ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය හෙට (අගෝස්තු 04) ප්රකාශයට පත් කරන බව ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද නිවේදනය කළේය.
මුදිත පීරිස් පෙන්වා දුන්නේ ලෝක වෙළඳපොලේ ගෑස් මෙට්රික් ටොන් එකක් ඩොලර් 85 කින් වැඩි වී ඇති බවයි.
ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ යාම සැලකිල්ලට ගෙන ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය කරන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.