ගත වූ මාස හයට මාධ්‍ය නිදහස සම්බන්ධ ගැටලු 58 ක් – FMM

මෙම වසරේ ගත වූ මාස හයක කාලය තුල මෙරට  මාධ්‍ය සම්බන්ධ සිදුවීම් 58 ක් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වෙත වාර්තා වී ඇතැයි එම ව්‍යාපාරය පවසයි.

2021 වසරේ ජනවාරි මාසයේ සිට ජුනි දක්වා ආරක්ෂාව හා සුරක්ෂිතභාවය සම්බන්ධව සිදුවීම් 24 ක්, නීතිමය කොන්දේසි 29 ක්, මාධ්‍ය ස්වාධීනත්වය සම්බන්ධ සිදුවීම් 01 ක්, මාධ්‍ය නිදහස සම්බන්ධ ප්‍රවණතා සිදුවීම් 01 ක්, ව්‍යුහාත්මක කොන්දේසි 03 ක් වශයෙන් මේ සිදුවීම් 58 වාර්තා වී ඇත.

මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මාසිකව නිරීක්ෂණ වාර්තා ඉදිරිපත් කරනු ලබයි.  මෙහිදී මාධ්‍ය නිදහසට, මාධ්‍යවේදීන්ට, භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතියට එල්ල වූ බලපෑම්, හිරිහැර සම්බන්ධව පුර්ණ නිරීක්ෂණයක් සිදු කරනු ලබයි. ඔවුන් වර්ෂ අවසානයේ මෙය වාර්ෂික වාර්තාවක් ලෙසද එළි දැක්වීමට කටයුතු කරමින් සිටියි.

මෙම වාර්තාවට ජුනි මාසය තුළ මාධ්‍ය නිදහසට බලපෑ සිදුවීම් පිළිබඳ 12 ක් වාර්තා වී ඇත.

මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු සඳහා පහත ලින්කුව භාවිතා කරන්න.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ මාසිකව නිරීක්ෂණ වාර්තාව

 

Social Sharing
නවතම