම්මානයෙන් පුදලද මානව හිමිකම් ක්‍රියාකාරිනී සන්ධ්‍යා එක්නැලිගොඩ පවසයි. ජනවාරි 24 වැනි දින නවගමුවේ පත්තිනි මැණියන්ගෙන් කාලි මෑණියන්ට ගෙන ආ සන්දේශය ජනවාරි 25 වැනිදා කාලි මැණියන්ට බාර දුන් සන්ධ්‍යා එක්නැලිගොඩ එහිදී සිය සැමිය වෙනුවෙන් යුක්තිය ඉල්ලා කාලි මැණියන් ඉදිරියේ බාර වුයේ සිය හිස මුඩු කරමිනි. තම පෙම්බර සැමියා අතුරුදහන් කිරීමේ අපරාධය සිදුකොට දොළොස් අවුරුද්දක් තිස්සේ නිදැල්ලේ ජීවත්වන අපරාධකරුවන්ට දරුණු දණ්ඩන පමුණුවන ලෙස…
Read MoreTag: අපරාධ නීතිය
වදහිංසා පනත යටතේ නීතිපති නඩු නොදැම්මොත්?
පොලීසියේ නිලධාරීන් හෝ රජයේ නිලධාරීන් ශාරීරික හෝ මානසික වධහිංසාවන් කලොත්, වදහිංසාවන් කරපු අයට නීතිපති නඩු නොදැම්මොත් …..1994 අංක 22 දරණ කෲර වධහිංසාවලට එරෙහි පනත භාවිත කරන හැටි. ඌන භාවිත නීතියකි. ඉහල විස්තර කරල තියන රජයේ නිලධාරියකු, හමුදා නිලධාරියකු හෝ පොලිස් නිලධාරියකු කම්මුල් පාරක් ගැහුවත් ප්‍රසිද්ධියේ බෙල්ලෙන් අල්ලලා පස්සට පහර දුන්නත්, පයින් යටි බඩට ගැහුවත් එහෙම නැත්නම් වධහිංසා දුන්නත් ඒ අයට විරුද්ධව ඔබ පොලිසියට පැමිණිලි කලොත් හා නීතිපති දෙපර්තමේන්තුවට පැමිණිලි කලොත් නීතිපති තුමා ඉහත නීතීය යටතේ එම රජයේ නිලධාරීන්ට එරෙහිව නඩු පවරන්න බැඳිලා ඉන්නවා. අපි කරන්න ඔනා එතනට රටේ නීතීය තල්ලු…
Read Moreපොලිස් රාජකාරී හා මාධ්‍ය සංදර්ශණ
රාජකාරිය දේවකාරියටත් වඩා උතුම් යැයි කියමනක් අපේ තිබේ. ඉන් අදහස් වන්නේ තමුන් වෙත පැවරී ඇති යම් කිසි රාජකාරීමය වගකීම අන් සියලු වගකීම් වලට වඩා ඉහලින් ඇති බවත්, කුමණ ගැටලු මධ්‍යයේ හෝ ඒය අකුරට ඉටු කිරීමට තමන් බැදී සිටිය යුතු බවත්ය. අතීතයේ එක්තරා යුගයක ලංකාවේ ද රාජකාරිය දේවකාරිය හා සමානව සලකූ කාලයක් තිබූ බව පැවසේ. නමුත් අද දවස වන විට ඒම තත්ත්වය වේගයෙන් වෙනස් වෙමින් පතින අතර, රජකාරිය යනු කිසිම වගකීමක් නොමැති, රාජකාරි අවශ්‍යතා ලබා ගැනීම වෙනුවෙන් පැමිණෙන අයව බයිට් ඒකට ගැනීම හෝ ඔවුන්ගේ සාක්කු සුද්දකර ගැනීමට මුල් තැන ලබා දෙන,…
Read Moreනිලයේ වගකීම පැහැරහැරියාට පොලිස්පතිට එරෙහිව පොලිස් කොමිසමට පැමිණිල්ලක්!
