
රුසියාවේ ඈත පෙරදිග කම්චැට්කා කලාපයට මීටර් 4ක් (අඩි 13) දක්වා ඇතිවූ සුනාමි තත්ත්වය නිසා රටවල් කිහිපයකට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර ඒ අනුව, එක්සත් ජනපදය, ජපානය, පිලිපීනය, ඉන්දුනීසියාව, ඉක්වදෝරය, චිලී, ග්වාතමාලාව, කොස්ටාරිකාව, පේරු, මෙක්සිකෝව සහ පැසිෆික් දූපත් රාජ්‍ය ගණනාවකටයි මෙසේ සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙන්නේ.
එමෙන්ම මෙම සුනාමි තත්ත්වය ඉන්දියානු සාගාරයට බලනොපාන බවත් එබැවින් ශ්‍රි ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බව මෙරට ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පවසා සිටියි.
