ටෙක්සාස් වෙඩි තැබීමෙන් සිසුන් 19ක් මරණයට

ටෙක්සාස් ප්‍රාන්තයේ Uvalde හි ප්‍රාථමික පාසලකට අඟහරුවාදා ඇතුල් වූ 18 හැවිරිදි තරුණයෙකු, එම පාසල ඇතුලත දියත් කළවෙඩි ප්‍රහාරයකින් මේ වන විට සිසුන් 19 දෙනෙකු සහ වැඩිහිටියන් දෙදෙනෙකු මිය ගිය බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.

වෙඩි තැබීම සිදුව ඇත්තේ රොබ් නැමති ප්‍රාථමික පාසලේදීය. වෙඩි තැබූ පුද්ගලයා පොලීසිය විසින් හඳුනාගෙන ඇති අතර, ඔහු පොලිස් වෙඩි පහරින් මියගොස් ඇති බව දිස්ත්‍රික් පොලිස් ප්‍රධානී පීට් අරෙඩොන්ඩෝ පැවසයි. එසේම ටෙක්සාස් මහජන ආරක්ෂාවපිළිබඳ දෙපාර්තමේන්තුවේ එරික් එස්ට්‍රාඩා විසින් සැකකරු මියගියේ නීතිය ක්‍රියාත්මක කිරීමේ දී ඇති වූ වෙඩි තැබීමකින් බවතහවුරු කර ඇත.

Social Sharing

නවතම පුවත් විදෙස්