පාවෙන සූර්ය බලශක්ති සංවර්ධනය සඳහා කැබිනට් අනුමැතිය හිමි වේ.

2030 වසර වන විට විදුලිබල උත්පාදනයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍රයන්ගෙන් සපුරා ගැනීම සහ වසර 2050 වන විට විදුලිබල උත්පාදනය කිරීමේ දී කාබන් උදාසීනභාවය ළඟා කර ගැනීම අරමුණ කොටගෙන රජය විසින් පුර්නජනනීය බලශක්තිය සංවර්ධනය කිරීම ජාතික ප්‍රමුඛතාවක් වශයෙන් හඳුනාගෙන ඇත.

ඒ අනුව, 2026 – 2030 පුනර්ජනනීය බලශක්ති සම්පත් සංවර්ධන සැලැස්ම මගින් මධ්‍යස්ථ 10%ක මතුපිට උපයෝජනය මත පදනම් වු මෙගාවොට් 3,000ක ඇස්තමේන්තුගත පාවෙන සූර්ය බලශක්ති ධාරිතාවක් සහිත විභව ජලාශ ස්ථාන හඳුනාගෙන තිබේ.

ඒ අනුව, සූර්ය බලශක්ති ව්‍යාපෘති සංවර්ධනයේ නව ක්‍රමවේදයක් ලෙස පාවෙන සූර්ය බලශක්තිය සම්බන්ධයෙන් ඇති වැදගත්කම සැලකිල්ලට ගනිමින්, පූර්ව ශක්‍යතා අධ්‍යයන, ශක්‍යතා අධ්‍යයන සහ පාරිසරික බලපෑම් තක්සේරු සිදු කිරීම සඳහා උපදේශන සේවා සැපයීම වෙනුවෙන් පිළිගත් සමාගම්වලින් යෝජනා කැඳවමින් ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

Social Sharing
අවකාශය නවතම