පොලීසියේ ලිංගික හිංසනයන් ඉහළට!

ගාල්ල, නෙළුව ‌පොලිස් ස්ථානය තුලදී බාල වයස්කාර දැරියක්ව එහි සිටි පොලිස් කොස්තාපත්වරයෙකු විසින්  සිප ගත් බවට  එම දැරියගේ මව විසින් චෝදනා කර තිබුණි.

ඇයගේ චෝදනා කිරීම, පැමිණිලි කිරීම හමුවේ මේ වන විට අදාල සැකකාර පොලිස් කොස්තාපල්වරයා සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතවය. ඒ මේ මස 14 වෙනි දින දක්වාය.

නෙළුව පදිංචි 15 හැවිරිදි දැරියක් මෙම සිද්ධියට මුහුණ දී තිබු අතර මේ දිග හැරෙන්නේ ඇයගේ ඒ අමිහිරි කථාවය.

සිය ගමේම පදිංචි 21 හැවිරිදි තරුණයෙකු හා මෙම දැරිය ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇත. ඒ පහුගිය නොවැම්බර් මාසයේ සිටය. ඔහුගේ අතින් පළමුවරට මෙම දැරිය අපයෝජනයට පත්ව ඇති අතර ඊට පසු අවස්ථා ඔහු උදා කරගන්නේ ඇයව ඒ සිදුවීමේ ඡායාරූප හැමෝටම පෙන්වන බවට බය කර තර්ජනය කරමින් බව පැවසේ.

මෙම සිද්ධිය නිසා තරුණයාගේ නිවසේ අයත් දැරියගේ නිවසේ අයත් බහිනබස් වීමක් සිදුව ඇති අතර ඒ අනුව දැරියගේ මව දැරිය සමඟ ඉකුත් 29 දා නෙළුව පොලිස් ස්ථානයට ගොස් ඇත්තේ මේ අතවරය ගැන පැමිණිලි කිරීමටය.

නමුත් ඒ වන විටත් ඇයට විරුද්ධව ඇගේ පෙම්වතා විසින් පැමිණිලි කර තිබුණේ තමන්ට පෙම්වතියගේ පාර්ශවයෙන් අසත්‍ය චෝදනා නගන බව පවසමිනි.

පොලිසීයට ගිය මවටත් මෙම දැරියටත් සවස් වනතුරු රැඳි සිටිමට සිදුව ඇත්තේ පැමිණිල්ල ලියා ගැනීමට කෙනෙකු නැති බව පොලිසිය පැවසීම නිසාය. පසුව කාන්තා පොලිස් නිලධාරීනියක් විසින් පැමිණිල්ල ලියා ගෙන ඇය රාජකාරී නිමවා ගොස් ඇත.

පැමිණිල්ල ලියා අවසන් වන විට අදාල තරුණයාවද පොලිසිය කැඳවා පොලිස් කූඩුවට දමා තිබේ. එසේම මෙම දැරියව වෛද්‍ය පරික්ෂණයක් සඳහා රෝහලට ගෙන යාමට අවශ්‍ය බව පොලිස් නිලධාරීන් පවසා ඇති අතර නමුත් කාන්තා පොලිස් නිලධාරිනියක් නොමැති වීම නිසා ඔවුන්ට රැය පහන් කිරීමට සිදුව ඇත්තේ පොලිසියේ ප්‍රජා පොලිස් ඒ්කකය තුලය.

දැරියත්, මවත් එහි රැඳී සිටි කාලය තුල එක්තරා පොලිස් නිලධාරියෙකු වරින්වර පැමිණ ඔවුන්ගෙන් තොරතුරු විමසා ගොස් ඇති අතර 30 ට පහන් වන විටද පැමිණ ඇත. ඒ අවස්ථාවේ දැරියගේ මවගේ ජංගම දුරකථනයට ඇමතුමක් පැමිණ ඇති අතර පොලිස් නිලධාරියා පවසා ඇත්තේ එළියට ගොස් ඇමතුම ලබා ගන්නා ලෙසටය.

එසේ දැරියගේ මව පිටතට යවා ඔහු දැරිවව සිප ගැනීමට පටන් ගෙන ඇත. නමුත් ඒ අවස්ථාවේම දැරියගේ මව කාමරයට පැමිණ මොකද ඔය කරන්නේ යැයි විමසා ඇත.

මොකුත් නැහැ කියා ඔහු ඉන් පිටත්ව ගියද දැරියගේ මව මේ සම්බන්දව සෙසු පොලිස් නිලධාරීන්ට පැමිණිලි කර තිබේ. ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

මෙම සිද්ධිය නෙළුව ප්‍රදේශයෙන් වාර්තා වන විට පාදුක්ක පොලිසීයෙන්ද අසන්නට ලැබුණේ කාන්තාවකට වදහිංසා සිදු කළ සිදුවීමකි. ඒසේම පොලිස් බස් රථ වලින් ඉන්ධන සොරා ගත් පොලිස් කොස්තාපල් රියදුරන් ගැනද අනාවරණය විය. එකපිට පොලිසියේ විනය වි‌රෝධී ක්‍රියාවන් රැසක් මාධ්‍ය මඟින් හෙළි වීමත් සමඟ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ සම්බන්ධව මාධ්‍යයට ප්‍රකාශයක් සිදු කර සිටියේය.

ඒ විනය විරෝධි ක්‍රියාවන් සිදු කර සිටින නෙළුව පොලිසියේ, වරකාපොල පොලිසියේ නිලධාරීන් මෙන්ම  පොලිස් බස් රථ වලින් ඉන්ධණ සොරකම් කළ රියදුරන් ඇතුලු පොලිස් නිලධාරීන්ගේ සේවය අත්හිටුවා ඇති බවටය. එසේම මෙම නිලධාරින්  අධීක්ෂනය කරන ඉහළ නිලධාරින් සම්බන්ධයෙන්ද පරීක්ෂණ සිදු කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර සිටියි.

-ශානි-

Social Sharing
නවතම