ළමයින්, තරුණයන් හා කාන්තාවන් සේවයේ යෙදවීමේ නීති උල්ලංඝනය කරන්නන්ට දඩය රු.100,000 දක්වා ඉහළට!

ළමයින්, තරුණයන් සහ ස්ත්‍රීන් සේවයේ යෙදවීම සම්බන්ධයෙන් පවතින නීති උල්ලංඝනය කරන පුද්ගලයන්ට පැනවිය හැකි දඩ මුදල් සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදවීම පනත යටතේ සඳහන් වැරදි සඳහා වර්තමානයේ අධිකරණය විසින් නියම කළ හැකි රුපියල් 10,000ක දඩ මුදල රුපියල් 100,000 දක්වා වැඩි කිරීමට මෙම සංශෝධන යෝජනා කර ඇත.

2025 සැප්තැම්බර් 03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මඟින් මේ සඳහා ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දී ඇති අතර, ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් අදාළ සංශෝධන ඇතුළත් කරමින් පනත් කෙටුම්පතක් සකස් කර තිබේ. එම කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ අනුමැතිය ද හිමිවී ඇත.

මෙම සංශෝධන 7(3), 13(2) සහ 20(අ)(3) යන වගන්තිවල සඳහන් මූල්‍යමය දණ්ඩන සංශෝධනය කිරීම අරමුණු කරගෙන සිදු කර ඇති බව සඳහන් වේ.

 

Social Sharing
නවතම පුවත්