ලංකාවේ සිව් වැනි විශාලතම සමූහ මිනීවළ කොළඹ වරායේ සමූහ මිනීවළයි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පාලන සමයේ කොළඹ නගරයේ අධි ආරක්ෂිත කලාපයක් තුළින් හමුවූ සමූහ මිනී වළෙන් දැනට හඳුනාගත් මිනිස් සිරුරු සංඛ්‍යාව අනුව එය රටේ සිව්වැනියට විශාලතම සමුහ මිනිවළ බවට පත්ව තිබේ.

එහෙත් වත්මන් රජය විසින් නිසි පරිදි මූල්‍ය ප්‍රතිපාදන ලබා නොදීම හේතුවෙන් කැනීම් කටයුතු මුල් අවස්ථාවේදීම ප්‍රමාද වු අතර මේ වන විට විට එම සමූහ මිනී වළෙන් අවම වශයෙන් පුද්ගලයන් 88 දෙනකුට අයත් අස්ථි මතු කරගෙන ඇත. ඒ අනුව ඊයේ දිනයේ එම කැනීම් කටයතු සිදුකරන ස්ථානයට ගිය මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුට දැක ගැනීමට ලැබී ඇත්තේ මේ වන විට එම සමුහ මිනි වළේ කැනීම් කටයුතු අවසන් කිරීමට යන වගකි.

පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේවගේ මෙහෙයැවීමෙන් මහේස්ත්‍රාත් කසුන් දිසානායකගේ අධීක්ෂණය යටතේ කැණීම් සිදුකෙරෙන කොළඹ වරාය සමූහ මිනී වළ තුල පුද්ගලයන් කිහිප දෙනකුටම අයත් අස්ථි තව දුරටත් පවතින ආකාරය මෙන්ම පුද්ගලයන් කිහිප දෙනකුටම අයත් මිනිස් අස්ථි කොටස් ගොඩ ගෙන තිබෙන ආකාරයත් ඔවුන්ට දැකගැනීමට හැකිව තිබේ.

ඒ අනුව ඉකුත් වසරේ ජූලි මස 13 වනදා කොළඹ වරාය දක්වා දිවෙන අලුතින් ඉදිවෙන අධිවේගි මාර්ගයේ ඉදිකිරිම් කටයුතු සඳහා පොළොව හාරමින් සිටියදී පළමු වරට මිනිස් අස්ථි කොටස් හමු වී තිබුනේ එම ඉඩමේ පිහිටි පැරණි ලේකම් කාර්යාල පරිශ්‍රයෙනි. ඉන් අනතුරුව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව කොළඹ අලුත්කඩේ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහගේ නියමයෙන් 2024 සැප්තැම්බර් 05 වැනි බ්‍රහස්පතින්දා එම ස්ථානයේ කැණීම් කටයුතු ආරම්භ කරන ලදී.

අධිකරණ ඇමති පවසන ආකාරයට මෙරට තුළ තිබී හමුවූ සමූහ මිනීවලවල් ප්‍රමාණය 17 කී ඒ පෞද්ගලික රූපවාහිනි නාලිකාවක වැඩ සටහනකට එක් වෙමිනි. තවද එම සමූහ මිනීවල් නම් කිරීමටත් අමාත්‍යවරයා කටයතු කර තිබිණි.

ශ්‍රී  ලංකාවෙන් මේ තාක් හමු වු විශාලතම සමුහ සුසානය ලෙස සැලකෙන්නේ බාල දරුවන් 28ක ඇතුළු මිනිස් සිරුරු කොටස් 376 ක් සොයාගත් මන්නාරම සතොස සමුහ මිනී වලයි. 2013 වසරේ  දී මාතලේ රෝහල ආසන්නයේ භූමියකින් මළසිරුරු 155 ක් ගොඩගන්නා ලද  අතර එය ශ්‍රී ලංකාවෙන් හමුවු දෙවැනියට විශාලතම සමුහ සුසානය ලෙස සැලකේ. තෙවැනියට විශාලතම සමුහ සුසානය ලෙස සැලකෙන්නේ තවමත් කැනීම් කටයුතු සම්පුර්ණයෙන්ම අවසන් කර නොමැති චෙම්මනි, සිත්තුපාත්ති සමූහ සුසානයි. මේ වන විට එම මිනි වළෙන් මතු කරගත් සමස්ත ඇටසැකිලි ගණන 147 කි. පස්වැනියට විශාලතම සමුහ සුසානය ලෙස දැන් පිලිගැනෙන්නේ 2013 වසරේදීම මිනිස් සිරුරු 82 ක අස්ථි කොටස් ගොඩ ගත් මන්නාරම, තිරුකේතීස්වරම් සමූහ මිනී වලයි. කොක්කුතොඩුවායි සමුහ සුසානයෙන් කැනීම් කටයුතු අවසන් වන විට  පුද්ගලයන් 52 දෙනකුට අයත් අස්ථි කොටස් ගොඩ ගෙන තිබුනි.

Social Sharing
අවකාශය නවතම