අද කැබිනට් එක දන්නේ නෑ රට පාලනය වෙන්නේ කොහොමද? කියලා – ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක

අද රට ක්‍රියාකරන ආකාරය නිසා දරුණු අර්බුදයකට ලක්ව ඇතැයිද අද රට ක්‍රියා කරන්නේ පාර්ලිමේන්තුව, නීති රිතී, කැබිනෙට් ඇමතිවරුවරුන්ටවත් අවශ්‍ය ආකාරයට නොවන බවත් නොදන්නා පුද්ගලයින්ගේ උවමනාව මත රට පාලනය වන බවත් නීතිඥ ලාල් විජේනායක මහතා පවසයි.

ඒ නිසා අද පාර්ලිමේන්තුව වැඩක් නැති ආයතනයක් බවට පත්ව ඇතැයිද  පාර්ලිමේන්තුවක් තුලින් බලාපොරොත්තු වන්නා වූ සාකච්ඡා, සංවාද, සම්මන්ත්‍රණ පවත්වන්නට, පුද්ගලයෙකුට අදහස් දක්වනනවත් නිදහසක් නැතැයිද අද පාර්ලිමේන්තුව ක්‍රියා කරන්නේ ජනතාවට විරුද්ධව බවද ඔහු චෝදනා කර සිටියි.

පාර්ලිමේන්තුවේ කළ යුතු කාර්යයන් අද කාර්ය සාධක බලකායන්  සාදාගෙන පිටත කරන බවත් පාර්ලිමේන්තු නීති රිති වලට අනුව, එහි සම්මත කර ගැනිමකින් තොරව කටයුතු කරන බවත් මහජන උපයෝගීතා කොමිසම අහෝසි කලේද එලෙස බවද නීතිඥ ලාල් විජේනායක මහතා පවසයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ වෛද්‍යවරු ඉවත් කිරිමද නීතියට පටහැනිව සිදු වූ බව පෙන්වා දෙන ඔහු පවසන්නේ රටේ වටිනා දේපල සියල්ල විකුණන ත්ත්වයකට පත්ව ඇති බවය. අද රජයේ ඉඩම් කොම්පැණි වලට අන්සතු කිරීම, වරාය නැගෙනහිර පර්යන්තය විදේශයට දෙන්නේ නැහැ කියා පැවසුවත් අද එය දී ඇතැයිද ඔහු පෙන්වා දෙයි.

එදා ජනාධිපතිවරයා පැවසු ලෙසටම ඔහු මගේ කියන නීතිය අද ක්‍රියාත්මක වන බවත් මොවුන් ප්‍රජාත්‍රන්තවාදය අභිබවා ඒකාධිපති පාලනයක් කරා යන ගමනක් බවත් මෙය ඉතා භයානක ත්ත්තවයක් බවද ඔහු වැඩිදුරටත් කියා සිටියි.

 

Social Sharing
නවතම