ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ “ෆේල්” වෙයිද? – සුනන්ද දේශප්‍රිය ජිනීවා සිට

මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව ගැන යෝජනාව තියෙද්දිත් ශ්‍රී ලංකාව මේ වන විට අරන් යන විදේශ ප්‍රතිපත්තිය දෙස බැලු විට පෙනී යන්නේ මිතුරන් නැති කර ගැනීමක් දෝ කියා සිතෙන බව මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය මහතා පවසයි.

ඔහු මේ බව පැවසුයේ ඉදිරියේ ජිනීවා හී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලිය පිලිබඳ ලංකාවේ තත්ත්වය ගැන පැහැදිලි කරමිනි.

ශ්‍රී ලංකාව පිලිබඳ යෝජනාව මානව හිමිකම් කවුන්සිලයේ විවාදයට ලක් කීරීමට හා ඡන්දය දීමට ඇත්තේ තවත් දින හතක වැනි කාලයක් බවත් මේ වන විට යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා වට 4 ක් පවත්වා අවසාන බවත් ඔහු පවසයි.

මේ සාකච්ඡාවේදී ශ්‍රි ලංකා තානාපතිවරයා ඉතා දෘඩ ස්ථාවරයක් ගත් අතර ඔහු පවසා සිටියේ මෙය බටහිර කුමන්ත්‍රණයක් බවය. ඔහු කෙලින්ම ප්‍රහාර එල්ලකර සිටියේ ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, ජපානය, ඔස්ට්‍රේලියාව යන රටවල් හතර විසින් පිහිටුවාගෙන ඇති එකතුවට බවත්  මේ හරහා තමා සියල්ල සිදු වන්නේ බවට චෝදනා කරමින් ඔහු ලොකු ප්‍රහාරයක් එල්ල කළ බව පෙනී ගියායැයිද පවසයි.

උතුරු කොරියාව සමඟ දකුණු කොරියාව විශාල ගැටුමක සිටින අතර උතුරු කොරියාව ඒකාධිපති ආණ්ඩුවක් පවත්වාගෙන යන බව සියලු දෙනා දන්නා කරුණක් වුවත් මානව හිමිකම් කවුන්සිලයේදී උතුරු කොරියාව සම්බන්ධයෙන් යෝජනාව ගෙන එද්දී ශ්‍රී ලංකා ආණ්ඩුවේ ආකල්පය / ප්‍රතිචාරය ප්‍රහාරාත්මක වුවත් එය මිතුරන් ඇති කර ගැනීමට ගත් උත්සහයක් සේ පෙනී ගිය බවද සුනන්ද දේශප්‍රිය මහතා පවසයි.

වැඩිදුරටත් මේ පිලිබඳ අදහස් දක්වන ඔහු….

Social Sharing
නවතම