වදහිංසාවට එරෙහිව පවරණ මූලික අයිතිවාසිකම් නඩු වලදී අධිකරණ වෛද්‍ය වාර්තා ඉතා වැදගත්. නමුත් මේ සම්බන්ධ පවරන බොහෝ නඩු වලදී සාර්ථක වෛද්‍ය වාර්තාවක් සොයා ගැනීම ඉතා අපහසුයි. මින් පෙනී යන්නෙ බොහෝ අධිකරණ වෛද්‍ය නිළධාරීන් තමුන්ගේ රාජකාරිය හරියට නොකරන බවයි. අධිකරණ වෛද්‍ය නිළධාරීන් කටයුතු කළ යුත්තේ ස්ටාන්බූල් මූලධර්මයන්ට අනුවයි. නමුත්, එම මූලධර්ම මත කටයුතු කරන්නෙ අධිකරණ වෛද්‍යවරු ලංකාවේ ඉන්නවද කියල සොයා බැලිය යුතුයි.
ඒ නිසා අපට තමුන්ගේ රාජකාරිය නිවැරදිව සිදු කරණ අධිකරණ වෛද්‍ය නිළධාරීන් පිරිසක් ගොඩනැගීම වෙනුවෙනුත් මැදිහත් විය යුතු වෙනවා. එම අරමුණෙන්, යම් කිසි අධිකරණ වෛද්‍ය නිළධාරීයෙක් නීති විරෝධී ලෙස කටයුතු කර ඇත්නම් ඔහුවත් අධිකරණය ඉදිරියේ වග උත්තරකරැවෙකු කළ හැකියි.
නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා මෙම අදහස් ප්‍රකාශ කළේ රයිට්ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය විසින් තරුණ නීතිඥයින් වෙනුවෙන් සංවිධානය වැඩුමුළුවක ප්‍රධාන දේශණය සිදු කරමිනි. මෙම වැඩසටහන සදහා තරුණ නීතිඥයින් 30කට ආසන්න පිරිසක් සහභාගී වූ අතර, සූම් තාක්ෂණය ඔස්සේ ද තවත් නීතිඥයින් 50කට වැඩි පිරිසක් සහභාගීවී තිබුනි. මෙම වැඩසටහන අද (02) කොළඹ ජනාකී හෝටලයේ දී පැවැත් විය.