පෑලියගොඩ පොලිසියේ තවත් මරණයක්!

මෙලෙස මිය ගොස් ඇත්තේ පෑලියගොඩ, ගැමුණු මාවතේ පදිංචි 43 හැවිරිදි දෙදරු මවකි. දෙපිරිසරක් අතර ඇති වූ ආරවුලක් සම්බන්ධයෙන් මොවුන් පොලිසියට කැඳවා මෙම කාන්තාව ඇතුලු පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඇය අසනීප තත්ත්වයෙන් පසු වන කාන්තාවක් බව ඇගේ ඥාතීන් ඒ බව පොලිසියට දන්වා සිටියද ඇයට ප්‍රතිකාර ලබා දීමට හෝ රෝහලකටවත් ගෙන යාමට  පියවර නොගත් නිසා ඇය මිය ගිය බවට ඇගේ ඥාතීන් පෑලියගොඩ පොලිසියට චෝදනා කර සිටියි.

ඇගේ දියණිය පවසන්නේ අත්අඩංගුවේ පසු වු සිය මව පපුව රිදෙනවා කියා කෑ ගැසුවත් පොලිස් නිලධාරීන් එය නොතැකූ බවය. එක්වරම සිය මව බිමට වැටී මිය ගිය බවත් පොලීසිය සිය මවට ප්‍රතිකාර ලබා දුන්නා නම් මෙවන් තත්ත්වයක් ඇති නොවන බවය.

2017 වසරේදී පෑලියගොඩ පොලීසිය මගින් අත්අඩංගුවටගත් පුද්ගලයෙකු මියයාමේ සිද්ධියකට අදාලව ඔහුගේ බිරිඳට රුපියල් ලක්ෂ 10ක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය රජයට නියෝගකර  තිබුනේද මීට  පෙර දිනයේය.

-ශානි-

Social Sharing
නවතම