රැඳවුම් නියෝග මත පොලිසිය භාරයේ සිටි තාරක ධර්මකීර්ති විජේසේකර නොහොත් කොස්ගොඩ තාරක නැමැති සැකකරුට එල්ල වී ඇති ජීවිත තර්ජනයක් සම්බන්ධයෙන් නීතිඥයකු විසින් පොලිස්පතිවරයා වෙත ලිඛිතවම දැනුම් දී තිබියදීත් එදින රාත්‍රියේම සැකකරු වෙඩිතබා ඝාතනය කර තිබුනි. ඊට පෙර දිනයේ දිනිත් මෙලන් මාබුල පොලිස් භාරයේ සිටියදී ඝාතනය කර තිබුණි. දෙදෙනාම රඳවා සිටි පොලිස් ස්ථානවලින් පිටතදී ඝාතනය කිරීම නිසා බියට පත් මරණීය දණ්ඩනය නියම වී සිටින සිරකරුවකු වන ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදාගේ මව ඉදිරිපත් කළ පෙත්සමක් විභාග කළ අභියාචනාධිකරණය ඔහු බන්ධනාගාරයෙන් පිටතට ගෙනයාම තහනම් කරන නියෝගයක් පනවා තිබේ. තාරක ධර්මකීර්ති…
Read More“එදා අපිට සර් කියපු ජාවරම්කරුවන්ට අද අපි සර් කියනවා” – විශ්‍රාමික පොලිස් අඳෝනාව
දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා පොලිසීය මහජන, මිත්‍රශීලි දෙපාර්තමේන්තුවක් ලෙස සැලකුවද වර්තමානය වන විට එවැනි තත්ත්වයක් පොලීසිය තුල දක්නට නැත. බොහෝ විට මේ පොලීසි වල සිටින්නේ නිළ ඇඳුමේ බලයෙන් පිම්බුණු නිලධාරීන්ය. අල්ලසට, දූෂණයට බර පුද්ගලයින්ය. මේ අතර අවංකව වැඩ කරන නිලධාරීන්ද අතලොස්සක් පමණ සිටින්නේය. නමුත් ඔවුන්ටද නිසි පරිදි රාජකාරීය කිරීමට හැකියාවක් නොලැබෙන්නේ විවිධ දේශපාලන, ඉහළ නිලධාරීන්ගේ බලපෑම් නිසාය. මෙයට හොඳම නිදසුන සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරාය. මේ කිසිවෙකුත් සදාකාලිකව පොලීසියේ කටයුතු කරන්නේ නැත. ඔවුන්ට දිනෙක විශ්‍රාම යාමට සිදු වේ. ඉන් අනතුරුව මොහු තවදුරටත් බලය ඇත්තෙකු නොවන්නේය. ඔහුට ඇත්තේ විශ්‍රාම…
Read Moreරජය භාරයේ සිටින එක ආරක්ෂාකාරී එකක් වුවත්, මේ ආණ්ඩුවත් එක්ක ඒක බෑ!
