පොහොට්ටුවෙන් අරියාදු එපා! – ජා.නි.පෙ අයැදියි!

විමල් වීරවංශ මහතා දේශපාලන පක්ෂයකට අත පෙවීමක් නොකළ අතර ඔහු සිදු කළේ අදහසක් ප්‍රකාශ කිරීම පමණක් යැයිද මොරටුව නාගරික මන්ත්‍රී සුරේෂ් ඉන්දික මහතා පවසයි.

කොළඹ දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ මාධ්‍ය හමුවක් කැඳවමිනි.

ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතා සිදු කළ ප්‍රකාශයක් වැරදියට වටහා ගැනීම නිසා මේ වන විට සමාජයේ වික්ෂිප්ත භාවයක් මතුව ඇතැයිද බිම් මට්ටමේ ඇති තත්ත්වය පොදුජන පෙරමුණේ නායකයින් තේරුම් ගත යුතුව ඇතැයිද ඔහු පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පොදුජන පෙරමුණ තුල සක්‍රීය දේශපාලනයේ යෙදීමට ඉඩක් ලබා දිය යුතු බවට අමාත්‍ය විමල් වීරවංශ මහතා සිදු කළ ප්‍රකාශයෙන් අදහස් කළේ  මහින්ද රාජපක්ෂ මහතා ඉවත් කර ඒ තැනට ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කළ යුතු බව නොවන බවත් නමුත් ඇතැම් පුද්ගලයින් එය එලෙස  සමාජගත කරන්න උත්සහ ගන්නා බව ඒ මහතා පවසයි.

තමන් බිම් මට්ටමේ සිටින දුප්පත් ජනතාවගේ සිට ඉහළ ධනවත් පංතිය දක්වා හැම හරස්කඩක්ම ඇසුරු කරන බවත් හැටනව ලක්ෂයක් දුන් ජනවරමට අනුකූලවද ඇතැම් ක්‍රියාවන් සිදු වන්නේදැයි ජනතාව විමසන බවත් ඒ නිසා තම පක්ෂය ඇතුලු පළාත් පාලන නියෝජිතයින්ට අවැසි වන්නේ එදා ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසු සෞභාගයේ දැක්ම අනුව වැඩ කිරිම බවද ඔහු අවධාරණය කර සිටියි.

හැට නව ලක්ෂයක් ජනවරමක් දුන්නේ මේ දැක්ම යථාර්ථයක් කිරීමට බවත් නමුත් සිදුවෙන සමහර  දේවල් සමඟින් ගැටලු මතුවෙනවා යැයිද ඔහු පවසයි.

එදා 2015 දී මහින්ද රාජපක්ෂ මහතා පරාජය වූ අවස්ථාවේ ඔහුගෙන් වැඩිම උදව් ලබා ගත් අය ඔහුව මඟහැර යද්දි විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, ප්‍රසන්න රණතුංග  යන මහත්වරුන් ඇතුලු පළාත් පාලන නියෝජිතයින්/ බලවේග එක්ව 2015 ජනවාරි 18 දා නුගේගොඩදී මහින්ද සුලඟ නිර්මාණය කළ බවත් හෙතෙම සිහිපත් කර සිටියි.

එදා මහින්ද රාජපක්ෂ මහතාව බලයට ගේන්න කටයුතු කළ තම පක්ෂය පොහොට්ටුව සමඟ සමගියෙන් යන ගමනට පොහොට්ටුවේ ඇතැම් අයගෙන් බාධා වන බවත් එලෙස බාධා කිරිමෙන් වැළකිසිටින ලෙසත් කියා සිටින ඔහු පවසන්නේ බෙදීම් ඇති කීරීමෙන් වලකින ලෙසය.

-ශානි-

Social Sharing
නවතම