හිටපු ජනාධිපති මා සමඟ පසුපෙළ අසුනක වාඩි වෙයිද? – නාමල්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැතිවරණයෙන් ජයග්‍රහණය කොට පාර්ලිමේන්තු ඇවිත් මා සමග පසුපෙළ අසුනක වාඩි වෙයිද කියා මම දන්නේ නෑ. එතුමා  අගමැති කම ගන්න උත්සාහ කරයි නේද කියා ගම්වල ජනතාව අපෙන් අහනවා. ඔය ප්‍රශ්නය අපෙන් වගේම ශ්‍රී.ල.නි.ප නායකයන් ගෙනුත් මේ රටේ ජනතාව අහනවා ඇතැයි කියා මම විශ්වාස කරනවා යැයි හම්බන්තොට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මාධ්‍ය වේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් පැවසීය. නාමල් රාජපක්ෂ මහතා මේ බැව් පැවසුවේ ඊයේ  (02) දින තංගල්ල පට්ටියපොල පැවති පාක්ෂික හමුවක් අතර තුරදීය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ නාමල් රාජපක්ෂ මහතා මෙසේද කියා සිටියේය. පොලොන්නරුවෙන් තරඟ කරනු ලබන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමෙන්තු මන්ත්‍රී ධූරයක් අරගෙන මමත් එක්ක පාර්ලමේන්තුවේ පසුපෙළ අසුනක වාඩි වෙයිද නැත්නම් ඇමතිකමක් බලා පොරොත්තු වෙයිද එසේ නොමැතිනම් අගමැතිකම බලා පොරොත්තු වෙයිද කියා ජනතාව අහනවා. ඒ ප්‍රශ්නයට  මට දෙන්න උත්තරයක් නෑ. මාධ්‍යවේදී සහෝදරයන් එතුමාගෙන් ඔය ප්‍රශ්නය ගැන අහල එතුමාගෙන් උත්තරයක් ගන්නවානම් වඩාත් සුදුසුයි  කියා මම හිතනවා.

මේ වන විට ශ්‍රී.ල.නි.ප ය හා පොදුජන පෙරමුණ අතර ගැටුම් තිබෙන බවට ඇතමුන් මත පළ කරනවා. අප එකම පක්ෂය තුළ සිටියදීත් ඔය වගේ ප්‍රශ්න මතු වුනා. ඒවා ඒ තරම් ප්‍රශ්න නෙමෙයි.කෙසේ නමුත් පසුගිය කාලය පුරා මහින්ද රාජපක්ෂ අගමැති තුමා සමග සමීපව හිටි අය සමග අපත් සමීපව වැඩ කරනවා. ඒ හැරෙන්නට අපි අතර ගැටුමක් නෑ.

දැන් සමහරුන් අපට චෝදනා කරමින් යනවා එම්.සී.සී. ගිවිසුම මැතිවරණයෙන් පස්සෙ අත්සන් කරන්න අපි හොරගල් අහුලමින් ඉන්නවා කියා. හොරගල් අහුලමින් ඉන්නේ ඔය ගිවිසුම ගෙනා අයයි. ජනතා විමුක්ති පෙරමුනේ අයත් එදා කට වහගෙන ඉදල අද කට අරින්න පටන් ගෙන තිබෙනවා.

පැහැදිලිවම කිව යුතුයි ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මහතා රට ට අහිතකර මොනම ගිවිසුමක්වත් අත්සන් කරන්නේ නැතිබව.

-චන්ද්‍රසේන ගමගේ-

Social Sharing
නවතම