එදා බණ්ඩාරනායක මහතා මැරූ පුද්ගලයින්ට පොලිසීය විසින් වෙඩි තබා ඝාතනය නොකළ බවත් ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කර අභියාචනා ඉදිරිපත් කිරීමටද අවස්ථාව සලසා දී ඒ සියල්ල නිමා වූ පසු දඬුවම ක්‍රියාත්මක වුවත් දැන් අධිකරණයේ කාර්ය භාර්යය පොලීසිය විසින් භාර ගෙන ඇතැයි ප්රජාතන්ත්රවාදය සඳහා නීතිඥයෝ සංවිධානයේ අධි නීතීඥ ලාල් විජේනායක මහතා පවසයි. පොලිස් අත්අඩංගුවේ එහෙමත් නැතිනම් රජයේ භාරයේ සිටින එක ආරක්ෂාකාරී එකක් බව අප සිතූවත් මේ වන විට එය මේ නව ආණ්ඩුවත් සමඟ වෙනස් වී ඇතැයි ඔහු කියයි. පොලිසීය යම් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු විමර්ශන පවත්වා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අධිකරණය විසින් ඔවුන්…
Read MoreLal wijenayake | දැන් අධිකරණයේ කාර්යභාරය පොලීසිය බාර අරන්
අපරාධ යටපත් කරන, පුරවැසි ජීවිත අනතුරේ හෙළන නීති විරෝධී පොලිස් ඝාතන
නීති විරෝධි අධිකරණමය නොවන ඝාතන (Extra Judicial Killings) අද ලංකාවේ ක්‍රමයෙන් වර්ධය වන අයුරු දැකිය හැක. නීති විරෝධී ඝාතන යනු නීතියට පිටින් කරන ඝාතනයි. නීති විරෝධී ඝාතනයන් පිළිබඳව නැවතත් අවධානය යොමු වන්නේ දින දෙකක් තුළදී මෙලන් මබුලා හෙවත් ඌරු ජුවා සහ තාරක පෙරේරා විජේසේකර හෙවත් කොස්ගොඩ තාරක යන සැකකරුවන් දෙදෙනා පොලිස් වෙඩි පහරින් ඝාතනය වීම හේතු කොට ගෙනය. ආයුධ පෙන්වන්න යද්දී එහි තිබූ ආයුධයකින් පොලීසියට පහර දීමට උත්සහ කිරීමේදී පොලීසිය විසින් වෙඩි තැබීමෙන් ඝාතනය සිදු වූවාය යන සුප්‍රසිද්ධ, කිසිදු අයෙක් පිළි නොගන්නා කතන්දරයක් මහජනයා වෙත ඉදිරිපත් කරමින් පොලීසිය මොවුන් දෙදෙනාගේ…
Read Moreයුනිෆෝම් අඳින හැමෝටම අපරාධ විසඳන්න බැහැ- පිලිප් දිසානායක
2020 වසරේ පමණක් නීතියට පිටින් කළ ඝාතන 26 ක් වාර්තා වී ඇති බව වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුවේ කැඳවුම්කාර මණ්ඩල සභික පිලිප් දිසානායක මහතා පවසයි. සිද්ධි 16 ක් සිදුව ඇති අතර මහර සිද්ධියේ මිය ගිය රැඳවියන් 11 නා සමඟ ඝාතනය වූ ගණන 26 ක් බව ඔහු පෙන්වා දෙයි. රටක මානව හිමිකම් ස්ථාපිත වී ඇති බව පෙන්නුම් කරන ප්‍රධාන සාධකයක් ලෙස නිර්නායක තුනක් ඇති බවත් පළමුවැන්න නම් ඒ රටේ නීතියට පිටින් ඝාතන සිදු විය නොහැකි බවත් දෙවැන්න නම් අතුරුදහන් වීම් සිදු විය නොහැකි බවත් තුන්වැන්න නම් වධහිංසා සිදු විය නොහැකි බවත්…
Read Moreමානව හිමිකම් මහකොමසාරිස්වරිය යම් බලපෑමකට යටත් වෙලා!
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සැසිවාරයේ මාර්තු මස 19 වනදා ඉදිරිපත් කරන්න තිබ්බ කරුණු ද ටැමිල් ගාඩියන් වෙබ් අඩවියේ මේ වෙනකොට තියනවා. ඒවා එළියට ගියා කියන එක පිළිබදව ලොකු ගැටළුවක් තියනවා. මහ කොමසාරිස්වරිය යම් බලපෑමකට යටවෙලා. එමෙත් නැත්නම් අත්භූත බලවේගයකට නතුවෙලා එහෙමත් නැත්නම් දෙමළ ඩයස්පෝරාව විසින් මේ තත්වයට පත්කරලා තියනවා යැයි හෙළ රණවිරු බලමුළුවේ සංවිධායක හා නාමල් තිලකරත්න පදනමේ නිර්මාතෘ විශ්‍රාමික ලුතිනන් කර්නල් නාමල් තිලකරත්න මහතා පැවසුවේය. මේ මස 22දා සිට මාර්තු මස 19දා දක්වා පැවත්වෙන එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිෂමේ 46 වැන සැසිවාරයට පෙර එහි මහ කොමසාරිස්වරිය වන මිචෙල්…
Read More