අසාද් සාලිටත්  වැඩ වරදින ලකුණු!

ආගමික අන්තවාදය අවසානයේ ත්‍රස්ත්‍රවාදය දක්වා යන බවත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා කළ ප්‍රකාශය අන්තවාදී ප්‍රකාශයක් බවත් ඒ නිසා අනිවාර්යෙන්ම ඔහුව අත්අඩංගුවට ගත යුතු යැයි මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

ෂරියා නීතීය අනුව ඔහු කටයුතු කරනවානම් ඔහුට ලංකාවේ සිටිය නොහැකි බවත් එසේනම් ඔහු සවුදි අරාබියට යා යුතුව ඇතැයිද ලංකාවේ සිටිනවානම් හැමෝම ලංකාවේ නීතිය අනුව කටයුතු කළ යුතු බවද ඔහු පවසයි.

හැමෝම ලංකාවේ නීතියට ගරු කරන විට ඔහු පමණක් ෂරියා නීතිය ගැන කථා නොකළ යුතු බවත් ඒ නිසා ඔහුගෙන් මේ පිලිබඳ විමසා අවශ්‍ය නීතිමය කටයුතු කරන බවද අමාත්‍යවරයා කියයි.

තමන් මේ වන විට පුද්ගලිකවම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ පිලිබඳ දන්වා ඇති බවත් ඔහු නීතියට පිටින් කටයුතු කර ඇත්නම් ඒ සම්බන්ධව අනිවාර්යෙන් නීතිමය කටයුතු කරන බවද අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (13) කොළඹදී මාධ්‍යවේදීන් විමසු පැනයකට පිලිතුරු ලබා දෙමිනි.

ශානි

Social Sharing
නවතම