ලංකාව සිරියාවක් වෙයිද? – හිටපු අමාත්‍ය මංගල සමරවීර

පසුගිය වසරක පමණ කාලයක් ලෝක වෙළෙඳපොලේ තෙල් මිල අඩු වීමේ වාසිය ජනතාවට ලබා නොදෙමින් ජනතාවගෙන් ගසාකෑ මුදල රු.බිලියන 400කට සමාන බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

මිල සුත්‍රයක් යනු ඒවා අඩු වන විට ඒවායේ වාසිය ජනතාවට ලබා දීමටත් එමෙන්ම වැඩි වෙන වෙලාවට ඒවායේ වගකීම ජනතාවට ලබා දෙන මුල්‍යමය විනයක් බවත් ඔහු පෙන්වා දෙයි.

පහුගිය මාර්තු අප්‍රේල් සිට සම්පුර්ණයෙන්ම තෙල් මිල කඩා වැටීමෙන්  සිදු වු වාසියෙන් සතයක්වත් ජනතාවට ලබා නොදුන් නමුත් වැඩි වු ගමන් මිල කිරීමට ක්‍රියා කර ඇතැයිද හෙතෙම කියා සිටියි.

මංගල සමරවීර අමත්‍යවරයාව සිටි කාලයේ බොහෝ විට මේ ඉන්ධන මිල වැඩි වුයේ රුපියල් 2-3 කින් බවද ඔහු සිහිපත් කර සිටියි.

2018 වසරේදී  තමන් මුදල් ඇමතිවරයා ලෙස හඳුන්වා දුන් මිල සූත්‍රය දිගටම ක්‍රියාත්මක වූයේ නම් මේ වන විට එමඟින් ජනතාවට තෙල් මිල අඩුවීමේ වාසිය ලැබෙන බව පවසන හිටපු අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දැන් සිදුවන්නේ මංකොල්ලයක් බවය.

අද මෙරට දැවැන්ත ප්‍රශ්නය වන්නේ විපක්ෂයක් හා ආණ්ඩු පක්ෂයක් නොමැති වීම බවත් එදා කර්මාන්තශාලා රැසකට සහන ලැබුණු බවත් සිහිපත් කරන ඒ මහතා පවසන්නේ ඊට සිදු කළ යුතු වුයේ මෙරට මානව හිමිකම් ආරක්ෂා කිරිම බවය.

අද පොලිස් ස්ථාන වල සිදු වන ඝාතන ජාත්‍යන්තරයට ගිය විට මෙරටට අහිමි වන්නේ දුප්පත් ජනතාවගේ රැකියා බව පෙන්වා දෙන ඔහු පවසන්නේ සැමටම ඒක හා නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් මානව හිමිකම් ආරක්ෂා විය යූතු බවත්ය.

ලංකාව ආසියාවේ සිරියාව බවට පත් වීමේ අවදානමක් මතුව තිබෙන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියි.

ඒ මහතා මේ බව පවසා සිටියේ ඊයේ  (12) ආණ්ඩුව විසින් ඉන්ධන මිල ඉහළ දැමීම ගැන මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

-ශානි-

Social Sharing
නවතම