ආගමික සාහිත්‍යට ඉතිහාසයක් ඇත…!

දරුවන් ලෙස ගැහැනු දරුවන් ලැබෙන්නේ බොරු කීමේ විපාකයක් ලෙසට යැයි භික්ෂුවක කරන ප්‍රකාශයක් මේ දිනවල සමාජජාලවල සාකච්ඡාවෙමින් පවතී. මේ සම්බන්ධයෙන් වල්පොළ රාහුල ආයතනය හදාරමින් සිටින අතර ඉදිරියේ දී වඩාත් ශාස්ත්‍රීය වූපිළිතුරක් ඉදිරිපත් කරන්නට අපේක්ෂා කරමු

දැනට අපට පැවසිය හැක්කේ මේ භික්ෂුව ප්‍රකාශකරන අදහස මුල්බුදුසමයේ එන අදහසක් නොවන බවයි.

බෞද්ධ සාහිත්‍යයට ඓතිහාසික වර්ධනයක් ඇති අතර එම ඓතිහාසික වර්ධනය ගැන දැනුමක් නැතිව කටයුතු කරන්නට ගිය විටපාලියෙන් ඇති සියල්ල බුද්ධභාෂිත ලෙස පිලිගැනීම සිදුවෙයි. මේ අවස්ථාවේ සිදුව ඇත්තේ එයයි.    

මුල් බුදුසමය ලෙස සැලකෙන්නෙ සූත්‍ර පිටකයේ දීඝ නිකාය, මජ්ඣිම නිකාය, අංගුත්තර නිකාය, සංයුත්ත නිකාය සහ ඛුද්දකනිකායේ ඇතැම් කොටස්ය. ඛුද්දක නිකායේ ජාතක පාලිය ඇතුළු කොටස් කිහිපයක් මුල් බුදුසමයට අයත් ලෙස සැලකෙන්නේනැත

මුල්බුදුසමයට අයත් අංගුත්තර නිකායේ බොරු කීමෙහි විපාක ලෙස දැක්වෙන්නේ බොරු කියන්නා නිරයගාමී වන බව සහ අභූතචෝදනාවලට ලක්වන බවයි. එයට වැඩි වෙනත් කිසිදු විපාකයක් එහි විස්තර නොවේ

මුල්බුදුසමයේ එන ඉහත කී අදහසෙ පසුකාලීන වර්ධනය මුලින්ම හමුවන්නේ ජාතක පාලියෙහි (චේතිය ජාතකයෙහි) . එයඛුද්දක නිකායට අයත් පසුකාලීන සාහිත්‍යයට අයත් කෘතියකි. එහි බොරුකීමේ විපාක ලෙස ගැහැනු දරුවන් ලබන බව විස්තරවේඑය තව දුරටත් වර්ධනය වීම ජාතක අ‍ටුවාවෙන් (ක්‍රි.. 5 සියවස පමණ සම්පූර්ණ වූ පසුකාලින සාහිත්‍යයකි) දැකියහැකිය.  

 බුද්ධ පරිනිර්වාණයෙන් වසර 1800 කට පමණ පසු එනම් පොළොන්නරු යුගයේ ලියැවුණු උපාසක ජනාලංකාරය නම් කෘතියේ එයතවදුරටත් වර්ධනය කොට, ගොත වීම, අශෝභන දත් ඇති වීම වැනි විපාක දක්වා ඇත

රේරුකානේ චන්දවිමල හිමි විසින් රචිත බෞද්ධයාගේ අත්පොත නම් කෘතියට පාදක කොට ගෙන ඇත්තේ ජාතක අ‍ටුවාව හෝඋපාසක ජනාලංකාරයයි. (එය පරීක්ෂා කිරීමෙන් පසුව ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරමු).   

ආගමික සාහිත්‍යයට ඉතිහාසයක් ඇති බව දැනගැනීමට එය ශාස්ත්‍රීය ලෙස අධ්‍යයනය කිරීම අත්‍යාවශ්‍යය. එබඳු පුහුණුවක් නැතිඅය ධර්ම දේශකයන් වීම නිසා සමාජයට සිදුවන හානිය අති මහත් .

වල්පොළ රාහුල ආයතනය

Social Sharing
නවතම විශේෂාංග