තවත් ආයතන දෙකකට හිටපු හමුදා ප්‍රධානීන්?

නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයට අයත් නාගරික සංවර්ධන අධිකාරියේ (UDA ) වත්මන් සභාපති වන්නේ ගෘහ නිර්මාණ ශිල්පී යූ.ඩී. හර්ෂාන් ද සිල්වාය. ඔහුව එම තනතුරින් ඉවත් කර මේජර් ජනරාල් (විශ්‍රමික) උදය නානායක්කාර නාගරික සංවර්ධන අධිකාරියේ (UDA ) සභාපති ධුරයට පත්කිරීමට මේ වන විට සැලසුමක් ක්‍රියත්මක වෙමින් ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පවරන ඇතැම් රාජකාරි කටයුතු කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක නොකරන බවට හර්ෂාන් ද සිල්වාට මේ වන යිට නඟා ඇති චෝදනාවය. ඒ අනුව එම තනතුරින් ඔහුව ඉවත් කිරිමට කටයුතු කරමින් සිටින බව පැවසේ.

මේජර් ජනරාල් (විශ්‍රමික) උදය නානායක්කාර මේවනවිට නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කරනු ලබයි.

මේ අතර  ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවටද පහුගිය 09 දා අභිනව සාමාන්‍යාධිකාරීවරයෙකු පත් කර තිබුණි.

ඒ මේජර් ජෙනරාල් නිශාන්ත වන්නිආරච්චි මහතාවය.

වන්නි සටනේ කාර්ය සාධක බළකායට අණදුන් මේජර් ජෙනරාල් නිශාන්ත වන්නිආරච්චිය.  ඔහු කාලතුවක්කු රෙජිමේන්තු නිලධාරියෙකි.

එසේම පහුගියදා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා ලෙස පත් කෙරුණේද හිටපු හමුදා ප්‍රධානියෙකි.

ඒ විශ‍්‍රාමික මේජර්  ජනරාල් මහින්ද හතුරුසිංහ මහතාවය.

ඒ අනුව මේ වන විට ආයතන රැසක මුලසුන දරන්නේ හිටපු හමුදා ප්‍රධානීන්ය.

ඒ හා සබැඳි පුවත් – https://www.aithiya.lk/9632/army-officer-to-the-post-of-chairman-of-the-bureau-of-foreign-employment/

-ශානි-

Social Sharing
නවතම