රෝහල් අධ්‍යක්ෂකවරුන්ගේ ක්‍රියා නිසා හෙද නිලධාරීන් හෙට දිනයේ වෘත්තිය සටනකට!

කොවිඩ් වසංගත තත්වය හමුවේ සේවය කරන හෙද කාර්ය මණ්ඩලයට ලබාදෙමින් තිබූ විශේෂ නිවාඩු අවලංගු කිරීමට ඇතැම් රෝහල් අධ්‍යක්ෂකවරුන් පියවර ගනිමින් සිටින බව අනාවරණය පහුගිය දෙසැම්බර් මාසයේදීය. මෙහිදී සමස්ත ලංකා හෙද සංගමය විසින් නිවේදන නිකුත් කරමින් පෙන්වා දුන්නේ මේ නිසා හෙද හෙදියන් දැඩි අවධානමකට ලක් වී සිටීන බවය.

නමුත් ඊට අදාල බලධාරීන් මෙතෙක් මුණිවත රැකීම නිසා හෙට (15) දිනයේදී මහනුවර ජාතික රෝහල, පේරාදෙණිය මහ රෝහල, ජාතික අක්ෂි රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල ඇතුළු රෝහල් ගණනාවක ආයතන ප්‍රධානීන්ගේ ක්‍රියාකලාපයන්ට එරෙහිවත් ඊට විරෝධය පල කිරීම සඳහාත් පෙරවරුවේ සේවයෙන් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට යාමට මේ වන විට හෙද නිලධාරින් පියවර ගනිමින් සිටියි.

මේ වෘත්තිය ක්‍රියා මාර්ගය සම්බන්ධයෙන් සමස්ත ලංකා හෙද සංගමය විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ මෙම ගැටළුව විසඳීමට කටයුතු නොකරන්නේ නම් තවදුරටත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග සදහා යාමට ක්‍රියා කරන බවය.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.

කිසිඳු සුභසාධක පහසුකමක් හෝ අමතර ආර්ථික වාසියකින් තොරව කොවිඩ් වසංගතය හමුවේ දුෂ්කර සේවාවක් ඉටු කරමින් සිටින හෙද කාර්ය මණ්ඩලය රාජකාරී ඉටු කිරීමේ දී ආසාධිතයන්ට නිරාවරණයවීමේ අනතුර අවම කර ගැනීමට හැකි වූයේ ඔබතුමාගේ 2020.10.22 ලිපියට අනුව සේවා මුර සකස්කර කටයුතු කිරීම හේතුවෙනි. කෙසේ වූවද එම ලිපියේ උපදෙස් අනුව රාජකාරී කිරීම නිසා කොරෝනා අසාදිතයන්ට හෙද කාර්ය මණ්ඩලයේ වැඩිදෙනෙකු නිරාවරණයවීමේ අනතුර අවම වී තිබේ.

දිවයිනේ බහුතර රෝහල් සංඛ්‍යාවක ඔබතුමාගේ ලිපියේ උපදෙස් අනුව බාදාවකින් තොරව රෝගී සත්කාර සේවා ලබා දෙමින් සිටී. එසේ තිබිය දී කොරෝනා අවධානම දැඩිව තිබෙන රෝහල් කිහිපයක ආයතන ප්‍රධානීන් එම රෝහල් හී සත්කාර සේවාවල ගැටළු මතු නොවී තිබෙන තත්වයක් තුල සියලූම හෙද හෙදියන් සේවයට කැඳවීම හෙද හෙදියන් අනතුරට ඇද දැමීමක් බව අපගේ අදහසයි. එබැවින් සමස්ත කාර්ය මණ්ඩලය අවිද්‍යාත්මක ලෙස සේවයට කැදවීම පිළිබඳව අපගේ දැඩි විරෝධය පළ කර සිටිමු. තවද ප‍්‍රමාණය ඉක්මවමින් සේවයට කැදවීම තුල පොදු ප්‍රවාහන සේවා භාවිතයේ දී සිදුවන තද බදය ඉහළ යාම තුළ කොවිඩ් අවධානම ඉහළ යනු ඇත.

Social Sharing
නවතම