වැලිගම වරාය සේවකයාගේ මරණය අභිරහසක්

පසුගිය මැයි 17 වන දින රාත්‍රියේ දී වැලිගම නගරයේ දී රථවාහන අනතුරක්  හේතුවෙන් මිය ගිය බවට පොලීසිය විසින් පැවසු හතලිස් නම හැවිරිදි සුසිල් ඉන්ද්‍රජිත් නැමති වරාය සේවකයාගේ මරණය සම්බන්ධව නිකුත් වී ඇති  CCTV දර්ශණ හේතුවෙන් මෙම මරණය පිටුපස යම් කිසි අභිරහසක් ඇති බවට සනාථවෙමින් තිබේ.

කොග්ගල යුනිචෙලා නැමති ආයතනයේ සේවය කරන මේ පුද්ගලයාගේ දියණියට කොරෝනා වැලදී ඇති බවට සැලවීම නිසා පසුගිය මැයි 12 වන දා සිට මෙම නිවස හදිසියේ ස්වයං නිරෝධායනයට ලක් කර ඇත. පළාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දුරකතනයෙන් සිදු කළ දැනුම්දීම මත ඔවුන් ස්වේච්ඡාවෙන්ම ස්වයං නිරෝධායනය වී ඇති නමුත් ඒ කාලය තුළ කිසිදු නිළධාරියෙකු නිවස වෙත පැමිණ තිබුනේ නැත.

මේ අතර ඔවුන් සතුව තිබූ ආහාර අවසන් වීම නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගෙන් අවසර ගෙන මෙම තැනැත්තා වැලිගම නගරය වෙත පැමිණ ඇත්තේ නිවසට අවශ්‍ය අහාර ද්‍රව්‍ය කිහිපයක් මිලදී ගැනීම සදහාය.

පසුව නිවසට ලැබුන දුරකතන ඇමතුමකින් ඔහුගේ බිරිදට දැනගන්න ලැබෙන්නේ තම ස්වාමිපුරුෂයා රිය අනතුරකට ලක්ව වැලිගම නගරයේ වැටී සිටින බවයි. මේ සම්බන්ධව වැලිගම පොලීසියෙන් සිදු කරනු ලැබු සොයා බැලීමේ දී CCTV දර්ශණයක් පෙන්නා ප්‍රකාශ කර ඇත්තේ බස්රථයකට යටවීමෙන් මෙම තැනැත්තා මිය ගොස් ඇති බවයි.

නමුත්, ඉන් පසුව නිකුත් වූ CCTV දර්ශණ අනුව පෙනී යන්නේ රිය අනතුරට පෙර කිසියම් පුද්ගලයෙකු විසින් මේ තැනැත්තාට පහර දෙන බවත්, ඒම ස්ථානයේ වැලිගම පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකු පොලිස් යතුරුපැදිය නැගී ඒ දෙස බලා සිටින අයුරුය. ඒම පහරදීමේන් මෙම තැනැත්තා ඇදගෙන වැටීමෙන් පසුව අදාල පහරදුන් තැනැත්තාත් පොලිස් නිළධාරීන් දෙදෙනාත් ඒම ස්ථානයෙන් වහා පිටව යන අයුරැ ඉතා පැහැදිලිව සටහන් වී තිබේ.

ඒම දර්ශන නිකුත්වීමෙන් පසුව අදල පොලිස් නිළධාරීන් දෙදෙනාගේ වැඩ තහනමට ලක්වී ඇති බවත් වාර්තා වේ. ඒමෙන්ම, මාතර මහ රෝහලේ දී සිදුකෙරුණු පරීක්ෂණයේ දී මරණකරැට කොරෝනා රෝගය වැලදී ඇති බව ද වාර්තා වේ.

මේ සිද්ධිදාමය සම්පුර්ණයෙන්ම සැක සහිත බවත්, මෙහි කිසියම් අභිරහසක් ඇති බවත්, මේ පිළිබදව සම්පුර්ණ CCTV දර්ශණ ඉදිරිපත් කරන ලෙසත් ඔහුගේ බිරිද ඇතුලු පවුලේ අය ඉල්ලා සිටී.

මේ අතර ඇය විසින් පොලිස්පති සහන මැදිරිය වෙත මේ සම්බන්ධව පැමිණිල්ලක් සිදුකර තිබේ. ඒමෙන්ම, මාතර මහේස්ත්‍රාත්වරයාගෙන් මේ මරණය සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කරන ලෙසද ඉල්ලා තිබේ. ඒ අනුව මහේස්ත්‍රාත්වරයා විසින් මරණය භුමිදානය සිදු කරන ලෙස නියෝග කර ඇති අතර, මරණ පරීක්ෂණය සදහා දේහය කොළඹ IDH රෝහල වෙත මාරුකර යවා තිබේ. මරණ පරීක්ෂණයෙන් පසුව දේහය මඩකලපුවේ පිහිටි කෝවිඩ් වැලදී මිය ගිය දේහයන් තැන්පත් කරන සුසාන භුමියේ දී මිහිදන් කිරීමට නියමිතව තිබේ.

මෙම සිදුවීම මාධ්‍ය කිහිපයක වාර්තා වූ අයුරු… CCTV දර්ශන සහිතයි!

 

Social Sharing
නවතම